ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 48
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • දේශය බෙදන විදිහ (1-29)

      • නගරයේ දොරටු 12 (30-35)

        • නගරයේ නම “යෙහෝවා එතන ඉන්නවා” (35)

එසකියෙල් 48:1

පාදසටහන්

  • *

    හෝ, “හමාත්වල දේශ සීමාවටත්.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:40
  • +ගණන් 34:2, 8
  • +එස 47:15-17

එසකියෙල් 48:2

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:24

එසකියෙල් 48:3

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:32

එසකියෙල් 48:4

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:29

එසකියෙල් 48:5

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:17, 18

එසකියෙල් 48:6

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:7

එසකියෙල් 48:7

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:1; 19:9

එසකියෙල් 48:8

පාදසටහන්

  • *

    සාමාන්‍ය රියනකට වඩා දිගින් වැඩි රියනක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එස 45:1

එසකියෙල් 48:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:2; එස 45:3, 4

එසකියෙල් 48:11

හරස් යොමු දැක්වීම්

  • +එස 40:46; 44:15
  • +යෙරෙ 23:11; එස 22:26

එසකියෙල් 48:15

හරස් යොමු දැක්වීම්

  • +එස 45:6
  • +එස 48:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 11 පි.

    3/1/1999, 18, 22 පි.

එසකියෙල් 48:18

හරස් යොමු දැක්වීම්

  • +එස 45:1

එසකියෙල් 48:19

හරස් යොමු දැක්වීම්

  • +එස 45:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1999, 18 පි.

එසකියෙල් 48:21

හරස් යොමු දැක්වීම්

  • +එස 45:7

එසකියෙල් 48:22

හරස් යොමු දැක්වීම්

  • +එස 48:8

එසකියෙල් 48:23

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:11

එසකියෙල් 48:24

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:1

එසකියෙල් 48:25

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:17

එසකියෙල් 48:26

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:10
  • +උත් 49:13

එසකියෙල් 48:27

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:7

එසකියෙල් 48:28

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඊජිප්තු නිම්නය.

  • *

    ඒ කියන්නේ මධ්‍යධරණී මුහුද.

හරස් යොමු දැක්වීම්

  • +එස 47:19
  • +ගණන් 20:13
  • +උත් 15:18

එසකියෙල් 48:29

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 34:2
  • +එස 47:13

එසකියෙල් 48:30

හරස් යොමු දැක්වීම්

  • +එස 48:16

එසකියෙල් 48:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1999, 18 පි.

එසකියෙල් 48:35

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:17; යෝවෙ 3:21; සෙක 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

    මුරටැඹ,

    8/1/2007, 11 පි.

    3/1/1999, 23 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 48:1යොෂු 19:40
එස. 48:1ගණන් 34:2, 8
එස. 48:1එස 47:15-17
එස. 48:2යොෂු 19:24
එස. 48:3යොෂු 19:32
එස. 48:4යොෂු 13:29
එස. 48:5යොෂු 17:17, 18
එස. 48:6යොෂු 18:7
එස. 48:7යොෂු 15:1; 19:9
එස. 48:8එස 45:1
එස. 48:10ගණන් 35:2; එස 45:3, 4
එස. 48:11එස 40:46; 44:15
එස. 48:11යෙරෙ 23:11; එස 22:26
එස. 48:15එස 45:6
එස. 48:15එස 48:35
එස. 48:18එස 45:1
එස. 48:19එස 45:6
එස. 48:21එස 45:7
එස. 48:22එස 48:8
එස. 48:23යොෂු 18:11
එස. 48:24යොෂු 19:1
එස. 48:25යොෂු 19:17
එස. 48:26යොෂු 19:10
එස. 48:26උත් 49:13
එස. 48:27යොෂු 18:7
එස. 48:28එස 47:19
එස. 48:28ගණන් 20:13
එස. 48:28උත් 15:18
එස. 48:29ගණන් 34:2
එස. 48:29එස 47:13
එස. 48:30එස 48:16
එස. 48:35යෙරෙ 3:17; යෝවෙ 3:21; සෙක 2:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 48:1-35

