යෝබ්
11 එතකොට නයමා ඉඳන් ආපු ෂෝපර්+ මෙහෙම කිව්වා.
2 “ඔයා කියන කතාවලට කිසිම දෙයක් නොකියා ඉන්නේ කොහොමද?
තොරතෝංචියක් නැතුව කතා කළා කියලා ඔයා හරියි කියන්න පුළුවන්ද?*
3 හිස් වචන කියලා මිනිසුන්ව නිහඬ කරන්න පුළුවන් කියලා ඔයා හිතුවාද?
ඔයා සමච්චල් කරද්දී කවුරුත් ඔයාට තරවටු නොකර ඉඳියි කියලා හිතුවාද?+
6 ප්රඥාව කියන්නේ මොකක්ද කියලා ඔහු ඔයාට හෙළි කරයි.
ප්රඥාව ගැන අපි නොදන්න හුඟක් පැති තියෙනවා.
එතකොට දෙවියන් ඔයාගේ හැම වරදක්ම මතක තියාගන්නේ නැහැ කියලා ඔයා තේරුම්ගනියි.
7 දෙවියන්ගේ ගැඹුරු කාරණා තේරුම්ගන්න ඔයාට පුළුවන්ද?
සියලු බලැති දෙවියන් ගැන හැම දේම* දැනගන්න ඔයාට පුළුවන්ද?
8 දෙවියන්ගේ ප්රඥාව අහසටත් වඩා ඉහළින් තියෙනවා. ඔයා ඒක කොහොම තේරුම්ගන්නද?
ඒක මිනී වළටත් වඩා ගැඹුරුයි. ඔයා ඒක කොහොම දැනගන්නද?
9 ඒක පොළොවටත් වඩා දිගයි.
සාගරයටත් වඩා පළලයි.
10 ඔහු ඇවිත් කෙනෙක්ව අල්ලගෙන
එයාට විරුද්ධව නඩුවක් දැම්මොත් ඔහුව නතර කරන්න පුළුවන් කාටද?
11 වංචා කරන අය කවුද කියලා ඔහු හොඳින්ම දන්නවා.
දුෂ්ටකම් ඉස්සරහා ඔහු ඇස් වහගෙන ඉඳියි කියලා හිතන්න පුළුවන්ද?
12 හීලෑ නැති බූරුවෙක්ට මිනිසෙක්ව බිහි කරන්න පුළුවන් නම්
මොළේ කළඳක්වත් නැති මිනිසෙක්ටත් පුළුවන් වෙයි ප්රඥාවන්තයෙක් වෙන්න.
14 ඔයාගේ අතින් වැරදි වෙනවා නම් ඒවා අත්හරින්න.
ඔයාගේ කූඩාරම්වල කිසිම නරක දෙයක් වෙන්න ඉඩ දෙන්න එපා.
15 එතකොට කිසිම ලැජ්ජාවක් නැතුව හිස ඔසවන්න ඔයාට පුළුවන්.
කිසිම බයක් නැතුව කෙළින් හිටගන්න පුළුවන්.
16 ඔයාව පහු කරගෙන ගිය දිය පහරක් වගේ
ඔයා වින්ද දුක් ගැහැට ඔයාගේ මතකයෙන් නැති වෙලා යයි.
17 ඔයාගේ ජීවිතේ දවාලේ බැබළෙන හිරුටත් වඩා දීප්තිමත් වෙයි.
අඳුරු දවස් පවා අරුණාලෝකයෙන් නැහැවෙයි.
18 බලාපොරොත්තුවක් තියෙන නිසා ඔයා නිසැකකමින් ජීවත් වෙයි.
වටපිට බලලා සුව සේ නිදාගනියි.
19 ඔයාව බයගන්වන්න කිසි කෙනෙක් නැති නිසා
ඔයා බයක් නැතුව යහනේ සැතපෙයි.
හුඟදෙනෙක් උදව් ඉල්ලන් ඔයාව හොයාගෙන එයි.