ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 35
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • සතුරන්ගෙන් බේරගන්න කියලා කරන යාච්ඤාවක්

        • සතුරන්ව එළවලා දානවා (5)

        • මහ සෙනඟක් අතරේ දෙවියන්ට ප්‍රශංසා කරන්න (18)

        • කිසිම හේතුවක් නැතුව මට වෛර කරන අය (19)

ගීතාවලිය 35:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:15
  • +ගීතා 3:7

ගීතාවලිය 35:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:3
  • +යෙසා 42:13

ගීතාවලිය 35:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:26
  • +යෙසා 12:2

ගීතාවලිය 35:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:18

ගීතාවලිය 35:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:19, 20; යෙසා 37:36

ගීතාවලිය 35:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 57:6; 141:10

ගීතාවලිය 35:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:17
  • +ගීතා 40:17; හිතෝ 22:22, 23

ගීතාවලිය 35:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:12; මතෙ 26:59

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    8/15/2011, 14 පි.

ගීතාවලිය 35:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:4, 5; 20:33; යෙරෙ 18:20

ගීතාවලිය 35:15

පාදසටහන්

  • *

    හෝ, “මගේ චරිතය ඝාතනය කළා.”

ගීතාවලිය 35:16

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කෑම ටිකක් ලබාගන්න අදහසින් මට සමච්චල් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:12

ගීතාවලිය 35:17

පාදසටහන්

  • *

    හෝ, “කේශර සිංහයන්ගෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +හබ 1:13
  • +ගීතා 142:6
  • +ගීතා 22:20; 57:4

ගීතාවලිය 35:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:22

ගීතාවලිය 35:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:4; යොහ 15:24, 25
  • +හිතෝ 6:12, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 20 පි.

ගීතාවලිය 35:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:13; යෙරෙ 11:19; මතෙ 26:4

ගීතාවලිය 35:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:1
  • +ගීතා 10:1; 71:12

ගීතාවලිය 35:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 26:1; 96:13

ගීතාවලිය 35:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:1, 2

ගීතාවලිය 35:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 84:11; 149:4

ගීතාවලිය 35:28

පාදසටහන්

  • *

    හෝ, “ගැඹුරින් කල්පනා කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:14
  • +ගීතා 71:24

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 35:11සාමු 24:15
ගීතා. 35:1ගීතා 3:7
ගීතා. 35:2නික් 15:3
ගීතා. 35:2යෙසා 42:13
ගීතා. 35:31සාමු 23:26
ගීතා. 35:3යෙසා 12:2
ගීතා. 35:4යෙරෙ 17:18
ගීතා. 35:5නික් 14:19, 20; යෙසා 37:36
ගීතා. 35:8ගීතා 57:6; 141:10
ගීතා. 35:10ගීතා 18:17
ගීතා. 35:10ගීතා 40:17; හිතෝ 22:22, 23
ගීතා. 35:11ගීතා 27:12; මතෙ 26:59
ගීතා. 35:121සාමු 19:4, 5; 20:33; යෙරෙ 18:20
ගීතා. 35:16ගීතා 37:12
ගීතා. 35:17හබ 1:13
ගීතා. 35:17ගීතා 142:6
ගීතා. 35:17ගීතා 22:20; 57:4
ගීතා. 35:18ගීතා 22:22
ගීතා. 35:19ගීතා 69:4; යොහ 15:24, 25
ගීතා. 35:19හිතෝ 6:12, 13
ගීතා. 35:20ගීතා 31:13; යෙරෙ 11:19; මතෙ 26:4
ගීතා. 35:22ගීතා 28:1
ගීතා. 35:22ගීතා 10:1; 71:12
ගීතා. 35:24ගීතා 26:1; 96:13
ගීතා. 35:25ගීතා 41:1, 2
ගීතා. 35:27ගීතා 84:11; 149:4
ගීතා. 35:28ගීතා 51:14
ගීතා. 35:28ගීතා 71:24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 35:1-28

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීයක්.