එසකියෙල්

48 “උතුරු සීමාවෙන් පටන් අරගෙන දේශය බෙදලා දෙන විදිහ ගෝත්‍රවල නමත් එක්ක සඳහන් වෙන්නේ මෙහෙමයි. දාන්ගේ කොටස+ හෙත්ලොන්වලට යන මාර්ගයේ ලේබෝහමාත්වලටත්*+ එතන ඉඳන් හෂර්ඒනාන්වලටත් යනවා. ඒ කියන්නේ හමාත්+ ළඟ තියෙන දමස්කයේ උතුරු දේශ සීමාව දිගේ ඒ මායිම විහිදිලා යනවා. දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් ඒක විහිදිලා යනවා. 2 ආෂෙර්ට ලැබෙන කොටසේ+ මායිම තියෙන්නේ දාන්ගේ දේශ සීමාව දිගේ. දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් ඒක විහිදිලා යනවා. 3 නෆ්තලීට ලැබෙන කොටසේ+ මායිම තියෙන්නේ ආෂෙර්ගේ දේශ සීමාව දිගේ. දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් ඒක විහිදිලා යනවා. 4 මනස්සේට ලැබෙන කොටසේ+ මායිම තියෙන්නේ නෆ්තලීගේ දේශ සීමාව දිගේ. දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් ඒක විහිදිලා යනවා. 5 එෆ්‍රායිම්ට ලැබෙන කොටසේ මායිම තියෙන්නේ මනස්සේගේ දේශ සීමාව දිගේ.+ දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් ඒක විහිදිලා යනවා. 6 රූබෙන්ට ලැබෙන කොටසේ මායිම තියෙන්නේ එෆ්‍රායිම්ගේ දේශ සීමාව දිගේ.+ දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් ඒක විහිදිලා යනවා. 7 යූදාට ලැබෙන කොටසේ මායිම තියෙන්නේ රූබෙන්ගේ දේශ සීමාව දිගේ.+ දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් ඒක විහිදිලා යනවා. 8 දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් විහිදෙන යූදාගේ දේශ සීමාවට යටින් තමයි විශේෂ දේකට වෙන් කරන්න කියපු කොටස තියෙන්නේ. ඒ කොටසේ පළල රියන්* 25,000යි.+ ඒ කොටසේ දිග ඒකට උඩින් සහ යටින් තියෙන ගෝත්‍ර දෙකේ නැඟෙනහිර ඉඳන් බස්නාහිර වෙන කල් විහිදෙන සීමාවල්වලට සමානයි. ඒ කොටසේ මැද ශුද්ධස්ථානය තියෙනවා.

9 “ඔබ යෙහෝවා දෙවියන් වෙනුවෙන් වෙන් කරන්න ඕනෙ කොටසේ දිග රියන් 25,000යි, පළල රියන් 10,000යි. 10 ඒක තමයි පූජකයන් වෙනුවෙන් දෙන ශුද්ධ කොටස.+ ඒකේ උතුරු පැත්ත රියන් 25,000යි. බස්නාහිර පැත්ත රියන් 10,000යි. නැඟෙනහිර පැත්ත රියන් 10,000යි. දකුණු පැත්ත රියන් 25,000යි. ඒ කොටසේ මැද යෙහෝවා දෙවියන්ගේ ශුද්ධස්ථානය තියෙයි. 11 ඒ කොටස දෙන්නේ සේවය කරන්න තෝරගත්ත පූජකයන් වන සාදොක්ගේ පුතාලටයි.+ ඊශ්‍රායෙල් සෙනඟයි, ලෙවීවරුනුයි මාව අතහැරලා ගියත්+ ඔවුන් මාව අතහැරලා ගියේ නැහැ. මං වෙනුවෙන් ඔවුන්ට කරන්න තියෙන වගකීමුත් ඔවුන් ඉටු කළා. 12 ඉතා ශුද්ධ කොටසක් විදිහට දේශයෙන් වෙන් කරපු කොටසෙන් ඔවුන්ට ප්‍රදේශයක් ලැබෙනවා. ඒක තියෙන්නේ ලෙවීවරුන්ට ලැබෙන කොටසට ළඟින්.

