ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 47
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • දේවමාලිගාවෙන් ගලාගෙන යන වතුර පාර (1-12)

        • වතුර පාරේ ගැඹුර වැඩි වෙයි (2-5)

        • මළ මුහුදේ වතුර නැවුම් වෙයි (8-10)

        • වගුරුබිම්වලට වෙනසක් වෙන්නේ නැහැ (11)

        • කෑම සහ සුවයක් ලබා දෙන ගස් (12)

      • දේශයේ සීමාවන් (13-23)

එසකියෙල් 47:1

හරස් යොමු දැක්වීම්

  • +එස 41:2
  • +සෙක 13:1; 14:8; එළි 22:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 11 පි.

    3/1/1999, 10-11, 18-20 පි.

එසකියෙල් 47:2

හරස් යොමු දැක්වීම්

  • +එස 40:20
  • +එස 40:6; 44:1, 2

එසකියෙල් 47:3

පාදසටහන්

  • *

    සාමාන්‍ය රියනකට වඩා දිගින් වැඩි රියනක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එස 40:3; එළි 21:15

එසකියෙල් 47:7

හරස් යොමු දැක්වීම්

  • +එළි 22:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1999, 10-11 පි.

එසකියෙල් 47:8

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මළ මුහුදට.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:47, 49
  • +සෙක 14:8

එසකියෙල් 47:9

පාදසටහන්

  • *

    මූ.අ., “වතුර පාරවල් දෙක.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 11 පි.

    3/1/1999, 10-11, 18-19, 21-22 පි.

එසකියෙල් 47:10

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මධ්‍යධරණී මුහුදේ.

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 62; 2ලේක 20:2
  • +ගණන් 34:2, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1999, 21 පි.

එසකියෙල් 47:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:22, 23; ගීතා 107:33, 34; යෙරෙ 17:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 11 පි.

    3/1/1999, 21-22 පි.

එසකියෙල් 47:12

හරස් යොමු දැක්වීම්

  • +එස 47:1
  • +එළි 22:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 11 පි.

    3/1/1999, 20-22 පි.

එසකියෙල් 47:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 48:5; 1ලේක 5:1; එස 48:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1999, 18, 22 පි.

එසකියෙල් 47:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:3; 28:13

එසකියෙල් 47:15

හරස් යොමු දැක්වීම්

  • +එස 48:1
  • +ගණන් 34:2, 8

එසකියෙල් 47:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:21
  • +2සාමු 8:8
  • +එස 47:18

එසකියෙල් 47:17

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 34:2, 9
  • +එස 48:1

එසකියෙල් 47:18

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මළ මුහුද.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:1

එසකියෙල් 47:19

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඊජිප්තු නිම්නය.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:51
  • +එස 48:28

එසකියෙල් 47:20

පාදසටහන්

  • *

    හෝ, “හමාත්වල දේශ සීමාව.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 34:2, 8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 47:1එස 41:2
එස. 47:1සෙක 13:1; 14:8; එළි 22:1
එස. 47:2එස 40:20
එස. 47:2එස 40:6; 44:1, 2
එස. 47:3එස 40:3; එළි 21:15
එස. 47:7එළි 22:1, 2
එස. 47:8ද්වි 4:47, 49
එස. 47:8සෙක 14:8
එස. 47:10යොෂු 15:20, 62; 2ලේක 20:2
එස. 47:10ගණන් 34:2, 6
එස. 47:11ද්වි 29:22, 23; ගීතා 107:33, 34; යෙරෙ 17:6
එස. 47:12එස 47:1
එස. 47:12එළි 22:1, 2
එස. 47:13උත් 48:5; 1ලේක 5:1; එස 48:5
එස. 47:14උත් 26:3; 28:13
එස. 47:15එස 48:1
එස. 47:15ගණන් 34:2, 8
එස. 47:16ගණන් 13:21
එස. 47:162සාමු 8:8
එස. 47:16එස 47:18
එස. 47:17ගණන් 34:2, 9
එස. 47:17එස 48:1
එස. 47:18ගණන් 32:1
එස. 47:19ද්වි 32:51
එස. 47:19එස 48:28
එස. 47:20ගණන් 34:2, 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 47:1-23

එසකියෙල්

47 ඊටපස්සේ ඔහු ආයෙත් මාව දේවමාලිගාවට ඇතුල් වෙන තැනට ගෙනාවා.+ දේවමාලිගාවට ඇතුල් වෙන තැනට යටින් දකුණු පැත්තෙන් වතුර පාරක් නැඟෙනහිර දිශාවට ගලාගෙන යනවා මම දැක්කා.+ දේවමාලිගාවේ ඉස්සරහා පැත්ත නැඟෙනහිරට මුහුණ ලා තිබුණා. ඒ වතුර පාර පූජාසනයට දකුණු දිශාවෙන් ගලාගෙන ගියා.