35 අනේ යෙහෝවා, මගේ සතුරන් මට විරුද්ධව චෝදනා කරද්දී මං වෙනුවෙන් කතා කරන්න.+

මට විරුද්ධව සටන් කරන අයට විරුද්ධව සටන් කරන්න.+

 2 කුඩා පලිහත් මහ පලිහත් අරගෙන+

මගේ උදව්වට එන්න.+

 3 මාව පන්නගෙන එන අයට විරුද්ධව+ ඔබේ හෙල්ලයත් පොරොවත් ඔසවන්න.

“මම ඔබව බේරගන්නවා” කියලා මට කියන්න.+

 4 මාව මරන්න හොයන අය ලැජ්ජාවටත් අවමානයටත් පත් වේවා!+

මාව විනාශ කරන්න කුමන්ත්‍රණය කරන අයට ලැජ්ජාවෙන් පලා යන්න සිද්ධ වේවා!

 5 ඔවුන් හුළඟට ගහගෙන යන දහයියා වගේ වේවා!

යෙහෝවා දෙවියන්ගේ දූතයා ඔවුන්ව එළවා දමනු ලැබේවා!+

 6 යෙහෝවාගේ දූතයා ඔවුන් පස්සේ පන්නගෙන යද්දී

ඔවුන්ට අඳුරු, ලිස්සන මාර්ගයක යන්න සිද්ධ වේවා!

 7 මොකද කිසිම හේතුවක් නැතුව ඔවුන් දැලක් එළලා මාව අහු කරගන්න හදනවා.

මං කිසිම වරදක් කළේ නැතත් ඔවුන් වළක් කපලා මාව අල්ලගන්න හදනවා.

 8 හදිස්සියේම ඔවුන් පිටට විනාශය පැමිණේවා!

ඔවුන් එළූ දැලට ඔවුන්ම හසු වේවා!

ඔවුන් අටවපු උගුලට ඔවුන්ම හසු වී විනාශ වේවා!+

 9 ඒත් මම යෙහෝවා නිසා සතුටු වෙනවා.

මාව ගලවගන්න ඔහු කරපු දේවල් ගැන හිතද්දී මගේ හිත සතුටින් පිරිලා යනවා.

10 මම මුළු හිතින්ම පෙලඹිලා මෙහෙම අහනවා.

“යෙහෝවා දෙවියනි, ඔබ අසරණයාව බලවතා අතිනුත්+

කිසි හව්හරණක් නැති දුප්පතාව සොරුන්ගේ අතිනුත් ගලවගන්නවා.+

ඔබ හැර එහෙම කරන වෙන කිසිම කෙනෙක් ඉන්නවාද?”

11 බොරු සාක්ෂිකරුවෝ මට විරුද්ධව සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙනවා.+

මං නොදන්න දේවල් ගැන අහලා ඔවුන් මට චෝදනා කරනවා.

12 මං ඔවුන්ට හොඳින් සැලකුවත් ඔවුන් මට කරන්නේ නරක දේවල්.+

මට දැනෙන්නේ වියෝදුකින් ඉන්න කෙනෙක්ට දැනෙන තරම් වේදනාවක්.

13 ඔවුන් ලෙඩින් ඉද්දී මම ගෝණි රෙදි ඇඳගෙන

ඔවුන් වෙනුවෙන් නිරාහාරව හිටියා.

ඒත් මං කරපු යාච්ඤාවට උත්තර නොලැබුණ නිසා,

14 මවක් අහිමි වුණ කෙනෙක් වගේ මම දුක් වුණා.

මගේ යාළුවෙක්, මගේම සහෝදරයෙක් මිය ගියාම දැනෙන තරම් වේදනාවක් මට දැනුණා.

15 ඒත් මගේ පය ලිස්සුවාම ඔවුන් එකට එකතු වෙලා සතුටු වුණා.

