ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • ගිවිසුම් පෙට්ටිය පිලිස්තිවරුන්ට අයිති ප්‍රදේශයේ තිබුණ කාලය (1-12)

        • දාගොන්ව ලැජ්ජාවට පත් කරයි (1-5)

        • පිලිස්තිවරුන්ට මුහුණ දෙන්න වුණ පීඩා (6-12)

1 සාමුවෙල් 5:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 4:11

1 සාමුවෙල් 5:2

හරස් යොමු දැක්වීම්

  • +විනි 16:23; 1ලේක 10:8-10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2003, 25 පි.

1 සාමුවෙල් 5:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:12; 1ලේක 16:26; ගීතා 97:7
  • +යෙසා 46:6, 7

1 සාමුවෙල් 5:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 6:5, 6

1 සාමුවෙල් 5:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:4

1 සාමුවෙල් 5:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 5:6

1 සාමුවෙල් 5:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 45; 2රාජා 1:2; ආමො 1:8
  • +1සාමු 5:7

1 සාමුවෙල් 5:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 5:6, 9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 5:11සාමු 4:11
1 සාමු. 5:2විනි 16:23; 1ලේක 10:8-10
1 සාමු. 5:3නික් 12:12; 1ලේක 16:26; ගීතා 97:7
1 සාමු. 5:3යෙසා 46:6, 7
1 සාමු. 5:61සාමු 6:5, 6
1 සාමු. 5:81සාමු 17:4
1 සාමු. 5:91සාමු 5:6
1 සාමු. 5:10යොෂු 15:20, 45; 2රාජා 1:2; ආමො 1:8
1 සාමු. 5:101සාමු 5:7
1 සාමු. 5:111සාමු 5:6, 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 5:1-12

පළවෙනි සාමුවෙල්

5 පිලිස්තිවරු සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය එබෙන්එසෙර් ඉඳන් අෂ්දොද් නගරයට ගෙනාවා.+ 2 එයාලා සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය දාගොන්ගේ+ දේවාලයට අරන් ගිහින් දාගොන්ගේ රූපය ළඟ තිබ්බා. 3 අෂ්දොද් නගරයේ අය පහුවෙනිදා උදෙන්ම නැඟිටලා බලද්දී එයාලා දැක්කා දාගොන්ගේ රූපය යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා මුණින් අතට වැටිලා තියෙනවා.+ ඉතින් එයාලා දාගොන්ගේ රූපය අරන් ආයෙත් තිබුණ තැනම තිබ්බා.+ 4 ඊළඟ දවසෙත් උදෙන්ම නැඟිටලා බලද්දී එයාලා දැක්කා දාගොන්ගේ රූපය යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා මුණින් අතට වැටිලා තියෙනවා. දාගොන්ගේ හිසයි, අත් දෙකයි කපලා දාලා තිබුණා. ඒවා තිබුණේ දේවාලයට ඇතුල් වෙන තැන තිබ්බ පඩිය උඩ. ඉතුරු වෙලා තිබුණේ රූපයේ මාළුවෙක්ගේ වගේ තිබුණ කොටස විතරයි. 5 අද වෙන කල් අෂ්දොද්වල ඉන්න දාගොන්ගේ පූජකයන් සහ එයාගේ දේවාලයට යන කිසිම කෙනෙක් ඒ පඩියට අඩිය තියලා යන්නේ නැත්තේ ඒ නිසයි.

6 අෂ්දොද්වල සහ ඒකට අයිති පළාත්වල හිටපු අයට යෙහෝවා දරුණු විදිහට පහර දුන්න නිසා එයාලා අර්ශස් රෝගයෙන් පීඩා වින්දා.+ 7 ඒ නිසා අෂ්දොද්වල හිටපු අය මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් අපිටයි, අපේ දෙවියන් වන දාගොන්ටයි දරුණු විදිහට පහර දෙනවා. ඔහුට අයිති ගිවිසුම් පෙට්ටිය දැන්මම මෙහෙන් අරන් යන්න.” 8 ඉතින් එයාලා පිලිස්තිවරුන්ගේ අධිපතීන් හැමෝටම එන්න කියලා එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටියට අපි මොනවාද කරන්නේ?” එයාලා ඒ ගැන කල්පනා කරලා “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය අපි ගාත් නගරයට යවමු”+ කියලා කිව්වා. ඉතින් එයාලා ගිවිසුම් පෙට්ටිය එහෙට අරන් ගියා.

9 ගිවිසුම් පෙට්ටිය එහෙට අරන් ගියාට පස්සේ යෙහෝවා දෙවියන් ඒ නගරයේ හිටපු අයටත් පහර දුන්නා. දෙවියන් දුන්න දඬුවම නිසා ලොකු පොඩි හැමෝම අර්ශස් රෝගයෙන් පීඩා වින්දා.+ ඒ නිසා නගරයේ හිටපු හැමෝම හොඳටම කලබල වුණා. 10 ඉතින් එයාලා සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය එක්‍රොන් නගරයට යැව්වා.+ ගිවිසුම් පෙට්ටිය එක්‍රොන්වලට ගෙනාවාම එහේ හිටපු අය මෙහෙම කෑගහන්න පටන්ගත්තා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය මෙහෙට ගෙනල්ලා! එයාලා හදන්නේ අපිවයි, අපේ සෙනඟවයි මරලා දාන්න.”+ 11 ඒ නිසා එයාලා පණිවිඩ යවලා පිලිස්තිවරුන්ගේ අධිපතීන් හැමෝටම එන්න කියලා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය ඒක තිබුණ තැනටම අරන් යන්න. නැත්නම් අපියි, අපේ සෙනඟයි විනාශ වෙලා යයි.” එයාලා එහෙම කිව්වේ ඒ වෙනකොට සැබෑ දෙවියන් එයාලට දරුණු විදිහට පහර දීලා තිබුණ නිසයි.+ එහේ ජීවත් වුණ හැමෝම හිටියේ එයාලාගේ ජීවිත නැති වෙයි කියලා බයෙන්. 12 මැරුණේ නැති අය අර්ශස් රෝගය නිසා දුක් වින්දා. ඒ නගරයේ හිටපු අය අහස දිහා බලලා අඬඅඬ උදව් ඉල්ලුවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න