ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 49
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ධන සම්පත් මත විශ්වාසය තියන එක මෝඩකමක්

        • මිනිසෙක්ට තවත් මිනිසෙක්ව මුදවගන්න බැහැ (7, 8)

        • මිනී වළෙන් මුදවගන්නේ දෙවියන් (15)

        • මරණයෙන් බේරගන්න ධන සම්පත්වලට බැහැ (16, 17)

ගීතාවලිය 49:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:19

ගීතාවලිය 49:3

පාදසටහන්

  • *

    ඒ කියන්නේ තේරුම්ගැනීමේ හැකියාව පාවිච්චි කරලා කාරණා වටහාගන්නවා.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 143:5

ගීතාවලිය 49:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1

ගීතාවලිය 49:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:17, 18; හිතෝ 18:11
  • +යෙරෙ 9:23; 1තිමෝ 6:17

ගීතාවලිය 49:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:4; මතෙ 16:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1992, 22 පි.

ගීතාවලිය 49:8

පාදසටහන්

  • *

    හෝ, “බේරගන්න දෙන වන්දිය.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1992, 22 පි.

ගීතාවලිය 49:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:48

ගීතාවලිය 49:10

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:16; රෝම 5:12
  • +ගීතා 39:6; හිතෝ 11:4; 23:4; දේශ 2:18; ලූක් 12:19, 20

ගීතාවලිය 49:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:5; යාකො 1:11
  • +ගීතා 49:20

ගීතාවලිය 49:13

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 12:19, 20

ගීතාවලිය 49:14

හරස් යොමු දැක්වීම්

  • +මලා 4:3
  • +ගීතා 39:11
  • +1සාමු 2:6; යෝබ් 7:9; 24:19

ගීතාවලිය 49:15

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 33:28; ගීතා 16:10; 30:3; 86:13

ගීතාවලිය 49:17

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:21; දේශ 5:15; 1තිමෝ 6:17
  • +යෙසා 10:3

ගීතාවලිය 49:18

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 12:19
  • +හිතෝ 14:20

ගීතාවලිය 49:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 49:පෙර සටහන2ලේක 20:19
ගීතා. 49:3ගීතා 143:5
ගීතා. 49:5ගීතා 27:1
ගීතා. 49:6ද්වි 8:17, 18; හිතෝ 18:11
ගීතා. 49:6යෙරෙ 9:23; 1තිමෝ 6:17
ගීතා. 49:7හිතෝ 11:4; මතෙ 16:26
ගීතා. 49:9ගීතා 89:48
ගීතා. 49:10දේශ 2:16; රෝම 5:12
ගීතා. 49:10ගීතා 39:6; හිතෝ 11:4; 23:4; දේශ 2:18; ලූක් 12:19, 20
ගීතා. 49:12ගීතා 39:5; යාකො 1:11
ගීතා. 49:12ගීතා 49:20
ගීතා. 49:13ලූක් 12:19, 20
ගීතා. 49:14මලා 4:3
ගීතා. 49:14ගීතා 39:11
ගීතා. 49:141සාමු 2:6; යෝබ් 7:9; 24:19
ගීතා. 49:15යෝබ් 33:28; ගීතා 16:10; 30:3; 86:13
ගීතා. 49:17යෝබ් 1:21; දේශ 5:15; 1තිමෝ 6:17
ගීතා. 49:17යෙසා 10:3
ගීතා. 49:18ලූක් 12:19
ගීතා. 49:18හිතෝ 14:20
ගීතා. 49:20ගීතා 49:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 49:1-20

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+

49 සියලු ජනයෙනි, ඇහුම්කන් දෙන්න.

ලෝවැසියෙනි, සවන් දෙන්න.

 2 හැම තරාතිරමකම ඉන්න ජනයෙනි,

දුප්පත් පොහොසත් සියල්ලෙනි, සවන් දෙන්න.

 3 මගේ මුවින් පිට වෙන්නේ ප්‍රඥාවන්ත වදන්.

මගේ හිත ගැඹුරු දේවල් ගැන කල්පනා කරනවා.*+

 4 ප්‍රඥාවන්ත කියමන්වලට මම සවන් දෙනවා.

මම වීණාව වයමින් ගැඹුරු කාරණා තේරුම් කරලා දෙනවා.