2 ඔහු ඊළඟට මාව උතුරු පැත්තේ තියෙන දොරටුවෙන් එළියට අරන් ආවා.+ ඊටපස්සේ ඔහු ඒ පැත්තෙන්ම නැඟෙනහිරට මුහුණ ලා තියෙන දොරටුවට මාව අරන් ආවා.+ ඒකට දකුණු පැත්තෙන් පොඩි වතුර පාරක් හෙමිහිට ගලනවා මම දැක්කා.

3 ඒ මිනිසා මනින රිටත් අතින් අරගෙන+ නැඟෙනහිර දිශාවට රියන්* 1,000ක් මැනලා එතනට බහින්න කියලා මට කිව්වා. එතනට බැස්සාම මගේ වළලුකර වෙන කල් වතුර තිබුණා.

4 එතන ඉඳන් ඔහු තවත් රියන් 1,000ක් මැනලා වතුර හරහා යන්න කියලා මට කිව්වා. එතන වතුර මගේ දණහිස් වෙන කල් තිබුණා.

ඔහු තවත් රියන් 1,000ක් මැන්නා. ඒ හරහාත් යන්න කියලා මට කිව්වා. එතන වතුර මගේ ඉණ වෙන කල් තිබුණා.

5 එතන ඉඳන් ඔහු තවත් රියන් 1,000ක් මැන්නා. එතන වතුර පාර වේගයෙන්, ගඟක් වගේ ගලපු නිසා ඒක හරහා ඇවිදගෙන යන්න මට බැරි වුණා. කෙනෙක්ට ඒ හරහා යන්න පුළුවන් පීනගෙන විතරයි. මොකද එතන හරිම ගැඹුරුයි. වතුර පාර සැර නිසා ඒක හරහා කොහොමටවත් ඇවිදගෙන යන්න බැහැ.

6 ඔහු මගෙන් මෙහෙම ඇහුවා. “මනුෂ්‍ය පුත්‍රය, ඔයා මේක දැක්කාද?”

ඊටපස්සේ ඔහු මට කිව්වා ඇවිදගෙන ආයෙත් ගංඉවුරට එන්න කියලා. 7 ඉවුරට ආවාම මං දැක්කා ඉවුර දෙපැත්තේම ගොඩක් ගස් තියෙනවා.+ 8 ඔහු මට මෙහෙම කිව්වා. “මේ වතුර පාර නැඟෙනහිර පැත්තට ගලාගෙන ගිහින් අරබා+ හරහා මුහුදට* වැටෙනවා. ඒක මුහුදට වැටුණාම+ මුහුදේ වතුර නැවුම් වෙනවා. 9 ගඟේ වතුර* ගලා බහින හැම තැනකම සත්තු රංචු පිටින් ජීවත් වෙයි. මේ ගඟ මුහුදට වැටුණාම මුහුදේ වතුර නැවුම් වෙනවා. එතකොට ගොඩක් මාළු ඉඳියි. ගඟ ගලන හැම තැනක්ම ජීවීන්ගෙන් පිරෙයි.

10 “ධීවරයෝ ඒන්ගෙදී+ ඉඳන් ඒන්එග්ලයිම් වෙන කල් වෙරළ දිගේ හිටගෙන ඉඳියි. ඔවුන්ට මාදැල් වේළන්න තැන් ඒ දිගට තියෙයි. මහ මුහුදේ*+ ඉන්නවා වගේ එක එක වර්ගයේ මාළු ඇති තරම් ඒකේ ඉඳියි.

