ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 118
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ජය අත් කරගත්ත යෙහෝවාට ස්තුති කරයි

        • ‘මම යාහ්ට කතා කළා. ඔහු මට සවන් දුන්නා’ (5)

        • “යෙහෝවා මගේ පැත්තේ” (6, 7)

        • ඉවතට දාපු ගල ප්‍රධාන ගල වෙයි (22)

        • “යෙහෝවාගේ නමින් එන තැනැත්තා” (26)

ගීතාවලිය 118:1

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරේ.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 19:17

ගීතාවලිය 118:5

පාදසටහන්

  • *

    “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

  • *

    හෝ, “හොඳට ඉඩ තියෙන තැනකට.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1993, 23-24 පි.

ගීතාවලිය 118:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1
  • +යෙසා 51:12; රෝම 8:31; හෙබ්‍රෙ 13:6

ගීතාවලිය 118:7

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “යෙහෝවා මට උදව් කරන අය අතරේ ඉන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:52, 53
  • +ගීතා 54:7

ගීතාවලිය 118:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:4; 146:3, 4; යෙරෙ 17:5

ගීතාවලිය 118:9

හරස් යොමු දැක්වීම්

  • +එස 29:6, 7

ගීතාවලිය 118:10

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:15, 17

ගීතාවලිය 118:12

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 14:11

ගීතාවලිය 118:13

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔබ.”

ගීතාවලිය 118:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:2; ගීතා 18:2; යෙසා 12:2

ගීතාවලිය 118:15

පාදසටහන්

  • *

    හෝ, “ජය අත් කරගත්ත.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:13; යෙසා 63:12

ගීතාවලිය 118:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:6; යෙසා 40:26

ගීතාවලිය 118:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:5; 71:17

ගීතාවලිය 118:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 66:10; 94:12
  • +ගීතා 16:10

ගීතාවලිය 118:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:2; එළි 22:14

ගීතාවලිය 118:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 24:3, 4

ගීතාවලිය 118:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 116:1

ගීතාවලිය 118:22

පාදසටහන්

  • *

    මූ.අ., “ඉහළින්ම තියෙන ප්‍රධාන ගල.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 28:16; ලූක් 20:17; ක්‍රියා 4:11; 1කොරි 3:11; එෆී 2:19, 20; 1පේතෘ 2:4-7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    6/2018, 32 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2017, 9-10 පි.

    මාර්ගය යේසුස්, 246-247 පි.

    මුරටැඹ,

    8/15/2011, 12-13 පි.

    7/15/2000, 14 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 20 පි.

ගීතාවලිය 118:23

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:31
  • +මාක් 12:10, 11

ගීතාවලිය 118:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2017, 9 පි.

ගීතාවලිය 118:26

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 21:7-9; 23:39; මාක් 11:7-10; ලූක් 19:37, 38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    12/2017, 9 පි.

    මාර්ගය යේසුස්, 254 පි.

ගීතාවලිය 118:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:28; 1පේතෘ 2:9
  • +ලෙවී 23:34; ගීතා 42:4
  • +නික් 27:2

ගීතාවලිය 118:28

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:2; යෙසා 25:1

ගීතාවලිය 118:29

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:23
  • +එස්රා 3:11; ගීතා 118:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2002, 13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 118:1මතෙ 19:17
ගීතා. 118:5ගීතා 18:19
ගීතා. 118:6ගීතා 27:1
ගීතා. 118:6යෙසා 51:12; රෝම 8:31; හෙබ්‍රෙ 13:6
ගීතා. 118:7මතෙ 26:52, 53
ගීතා. 118:7ගීතා 54:7
ගීතා. 118:8ගීතා 40:4; 146:3, 4; යෙරෙ 17:5
ගීතා. 118:9එස 29:6, 7
ගීතා. 118:102ලේක 20:15, 17
ගීතා. 118:122ලේක 14:11
ගීතා. 118:14නික් 15:2; ගීතා 18:2; යෙසා 12:2
ගීතා. 118:15ගීතා 89:13; යෙසා 63:12
ගීතා. 118:16නික් 15:6; යෙසා 40:26
ගීතා. 118:17ගීතා 6:5; 71:17
ගීතා. 118:18ගීතා 66:10; 94:12
ගීතා. 118:18ගීතා 16:10
ගීතා. 118:19යෙසා 26:2; එළි 22:14
ගීතා. 118:20ගීතා 24:3, 4
ගීතා. 118:21ගීතා 116:1
ගීතා. 118:22යෙසා 28:16; ලූක් 20:17; ක්‍රියා 4:11; 1කොරි 3:11; එෆී 2:19, 20; 1පේතෘ 2:4-7
ගීතා. 118:23ක්‍රියා 5:31
ගීතා. 118:23මාක් 12:10, 11
ගීතා. 118:26මතෙ 21:7-9; 23:39; මාක් 11:7-10; ලූක් 19:37, 38
ගීතා. 118:27ගීතා 18:28; 1පේතෘ 2:9
ගීතා. 118:27ලෙවී 23:34; ගීතා 42:4
ගීතා. 118:27නික් 27:2
ගීතා. 118:28නික් 15:2; යෙසා 25:1
ගීතා. 118:29ගීතා 50:23
ගීතා. 118:29එස්රා 3:11; ගීතා 118:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 118:1-29

ගීතාවලිය

118 යෙහෝවාට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+

ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

 2 ඊශ්‍රායෙල්, මෙහෙම කියන්න.

“ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”

 3 ආරොන්ගෙන් පැවතෙන්නෙනි, මෙහෙම කියන්න.

“ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”

 4 යෙහෝවාට ගරුබිය දක්වන සෙනඟෙනි, මෙහෙම කියන්න.

“ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”

 5 මම දුකෙන් ඉද්දී යාහ්ට* කතා කළා.

යාහ් මට සවන් දීලා මාව ආරක්ෂිත තැනකට* ගෙනාවා.+

 6 යෙහෝවා මගේ පැත්තේ ඉන්න නිසා මම කිසිම දේකට බය වෙන්නේ නැහැ.+

මිනිසුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?+

 7 යෙහෝවා මගේ පැත්තේ ඉඳන් මට උදව් කරන්න බලාගෙන ඉන්නවා.*+

මට වෛර කරන අය වැටෙද්දී මම ඒක ඇස් දෙකෙන්ම දකිනවා.+

 8 මිනිසුන් ගැන විශ්වාසය තියනවාට වඩා

යෙහෝවාගෙන් ආරක්ෂාව පතන එක හොඳයි.+

 9 අධිපතීන් ගැන විශ්වාසය තියනවාට වඩා

යෙහෝවාගෙන් ආරක්ෂාව පතන එක හොඳයි.+

10 සියලු ජාතීන් මාව වට කළා.

ඒත් මම යෙහෝවාගේ නම ගැන විශ්වාසය තියලා ඔවුන්ව පරාජය කළා.+

11 ඔවුන් මාව වට කළා. හතර වටෙන්ම මාව වට කරගත්තා.

ඒත් මම යෙහෝවාගේ නම ගැන විශ්වාසය තියලා ඔවුන්ව පරාජය කළා.

12 මීමැසි රංචුවක් වගේ ඔවුන් මාව වට කරගත්තා.

ඒත් කටු පඳුරු ගින්නට පිච්චිලා යනවා වගේ ඔවුන් ඉක්මනින්ම විනාශ වෙලා ගියා.

මම යෙහෝවාගේ නම ගැන විශ්වාසය තියලා ඔවුන්ව පරාජය කළා.+

13 මාව වට්ටලා දාන්න හිතාගෙන ඔවුන්* මාව තල්ලු කළා.

ඒත් යෙහෝවා මට උදව් කළා.

14 යාහ් මගේ රැකවරණයයි. මගේ ශක්තියයි.

මගේ ගැලවුම්කරුත් ඔහුයි.+

15 ගැලවීම ලබාගත්ත* අයගේ ප්‍රීති ඝෝෂා හඬ

ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලින් ඇහෙනවා.

මොකද යෙහෝවා තමන්ගේ දකුණතින් බලවත් දේවල් කරලා තියෙනවා.+

16 යෙහෝවා ජය අත් කරගෙන තම දකුණත ඉහළට ඔසවනවා.

යෙහෝවා තමන්ගේ දකුණතින් බලවත් දේවල් කරනවා.+

17 මං මැරෙන්නේ නැහැ.

යාහ් කරන දේවල් ගැන කියන්න මම දිගටම ජීවත් වෙනවා.+

18 යාහ් මට තදින් හික්මවීමක් දුන්නා.+

ඒත් ඔහු මට මැරෙන්න ඉඩ දුන්නේ නැහැ.+

19 ධර්මිෂ්ඨකමේ දොරටු මට විවෘත කරලා දෙන්න.+

මම එතනින් ඇතුල් වෙලා යාහ්ට ප්‍රශංසා කරන්නම්.

20 ඒ දොරටුව අයිති යෙහෝවාටයි.

ධර්මිෂ්ඨයන් ඒ දොරටුවෙන් ඇතුල් වෙයි.+

21 දෙවියනි, ඔබ මට උත්තර දීලා මාව ගලවගත්ත නිසා

මම ඔබට ප්‍රශංසා කරනවා.+

22 ඉදි කරන්නන් ඉවතට දාපු ගල

දැන් ප්‍රධාන ගල* වෙලා!+

23 ඒ දේ කළේ යෙහෝවායි.+

ඒක අපේ ඇස්වලට අදහාගන්න බැරි පුදුම දෙයක්!+

24 මේ දවස උදා කළේ යෙහෝවා දෙවියන්.

ඒ නිසා අද අපි සතුටින් ප්‍රීති ඝෝෂා නඟනවා!

25 අනේ යෙහෝවා, අපිව බේරගන්න.

යෙහෝවා දෙවියනි, අපිට ජය අත් කරලා දෙන්න.

26 යෙහෝවාගේ නමින් එන තැනැත්තා හුඟක් ආශීර්වාද ලත් කෙනෙක්.+

යෙහෝවාගේ ගෘහයේ ඉඳන් අපි ඔබට ආශීර්වාද කරනවා.

27 අපේ දෙවියන් යෙහෝවායි.

අපිට ආලෝකය දෙන්නේ ඔහුයි.+

කොළ අතු අතට අරන් උත්සවයට යන පෙරහැරට එකතු වෙන්න.+

අං සවි කරලා තියෙන පූජාසනය දක්වාම යන්න.+

28 ඔබයි මගේ දෙවියන්. මම ඔබට ප්‍රශංසා කරනවා.

මගේ දෙවියනි, මම ඔබව ගෞරවයට පත් කරනවා.+

29 යෙහෝවාට ස්තුති කරන්න.+ මොකද ඔහු යහපත්.

ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න