 5 දුක් කරදරවලට මුහුණ දෙද්දී,

මාව වට්ටන්න හදන අය මට හිරිහැර කරද්දී මං බය වෙන්නේ ඇයි?+

 6 ඔවුන් විශ්වාසය තියන්නේ තමන් සතු ධනය ගැනයි.+

ඔවුන් මහ ඉහළින් කතා කරන්නේ තමන් රැස් කරගත්ත වස්තුව ගැනයි.+

 7 ඒත් ඔවුන්ගෙන් එක් කෙනෙක්ටවත් තමන්ගේ සහෝදරයෙක්ව මුදවගන්නවත්

ඔහු වෙනුවෙන් දෙවියන්ට වන්දියක් ගෙවන්නවත් හැකියාවක් නැහැ.+

 8 (මොකද මනුෂ්‍ය ජීවිතයක් වෙනුවෙන් දෙන්න ඕනෙ වන්දිය*

කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි තරම් වටින එකක්.)

 9 මිනී වළට යන්න නොදී සදහටම ජීවත් වෙන්න ඔහුට අවස්ථාව දෙන්න ඔවුන්ට හැකියාවක් නැහැ.+

10 ප්‍රඥාවන්තයන් වුණත් මැරෙනවා කියලා ඔහු දකිනවා.

මෝඩ අය වගේම හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන අයත් එකම විදිහට මිය යනවා.+

ඔවුන් රැස් කරගත්ත ධනයෙන් ප්‍රයෝජන ගන්නේ අනිත් අය.+

11 ඔවුන්ගේ ගෙවල් දොරවල් සදහටම පවතින්න කියලා ඔවුන් පතනවා.

ඔවුන්ගේ කූඩාරම් පරම්පරාවෙන් පරම්පරාවට තියාගන්න ඔවුන්ට ලොකු ආශාවක් තියෙනවා.

ඔවුන්ගේ ඉඩකඩම්වලටත් ඔවුන්ගේ නම් තියලා තියෙනවා.

12 මිනිසෙක්ට මොන තරම් ගෞරවයක් ලැබුණත් ඔහු හැමදාටම ජීවත් වෙන්නේ නැහැ.+

ඔහුයි, මැරිලා යන සතුනුයි අතර කිසි වෙනසක් නැහැ.+

13 අඥානයන්ට වගේම අඥානයන්ගේ හිස් වචන පිළි අරන්

ඔවුන් පස්සේ යන අයට වෙන්නෙත් ඒ දේමයි.+ (සීලාහ්)

14 මරණයට නියම කරපු බැටළුවන් වගේ ඔවුන්වත් මරණයට නියම කරලා තියෙනවා.

එඬේරෙක් බැටළුවන්ව අරන් යනවා වගේ මරණය ඔවුන්ව මිනී වළට අරන් යයි.

අලුත් දවසක් උදා වෙද්දී නිර්දෝෂ අය ඔවුන්ව යටත් කරගනියි.+

ඔවුන්ගේ සිරුරු කුණු වෙලා යයි.+

ඔවුන්ට සැතපෙන්න වෙන්නේ මිනී වළේ මිසක් විශාල මන්දිරවල නෙවෙයි.+

15 ඒත් දෙවියන් මාව මිනී වළෙන් මුදවගන්නවා.+

ඔහු මගේ අතින් අල්ලලා මාව මිනී වළෙන් ඇදලා ගන්නවා. (සීලාහ්)

16 කෙනෙක් තව තවත් පොහොසත් වෙනවා දැක්කාම,

ඔහුගේ නිවස ධන සම්පත්වලින් පිරිලා ඉතිරිලා යනවා දැක්කාම බය වෙන්න එපා.

17 මොකද ඔහු මිය යද්දී ඔහුට කිසිම දෙයක් අරන් යන්න බැහැ.+

ඔහු මිනී වළට යද්දී ඔහුගේ ධනය අරන් යන්නත් බැහැ.+

18 ඔහු ජීවිත කාලය පුරාම තමන්වම වර්ණනා කරගන්නවා.+

(මිනිසුනුත් ධන සම්පත් රැස් කරගෙන ඉන්න අයව වර්ණනා කරනවා.)+

19 ඒත් අන්තිමේදී ඔහුගේ මුතුන්මිත්තන් වගේ ඔහුටත් මිනී වළට යන්න වෙනවා.

ආයෙත් කවදාවත් ඔවුන්ට ආලෝකය දකින්න ලැබෙන්නේ නැහැ.

20 මිනිසෙක්ට කොයි තරම් ගෞරවයක් ලැබුණත්+ ඔහු ඒ දේවල් තේරුම්ගන්නේ නැත්නම්

ඔහුයි, මැරිලා යන සතුනුයි අතර කිසි වෙනසක් නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න