13 “පූජකයන්ට ලැබෙන කොටස ළඟින්ම ලෙවීවරුන්ගේ කොටස තියෙයි. ඒකේ දිග රියන් 25,000යි. පළල රියන් 10,000යි. (ඒ කොටසේ දිග පැත්ත රියන් 25,000යි, පළල පැත්ත රියන් 10,000යි.) 14 දේශයේ හොඳම කොටසට අයිති කිසිම ඉඩමක් විකුණන්නවත් හුවමාරු කරගන්නවත් වෙන කෙනෙක්ට දෙන්නවත් ඔවුන්ට අවසර නැහැ. මොකද යෙහෝවා ඒක සලකන්නේ ශුද්ධ දෙයක් විදිහටයි.

15 “ඉතුරු වෙලා තියෙන කොටසේ පළල රියන් 5,000යි. ඒකේ දිග රියන් 25,000යි. ඒ කොටස තියෙන්නේ නගරයේ අයට පොදුවේ පාවිච්චි කරන්නයි.+ ගෙවල්වලටයි, තණබිම්වලටයි ඒක වෙන් කරනවා. නගරය තියෙන්නේ ඒ කොටස මැද.+ 16 නගරයේ දිග පළල මේවායි. ඒකේ උතුරු මායිම රියන් 4,500යි, දකුණු මායිම රියන් 4,500යි, නැඟෙනහිර මායිම රියන් 4,500යි, බස්නාහිර මායිම රියන් 4,500යි. 17 නගරයේ ඉඳන් රියන් 250ක් උතුරටත් රියන් 250ක් දකුණටත් රියන් 250ක් නැඟෙනහිරටත් රියන් 250ක් බස්නාහිරටත් තණබිම් තියෙයි.

18 “නගරය සහ තණබිම් දෙපැත්තේ රියන් 10,000ක් දිග කොටසක් නැඟෙනහිරටයි, රියන් 10,000ක් දිග කොටසක් බස්නාහිරටයි තියෙනවා. ඒ කොටස් දෙකේ මායිම ශුද්ධ කොටස දිගේ විහිදෙනවා.+ ඒකෙන් ලැබෙන පලදාවෙන් නගරයේ සේවය කරන අයට කෑම ලබා දෙයි. 19 නගරයේ සේවය කරන්න ඊශ්‍රායෙල්වරුන්ගේ හැම ගෝත්‍රයකින්ම එන අය ඒ ප්‍රදේශවල වගා කරයි.+

20 “විශේෂ දේකට වෙන් කරපු සම්පූර්ණ කොටස රියන් 25,000ක් දිග, රියන් 25,000ක් පළල හරි හතරැස් කොටසක්. ඔබ ඒක වෙන් කරන්න ඕනේ. ඒකට ශුද්ධ කොටසයි, නගරයට අයිති කොටසයි ඇතුළත්.

21 “ශුද්ධ කොටසයි, නගරයට අයිති කොටසයි දෙපැත්තේ ඉතුරු වෙලා තියෙන ප්‍රදේශ අයිති වෙන්නේ අධිපතියාටයි.+ ඔහුට අයිති ඒ ප්‍රදේශ දෙක විශේෂ දේකට වෙන් කරපු කොටසේ රියන් 25,000ක් දිග නැඟෙනහිර මායිම ළඟිනුත් රියන් 25,000ක් දිග බස්නාහිර මායිම ළඟිනුත් තියෙනවා. අධිපතියාට අයිති ප්‍රදේශයේ සීමාවන් දෙක ඒකට උඩින් සහ පහළින් තියෙන ගෝත්‍රවල සීමාවන්වලට සමානයි. ඔහුට අයිති ප්‍රදේශය මැද ශුද්ධ කොටසයි, දේවමාලිගාවයි තියෙනවා.

