ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • ෂෙලොපෙහාද්ගේ දුවලා (1-11)

      • මෝසෙස්ට පස්සේ යොෂුවාව පත් කරයි (12-23)

ගණන් කතාව 27:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:33

ගණන් කතාව 27:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:25, 26

ගණන් කතාව 27:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:35; 16:1, 2, 19, 35

ගණන් කතාව 27:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:15, 16; 33:11; ලෙවී 24:11, 12

ගණන් කතාව 27:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 36:2; යොෂු 17:3, 4

ගණන් කතාව 27:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:47; ද්වි 32:48, 49
  • +උත් 13:14, 15; ද්වි 3:27; 32:52; 34:1

ගණන් කතාව 27:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:24, 28; 33:38; ද්වි 10:6; 32:50
  • +ගණන් 31:2; ද්වි 34:7

ගණන් කතාව 27:14

පාදසටහන්

  • *

    මූ.අ., “ශුද්ධ තැනැත්තා විදිහට මට ගෞරවය දුන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:1
  • +ද්වි 1:2
  • +ගීතා 106:32, 33
  • +ගණන් 20:10, 12; ද්වි 1:37

ගණන් කතාව 27:16

පාදසටහන්

  • *

    මූ.අ., “හැම ජීවියෙක්ටම ජීවන හුස්ම දෙන්නේ ඔයායි.”

ගණන් කතාව 27:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 34:9; ක්‍රියා 6:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2002, 12 පි.

ගණන් කතාව 27:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:7

ගණන් කතාව 27:20

පාදසටහන්

  • *

    හෝ, “ගෞරවයෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:38; 31:3; 34:10
  • +යොෂු 1:17

ගණන් කතාව 27:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:30; 1සාමු 23:9; 28:6; නෙහෙ 7:65

ගණන් කතාව 27:23

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 27:18
  • +ද්වි 3:28; 31:14, 23

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 27:1ගණන් 26:33
ගණන්. 27:2නික් 18:25, 26
ගණන්. 27:3ගණන් 14:35; 16:1, 2, 19, 35
ගණන්. 27:5නික් 18:15, 16; 33:11; ලෙවී 24:11, 12
ගණන්. 27:7ගණන් 36:2; යොෂු 17:3, 4
ගණන්. 27:12ගණන් 33:47; ද්වි 32:48, 49
ගණන්. 27:12උත් 13:14, 15; ද්වි 3:27; 32:52; 34:1
ගණන්. 27:13ගණන් 20:24, 28; 33:38; ද්වි 10:6; 32:50
ගණන්. 27:13ගණන් 31:2; ද්වි 34:7
ගණන්. 27:14යොෂු 15:1
ගණන්. 27:14ද්වි 1:2
ගණන්. 27:14ගීතා 106:32, 33
ගණන්. 27:14ගණන් 20:10, 12; ද්වි 1:37
ගණන්. 27:18ද්වි 34:9; ක්‍රියා 6:5, 6
ගණන්. 27:19ද්වි 31:7
ගණන්. 27:20ද්වි 1:38; 31:3; 34:10
ගණන්. 27:20යොෂු 1:17
ගණන්. 27:21නික් 28:30; 1සාමු 23:9; 28:6; නෙහෙ 7:65
ගණන්. 27:23ගණන් 27:18
ගණන්. 27:23ද්වි 3:28; 31:14, 23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 27:1-23

ගණන් කතාව

27 ෂෙලොපෙහාද්+ යෝසෙප්ගේ පුතා වන මනස්සේගේ පවුලේ කෙනෙක්. එයාගේ තාත්තා හේෆෙර්. හේෆෙර්ගේ තාත්තා ගිලියද්. ගිලියද්ගේ තාත්තා මාකීර්. මාකීර්ගේ තාත්තා මනස්සේ. මනස්සේගේ තාත්තා යෝසෙප්. ෂෙලොපෙහාද්ගේ දූවරුන්ගේ නම් මේවායි. මාලාහ්, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ෂා. 2 දවසක් ඒ දුවලා පස්දෙනා හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ආවා. එයාලා මෝසෙස්, පූජක එලියාසර්, අධිපතීන්+ සහ මුළු සෙනඟ ඉස්සරහට ඇවිත් මෙහෙම කිව්වා. 3 “අපේ තාත්තා පාළුකරයේදී මැරුණා. එයා මැරුණේ යෙහෝවාට විරුද්ධව කැරලිගහපු කෝරාගේ+ සෙනඟට එකතු වුණ නිසා නෙමෙයි. එයාගෙම වැරදි නිසයි එයා මැරුණේ. අපේ තාත්තාට පුතාලා නැහැ. 4 එයාට පුතාලා නැහැ කියලා එයාගේ පෙළපතෙන් එයාගේ නම අයින් කරන්න එපා. තාත්තාගේ සහෝදරයන්ට උරුමයක් දෙනවා වගේ අපිටත් උරුමයක් දෙන්න.” 5 ඉතින් මෝසෙස් එයාලා කරපු ඉල්ලීම ගැන යෙහෝවාට කිව්වා.+