ඔවුන් එකතු වෙලා හැංගිලා ඉඳන් මට පහර දෙන්න බලන් හිටියා.

ඔවුන් නිහඬව හිටියේ නැහැ. ඔවුන් මාව කෑලි කෑලිවලට ඉරලා දැම්මා.*

16 දෙවියන් ගැන ගරුබියක් නැති අය මට සමච්චල් කරනවා.*

මට විරුද්ධව කේන්තියෙන් දත්මිටි කනවා.+

17 අනේ යෙහෝවා, ඔබ තව කොච්චර කාලයක් මේ දිහා බලන් ඉන්නවාද?+

ඔවුන්ගේ ප්‍රහාරවලින් මාව බේරගන්න.+

තරුණ සිංහයන්ගෙන්* මගේ වටිනා ජීවිතේ ගලවගන්න.+

18 විශාල පිරිසක් රැස් වෙලා ඉන්න සභාව මැද මම ඔබට ස්තුති කරනවා.+

මහ සෙනඟක් අතරේ මම ඔබට ප්‍රශංසා කරනවා.

19 කිසිම හේතුවක් නැතුව මට සතුරුකම් කරන අයට

මගේ දුකේදී සතුටු වෙන්න ඉඩ දෙන්න එපා.

කිසිම හේතුවක් නැතුව මට වෛර කරන අයට+

මට සමච්චල් කරන්න ඉඩ දෙන්න එපා.+

20 ඔවුන් සමාදානය ඇති කරන විදිහට කතා කරන්නේ නැහැ.

ඒ වෙනුවට දේශයේ සාමකාමීව ජීවත් වෙන අයට විරුද්ධව

ඔවුන් බොරු චෝදනා එල්ල කරනවා.+

21 ඔවුන් කෑගගහා මට මෙහෙම චෝදනා කරනවා.

“ඔව්! ඔව්! අපි ඇස් දෙකෙන්ම ඒක දැක්කා.”

22 යෙහෝවා දෙවියනි, මේ හැම දෙයක්ම ඔබට පේන නිසා නිහඬව ඉන්න එපා.+

අනේ යෙහෝවා, මගෙන් ඈත් වෙලා ඉන්න එපා.+

23 යෙහෝවා මගේ දෙවියනි, මං වෙනුවෙන් නැඟී ඉන්න.

මං වෙනුවෙන් කතා කරලා මට යුක්තිය ඉටු කරලා දෙන්න.

24 යෙහෝවා මගේ දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව මාව විනිශ්චය කරන්න.+

මගේ දුකේදී ඔවුන්ට සතුටු වෙන්න දෙන්න එපා.

25 “අපිට ඕනෙ දේ අපි කරගත්තා” කියලා හිතන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා.

“අපි ඔහුව නැති කරලා දැම්මා” කියලා කියන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා.+

26 දෙවියනි, මගේ විපතේදී සතුටු වෙන හැමෝවම ලැජ්ජාවටත් අවමානයටත් පත් කරන්න.

මාව පහත් කරලා තමන් ගැනම මහත් ආඩම්බරයකින් කතා කරන අයට

ලැජ්ජාවත් නින්දාවත් උරුම කරලා දෙන්න.

27 ඒත් මං ගත කරන ධර්මිෂ්ඨ ජීවිතය ගැන සතුටු වෙන අයට ප්‍රීතියෙන් හඬ නඟන්න සලස්වන්න.

දිගින් දිගටම මෙහෙම කියන්න ඔවුන්ව පොලඹවන්න.

“සාමයෙන් ජීවත් වෙන තම සේවකයා දිහා බලලා සතුටු වෙන යෙහෝවාට ගෞරවය ලැබේවා!”+

28 එතකොට මම ඔබේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රකාශ කරනවා.*+

දවස පුරා ඔබට ප්‍රශංසා කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න