11 “වගුරුබිම් සහ මඩ වගුරුත් තියෙයි. ඒ බිම්වලට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒවාවල ලුණු ගතිය දිගටම තියෙයි.+

12 “ගඟ දෙපැත්තේම ඉවුරුවල හැම ජාතියකම පලතුරු ගස් වැවෙයි. ඒ ගස්වල කොළ මැලවෙන්නෙවත් පලතුරු හැදෙන එක නතර වෙන්නෙවත් නැහැ. හැම මාසයකම ඒවාවල අලුතෙන් ගෙඩි හැදෙයි. මොකද ඒ ගස්වලට වතුර ලැබෙන්නේ ශුද්ධස්ථානයෙන් ගලාගෙන එන ගංගාවෙනුයි.+ ඒ ගස්වල ගෙඩි කෑමට ගනියි. ගස්වල කොළ, මිනිස්සුන්ව සුව කරන්න පාවිච්චි කරයි.”+

13 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ ඊශ්‍රායෙල් ගෝත්‍ර 12ට උරුමයක් විදිහට දේශය දෙන්න ඕනෙ මෙහෙමයි. යෝසෙප්ට කොටස් දෙකක් ලැබෙනවා.+ 14 මේ දේශය ඔබට උරුම වෙනවා. ඔබට ලැබෙන්නේ එක සමාන කොටස්. මේ දේශය ඔබේ මුතුන්මිත්තන්ට දෙනවා කියලා මම දිවුරලා පොරොන්දු වුණා.+ දැන් ඒක උරුමයක් විදිහට වෙන් කරලා තියෙන්නේ ඔබටයි.

15 “මේ තමයි දේශයේ උතුරු සීමාව. ඒක මහ මුහුදෙන් පටන් අරන් හෙත්ලොන්වලට+ යන පාර දිගේ ගිහින් ෂෙදාද්,+ 16 හමාත්,+ බෙරොතා+ සහ සිබ්‍රායිම් වෙන කල් යනවා. ඒ තැන තියෙන්නේ දමස්කයට අයිති ප්‍රදේශයයි, හමාත්වලට අයිති ප්‍රදේශයයි අතරේ. එතන ඉඳන් ඒ සීමාව හවුරාන් දේශ සීමාව ළඟ තියෙන හෂෙර්හත්තිකොන් වෙන කල් යනවා.+ 17 දේශ සීමාව මුහුදේ ඉඳන් හෂර්ඒනොන් වෙන කල් යනවා.+ ඒක දමස්කයේ උතුරු සීමාව දිගෙත් හමාත්වල සීමාව දිගෙත් යනවා.+ ඒක තමයි දේශයේ උතුරු සීමාව.

18 “දේශයේ නැඟෙනහිර සීමාව දමස්කය සහ හවුරාන් මැදින් ගිහින් ඊශ්‍රායෙල් දේශය සහ ගිලියද්+ අතර තියෙන යොර්දාන් ගඟ දිගේ යනවා. ඔබ උතුරු සීමාවේ ඉඳන් නැඟෙනහිර මුහුද* වෙන කල් මනින්න. ඒ තමයි නැඟෙනහිර දේශ සීමාව.

19 “දේශයේ දකුණු සීමාව තාමර් ඉඳන් මෙරිබාත්කාදෙෂ්වල දිය පහර+ වෙන කල් ගිහින් එතන ඉඳන් නිම්නයට* යනවා. ඊටපස්සේ ඒ සීමාව මහ මුහුද වෙන කල් යනවා.+ ඒ තමයි දකුණු දේශ සීමාව.

20 “දේශයේ බස්නාහිර සීමාව වෙන්නේ මහ මුහුද. ඒක දකුණු සීමාවේ ඉඳන් ලේබෝහමාත්*+ ඉස්සරහා තියෙන තැනක් වෙන කල් යනවා. ඒ තමයි බස්නාහිර සීමාව.”

21 “ඔබ මේ දේශය ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 අතරේ බෙදලා දෙන්න ඕනේ. 22 මේ දේශය උරුමයක් විදිහට ඔබ අතරේ වගේම ඔබත් එක්ක ජීවත් වෙන කාලේ දරුවන් ලැබුණ විදේශිකයන් අතරෙත් බෙදලා දෙන්න ඕනේ. ඔබ ඒ අයව සලකන්න ඕනෙ ඊශ්‍රායෙල් දේශයේම ඉපදුණ අය විදිහටයි. ඊශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඔබට උරුමයක් ලැබෙන විදිහටම ඔවුන්ටත් උරුමයක් ලැබෙයි. 23 විදේශිකයෙක්ට උරුමයක් විදිහට දෙන ඉඩම ඔහුට දෙන්න ඕනෙ ඔහු දැනටමත් පදිංචි වෙලා ඉන්න ගෝත්‍රයට අයිති ප්‍රදේශයෙන්.” එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවායි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න