6 එතකොට යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. 7 “ෂෙලොපෙහාද්ගේ දුවලාගේ ඉල්ලීම සාධාරණයි. එයාලාගේ තාත්තාගේ සහෝදරයන්ට උරුමයක් දෙද්දී එයාලටත් අනිවාර්යයෙන්ම උරුමයක් දෙන්න ඕනේ. තාත්තාගේ උරුමය එයාලට දෙන්න.+ 8 ඔයා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කියන්න. ‘කෙනෙක්ට පුතාලා නැත්නම් එයා මැරුණාට පස්සේ එයාගේ උරුමය එයාගේ දුවලට දිය යුතුයි. 9 එයාට දුවෙක්වත් නැත්නම් ඒ උරුමය දෙන්න ඕනෙ එයාගේ සහෝදරයන්ට. 10 එයාට සහෝදරයොත් නැත්නම් ඒ උරුමය එයාගේ තාත්තාගේ සහෝදරයන්ට දිය යුතුයි. 11 එයාගේ තාත්තාටත් සහෝදරයන් නැත්නම් ඒ උරුමය දෙන්න ඕනෙ එයාගේ ළඟම ලේ නෑයෙකුටයි. එතකොට ඒ කෙනාට ඒ උරුමය අයිති වෙනවා. යෙහෝවා වන මං ගත්ත ඒ තීරණය මෝසෙස් මාර්ගයෙන් ඔයාලට දැනුම් දෙනවා. ඒක ඊශ්‍රායෙල්වරුන්ට මං දෙන නියෝගයක්.’”

12 ඊටපස්සේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා මේ ළඟ තියෙන අබරිම්+ කන්ද උඩට යන්න. මං ඊශ්‍රායෙල්වරුන්ට දෙන්න යන දේශය ඔයාට එතන ඉඳන් බලාගන්න පුළුවන්.+ 13 ඊටපස්සේ ඔයාගේ සහෝදරයා වන ආරොන්+ සහ ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාත් මිය යනවා.+ 14 මොකද ඔයායි, ආරොනුයි මං කියපු දේ කරන්නේ නැතුව මට විරුද්ධව කැරලිගැහුවා. ෂින්+ පාළුකරයේ කාදෙෂ්වලදී+ මෙරිබා+ දිය පහර ළඟ සෙනඟ මට දොස් කියපු වෙලාවේ සෙනඟ ඉස්සරහා ඔයාලා මාව ගෞරවයට පත් කළේ නැහැ.”*+

15 එතකොට මෝසෙස් යෙහෝවාට මෙහෙම කිව්වා. 16 “යෙහෝවා දෙවියනි, හැම කෙනෙක්ටම ජීවිතය දෙන්නේ ඔයායි.* ඉතින් මේ සෙනඟව බලාගන්න ඔයා කාව හරි පත් කරන්න. 17 හැම කාරණාවකදීම එයාලට මඟ පෙන්නන්න පුළුවන් කෙනෙක්ව පත් කරන්න. යෙහෝවා දෙවියනි, එහෙම කළේ නැත්නම් ඔයාගේ සෙනඟ එඬේරෙක් නැති බැටළුවන් වගේ වෙයි.” 18 එතකොට යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “නූන්ගේ පුතා වන යොෂුවාට ඔයා ළඟට එන්න කියන්න. එයා වගකීම් දරන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක්. ඔයාගේ අත එයා පිට තියන්න.+ 19 පූජක එලියාසර් සහ ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහට එයාව එක්කන් යන්න. ඒ හැමෝටම පේන්න එයාව නායකයා විදිහට පත් කරන්න.+ 20 ඔයාට තියෙන අධිකාරියෙන්* කොටසක් එයාට දෙන්න.+ එතකොට මුළු සෙනඟම එයාට කීකරු වෙයි.+ 21 යම් කාරණයක් ගැන යෙහෝවා වන මගේ තීරණය දැනගන්න ඕනෙ වුණාම යොෂුවා පූජක එලියාසර් ඉස්සරහට යා යුතුයි. එලියාසර් ඌරීම්+ පාවිච්චි කරලා ඒ කාරණය ගැන මං දෙන තීරණය දැනගෙන ඒක දන්වන්න ඕනේ. ඊටපස්සේ යොෂුවාත් මුළු ඊශ්‍රායෙල් සෙනඟත් ඒ තීරණයට එකඟව වැඩ කළ යුතුයි.”

22 යෙහෝවා දෙවියන් කියපු විදිහටම මෝසෙස් කළා. එයා පූජක එලියාසර් සහ මුළු සෙනඟ ඉස්සරහට යොෂුවාට එන්න කියලා 23 එයා මත අත තිබ්බා. ඒ විදිහට එයා යොෂුවාව සෙනඟගේ නායකයා විදිහට පත් කළා.+ යෙහෝවා කියපු විදිහටම මෝසෙස් කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න