දාවිත් රචනා කරපු ප්‍රශංසා ගීයක්.
א [ආලෙෆ්]
145 මගේ දෙවියනි, මගේ රජ්ජුරුවනි, මම ඔබට ප්‍රශංසා කරනවා.+
ඔබේ නමට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසා කරනවා.+
ב [බේත්]
2 දවස පුරාම මම ඔබට ප්‍රශංසා කරනවා.+
සදාකාලයෙන් සදාකාලයට ඔබේ නමට ප්‍රශංසා කරනවා.+
ג [ගීමෙල්]
3 යෙහෝවා ශ්‍රේෂ්ඨයි. ඔහු හැම අතින්ම ප්‍රශංසාව ලබන්න වටිනවා.+
ඔහු මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා තේරුම්ගන්න පුළුවන් කාටද!+
ד [දාලෙත්]
4 හැම පරම්පරාවකම අය ඔබේ ක්‍රියා ගැන ඔබට ප්‍රශංසා කරයි.
ඔබ කරන බලවත් දේවල් ගැන ඔවුන් කතා කරයි.+
ה [හේ]
5 ඔබේ බලය සහ තේජස ගැන ඔවුන් දැනුම් දෙයි.+
ඔබේ පුදුමාකාර ක්‍රියා ගැන මම ගැඹුරින් කල්පනා කරනවා.
ו [වාව්]
6 ඔබ කරලා තියෙන පුදුම දනවන දේවල් ගැන ඔවුන් හැමෝටම කියයි.
ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා මම ප්‍රකාශ කරනවා.
ז [ෂායින්]
7 ඔබේ හැම යහපත් ක්‍රියාවක් ගැනම මතක් වෙද්දී
ඔවුන් සතුටින් ඒ ගැන කතා කරයි.+
ඔබේ ධර්මිෂ්ඨකම නිසා ඔවුන් ප්‍රීති ඝෝෂා නඟයි.+
ח [හෙත්]
8 යෙහෝවා අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.+
ඔහු ඉක්මනින් කේන්ති ගන්නේ නැති, නොසැලෙන ආදරයෙන් පිරුණු දෙවි කෙනෙක්.+
ט [ටේත්]
9 යෙහෝවා පණ ඇති හැමෝටම යහපත කරනවා.+
ඔහු කරපු හැම දේකින්ම ඔහුගේ දයාව පේන්න තියෙනවා.
י [යෝද්]
10 යෙහෝවා දෙවියනි, ඔබේ හැම නිර්මාණයක්ම ඔබව පසසයි.+
ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ඔබට ප්‍රශංසා කරයි.+
כ [කෆ්]
11 ඔබේ රාජ්‍යය මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා ඔවුන් දැනුම් දෙයි.+
ඔබේ මහත් බලය ගැන ඔවුන් කතා කරයි.+
ל [ලාමෙද්]
12 ඔවුන් එහෙම කරන්නේ ඔබේ බලවත් ක්‍රියා ගැනත්+
ඔබේ රාජ්‍යයේ තේජස ගැනත්+ හැම කෙනෙක්ටම දන්වන්නයි.
מ [මෙම්]
13 ඔබේ රජකම සදහටම පවතිනවා.
ඔබේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා.+
ס [සාමෙක්]
14 වැටෙන්න යන හැමෝටම යෙහෝවා උදව් කරනවා.+
කලකිරිලා ඉන්න අයට නැඟිටින්න ඔහු අත දෙනවා.+
ע [ආයින්]
15 හැම ජීවියෙක්ම ඔබ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබ නියම වෙලාවට ඔවුන්ට කෑම ලබා දෙනවා.+
פ [පේ]
16 ඔබේ අත දිගහැරලා
පණ ඇති සියල්ලන්ගේ ආශාව ඔබ තෘප්තිමත් කරනවා.+
צ [ට්සාධේ]
17 යෙහෝවා කරන කියන හැම දේම ධර්මිෂ්ඨයි.+
ඔහු කරන හැම දේකින්ම ඔහුගේ විශ්වාසවන්තකම දකින්න ලැබෙනවා.+
ק [කෝෆ්]
18 යෙහෝවා ඔහුට හඬගසන හැමෝටම සමීපව ඉන්නවා.+
අවංකකමින් ඔහුට හඬගසන හැමෝටම ඔහු ළං වෙලා ඉන්නවා.+
ר [රේෂ්]
19 ඔහුට ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉටු කරනවා.+
උදව් ඉල්ලලා ඔවුන් කන්නලව් කරද්දී ඔහු ඔවුන්ව බේරගන්නවා.+
ש [ෂින්]
20 යෙහෝවා ඔහුට ආදරේ කරන හැමෝවම ආරක්ෂා කරනවා.+
ඒත් දුෂ්ටයන්ව ඔහු නැත්තටම නැති කරනවා.+
ת [ටාව්]
21 මගේ මුවින් මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.+
පණ ඇති සියල්ලන් ඔහුගේ ශුද්ධ නමට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරනු ලැබේවා!+