ඔබ කවදා හෝ මෙසේ කල්පනා කර තිබෙන්නෙහිද? බයිබලයේ පිළිතුරු
පහත දැක්වෙන්නේ 13වන පිටුවේ ප්‍රශ්න හා සම්බන්ධ වන සමහර ශුද්ධ ලියවිලි පාඨයන්ය:
1. “දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක. . . . පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක. . . . දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ‘නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත්කරගනිව්;’ ”—උත්පත්ති 1:27, 28.
2. “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.”—උත්පත්ති 2:16, 17.
3. “පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.”—රෝම 6:23.
4. “නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.”—උත්පත්ති 3:19.
5. අංක 1 බලන්න.
6. “මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, . . . උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:3, 4.
7. “ස්වාමිවූ [යෙහෝවඃ, NW ] දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූවේය; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් [ආත්මයක්, NW ] විය.” (උත්පත්ති 2:7) නෙ’ෆෙෂ් යන හෙබ්‍රෙව් වචනය පරිවර්තනය වන්නේ ආත්මය හැටියටයි, එනම් “හුස්ම ගන්නා යමක්” යනුවෙනි. “පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම් ජීවමාන ප්‍රාණයක් [ආත්මයක්, NW ] වුණේයයි ලියා තිබේ.” සලකන්න, “දුන්නා,” නොව “වුණේය.”—1 කොරින්ති 15:45, ද ජෙරූසලම් බයිබල්.
8. “මාගේ පාපයද නිතරම මා ඉදිරියෙහිය. ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව, පව්කෙළෙමි, ඔබගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කෙළෙමි.”—ගීතාවලිය 51:3, 4.
9, 10. ශුද්ධ ලියවිලි පාඨයන් අවශ්‍ය නැත.
11. “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.”—රෝම 5:12.
12. අංක 4 බලන්න.
13. “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; . . . නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” (දේශනාකාරයා 9:5, 10) පියාගේ ප්‍රාණය [ආත්මය, NW ] මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් [ආත්මයත්, NW ] මට අයිතිය. පව්කරන ප්‍රාණයම [ආත්මයම, NW ] නසින්නේය.”—එසකියෙල් 18:4.
14. “ඔවුන් තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගින්නෙහි දවන පිණිස . . . තෝපෙත්හි උස් තැන් ගොඩනැගුවෝය; එය මා විසින් අණකළේවත් ඒක මාගේ සිතට [හෘදයට, NW ] පැමුණුණේවත් නැත.”—යෙරෙමියා 7:31.
15. අංක 3 බලන්න.
16. “මැරුණවූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂකරනු ලැබ සිටියි.”—රෝම 6:7.
17. “එසේවී නම් කුමක් කියමුද? දෙවියන්වහන්සේ වෙත අධර්මිෂ්ඨකම [අයුක්තිය, NW ] ඇද්ද? එසේ නොවේවා.”—රෝම 9:14.
18. “මක්නිසාද [සැබවින්ම, NW ] දාවිත් ස්වර්ගයට නැගුණේ නැත.”—ක්‍රියා 2:34.
19. “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි මොවුන් බලා සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි.”—ක්‍රියා 24:15.
20. “දිරන සුලුවූ මේක නොදිරන බවට පැමිණෙන්ට ඕනෑය, මරණීයවූ මේක අමරණභාවයට පැමිණෙන්ට ඕනෑය.” අමරණීයභාවය “පැමිණෙන්ට” ඕනෑ නම් එය සහජයෙන් උරුම වී ඇති දෙයක් නොවේ. (1 කොරින්ති 15:53) “බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂ සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි, . . . මොව්හු දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය.”—එළිදරව් 14:1, 4. g94 1/8