22 “අධිපතියාට අයිති ප්‍රදේශ දෙක මැද තමයි ලෙවීවරුන්ගේ කොටසයි, නගරයට අයිති කොටසයි තියෙන්නේ. යූදාගේ දේශ සීමාවයි,+ බෙන්ජමින්ගේ දේශ සීමාවයි අතරේ අධිපතියාට අයිති ප්‍රදේශ තියෙනවා.

23 “ඉතුරු ගෝත්‍ර ගැන විස්තර තමයි මේ. බෙන්ජමින්ට ලැබුණ කොටස දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් විහිදිලා යනවා.+ 24 සිමියොන්ට ලැබෙන කොටසේ මායිම තියෙන්නේ බෙන්ජමින්ගේ දේශ සීමාව දිගේ.+ දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් ඒක විහිදිලා යනවා. 25 ඉසකාර්ට ලැබෙන කොටසේ+ මායිම තියෙන්නේ සිමියොන්ගේ දේශ සීමාව දිගේ. දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් ඒක විහිදිලා යනවා. 26 සෙබ්‍යූලන්ට ලැබෙන කොටසේ මායිම තියෙන්නේ ඉසකාර්ගේ දේශ සීමාව දිගේ.+ දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් ඒක විහිදිලා යනවා.+ 27 ගාද්ට ලැබෙන කොටසේ මායිම තියෙන්නේ සෙබ්‍යූලන්ගේ දේශ සීමාව දිගේ.+ දේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් ඒක විහිදිලා යනවා. 28 ගාද්ගේ කොටසේ දකුණු මායිම දිගේ දේශයේ දකුණු සීමාව දිව යනවා. ඒක තාමර්+ ඉඳන් මෙරිබාත්කාදෙෂ්වල දිය පහර+ වෙන කල් ගිහින් එතන ඉඳන් නිම්නයටත්*+ ඊටපස්සේ මහ මුහුද* වෙන කලුත් යනවා.

29 “ඊශ්‍රායෙල් ගෝත්‍රවලට උරුමයක් විදිහට දේශය බෙදලා දෙන්න ඕනෙ ඒ විදිහටයි.+ ඒවා තමයි ඔවුන්ට අයිති වෙන කොටස්”+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

30 “නගරයට ඇතුල් වෙන්නයි, පිට වෙන්නයි තියෙන දොරටු ගැන විස්තර තමයි මේ. නගරයේ උතුරු පැත්තේ දිග රියන් 4,500යි.+

31 “නගරයේ දොරටුවලට නම් දාන්නේ ඊශ්‍රායෙල් ගෝත්‍රවල නම්වලට අනුවයි. උතුරු පැත්තේ තියෙන දොරටු තුනෙන් එකක් රූබෙන් කියලත් අනිත් එක යූදා කියලත් ඊළඟ එක ලෙවී කියලත් හඳුන්වනවා.

32 “නැඟෙනහිර පැත්තේ දිග රියන් 4,500යි. ඒ පැත්තෙත් දොරටු තුනක් තියෙනවා. යෝසෙප්, බෙන්ජමින් සහ දාන් කියන නම්වලින් ඒ දොරටු හඳුන්වනවා.

33 “දකුණු පැත්තේ දිග රියන් 4,500යි. ඒ පැත්තෙත් දොරටු තුනක් තියෙනවා. සිමියොන්, ඉසකාර් සහ සෙබ්‍යූලන් කියන නම්වලින් ඒ දොරටු හඳුන්වනවා.

34 “බස්නාහිර පැත්තේ දිග රියන් 4,500යි. ඒ පැත්තෙත් දොරටු තුනක් තියෙනවා. ගාද්, ආෂෙර් සහ නෆ්තලී කියන නම්වලින් ඒ දොරටු හඳුන්වනවා.

35 “නගරය හතර පැත්තේම සම්පූර්ණ දිග රියන් 18,000යි. ඒ දවසේ ඉඳන් ඒ නගරය ‘යෙහෝවා එතන ඉන්නවා’ කියන නමින් හඳුන්වනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න