ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 3/8 22-23 පි.
  • මේ ලස්සන සමනලයෝ විෂ සහිතයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ ලස්සන සමනලයෝ විෂ සහිතයි?
  • 1995 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මොනාක් සමනලයාගේ සංක්‍රමණය
    නිර්මාණයක්ද?
  • දුර ඈත පියඹා යන සමනලයෙකුගේ රහස
    2008 පිබිදෙව්!
  • ලොක්කා සහ පොඩ්ඩා
    1999 පිබිදෙව්!
  • සිඟිත්තන්ට
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 3/8 22-23 පි.

මේ ලස්සන සමනලයෝ විෂ සහිතයි?

දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

සමනලයෙක් ළඟින් ඉගිලී ගිය විට ඔබ ප්‍රීතියෙන් කුල්මත්ව බලා සිටියාද? උගේ අලංකාරය, මෝස්තරය සහ වර්ණ කෙරෙහි ඔබේ සිත ඇදී ගියාද? ඌ මලින් මලට ඉගිලෙන විට, ඌ හරියටම ඔබේ දසුන මඟහැරීමට තැත් කරමින් ඔබව ව්‍යාකූල කරනවා හා සමානයි. වඩාත් කිට්ටුවෙන් බැලීමට ඔබ කැමති විය හැකිය, ඡායාරූපයක් ගැනීමට පවා, ඌ කිසිවිටකත් එකම මලක ප්‍රමාණවත් කලකට රැඳී නොසිටී—ඇරත් ඌ හැමවිටම උගේ තටු සොලවමින් සිටී. එහෙත් ඉතා ප්‍රසන්න වූ මෙම සත්ත්වයන් සමහරෙකු විෂ සහිත බව ඔබ දැන සිටියාද?

මෙම පිටුවල සිටින දෙදෙනා දෙස අපි බලමු—(දකුණු පැත්තේ) මොනාර්ක් සමනලයා, උගේ විශාල කළු සහ තැඹිලි පාටට හුරු දුඹුරු තටු සමඟින් සහ (ඉහළ) වෛස්රෝයි සමනලයා, ඌ බොහෝදුරට මොනාර්ක් සමනලයාට සමාන වුවත්, සාමාන්‍යයෙන් ඊට වඩා කුඩා සමනලයෙකි. උන්ව විෂ සහිත කරවන්නේ කුමක්ද, එමෙන්ම ඉන් ඉටුවන අරමුණ කුමක්ද?

වර්ග 15,000කට වඩා වැඩි ප්‍රමාණයක් සිටින සමනලයෝ, අපගේ මිදුලේ අපි දකින එම තටු ඇති සිවුමැලි ආශ්චර්යයන් බවට පත්වීමට පෙර වර්ධනයේ අවස්ථා හතරක් පසුකරති. මින් එක අවස්ථාවක් නම්, කීට, නැතහොත් දැළඹු අවස්ථාවයි. මොනාර්ක් දළඹුවා මිල්ක්වීඩ් නමැති විෂ සහිත පැළෑටියක් අනුභව කරයි, ඌ “සැබවින්ම විෂ සහිත සමනලයෙකු මෙන්ම ඌව ආහාරයට රැගෙන ආපසු වමාරන්නේ නැති ඕනෑම පක්ෂියෙකුට මරණය ගෙනදිය හැකි සමනලයෙකු” බවට පත්වන්නේ එම නිසා යයි කියවෙන බව සයන්ස් නියූස් සඟරාවේ ටිම් වෝකර් ලියයි. එම විෂ වර්ගය හඳුන්වනු ලබන්නේ කාඩෙනෝලයිඩ් යනුවෙනි, එනම් හෘදයට විෂ සහිත විෂ වර්ගයක්. වෛස්රෝයි සමනලයා ගැන කුමක් කිව හැකිද?

වෝකර් මෙසේ සඳහන් කරයි: “ශතවර්ෂයකටත් වඩා වැඩි කලකට, සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලැබුවේ තටු සහිත මෙම කෘමියා ඉතා රසවත් ශරීරයක් විෂ සහිත මොනාර්ක්, ඩැනෙඋස් ප්ලෙක්සිපස් සමනලයෙකුගේ වර්ණ ඇති තටුවලින් සඟවා තබන බවයි.” ඡායාරූපවල ඔබට පෙනෙන්නාක් මෙන්, වෛස්රෝයි සමනලයාගේ යටි පියාපත්වල ඇතුළු පැත්තේ කළු රේඛාව හැර, සමනලයන් දෙදෙනාටම බොහෝ සෙයින් සමාන වූ මෝස්තරයක් තිබේ. පසුගිය වසර 100 තුළ, පරිණාම විද්‍යාඥයන් විශ්වාස කර තිබෙන්නේ වෛස්රෝයි සමනලයා, අප්‍රසන්න මොනාර්ක් සමනලයාගෙන් ඈත් වී සිටීමට ඉගෙනගත් පක්ෂීන්ගේ ප්‍රහාරවලින් වැළකීමේ වෑයමක් වශයෙන්, එම සමනලයාට සමාන පියාපත් මෝස්තරයක් පරිණාමයෙන් ලබාගත් බවයි. ඒ හේතුවෙන් මිසක, වෛස්රෝයි සමනලයා පක්ෂීන්ට ඉතා රසවත් බව විශ්වාස කෙරිණ.

පරීක්ෂකයන් මෑතකදී සොයාගෙන තිබෙන්නේ කුමක්ද? වෝකර් මෙසේ ලියයි: “කෙසේවෙතත්, නව පර්යේෂණවලින් අඟවන්නේ, වෛස්රෝයි සමනලයාට පක්ෂීන්ව නොව, විද්‍යාඥයන්ව සාර්ථකව රැවටීමට හැකි වී තිබෙන බවයි. . . . විපරම් සහිත පක්ෂීන්ට, වෛස්රෝයි සමනලයා මොනාර්ක් සමනලයා තරම්ම අප්‍රිය මෙන්ම විෂ සහිත රසක් දිය හැකි බව සත්ත්ව විද්‍යාඥයන් දෙදෙනෙකු විසින් නිරූපනය කොට තිබේ.” එහෙත් වෛස්රෝයි සමනලයා කීට අවස්ථාවේ විෂ සහිත ශාක නොව, එසේ නොවන විලෝ ගස්වල පත්‍ර අනුභව කරන හෙයින් ඌ අප්‍රිය වන්නේ මන්ද? වෝකර් මෙසේ ලියයි: “මින් අඟවන්නේ වෛස්රෝයි සමනලයන් කෙසේ හෝ උන්ගේම රසායන ආරක්ෂාව නිෂ්පාදනය කරන බවයි.”

ඇත්තවශයෙන්, කෘමි විද්‍යාවේ වර්තමාන තත්ත්වය අඟවන්නේ ප්‍රවීණයන්ට තවමත් ඉගෙනගැනීමට බොහෝ දේ තිබෙන බවත් ඇතැම් විට ඔවුන්ගේම “සම්ප්‍රදායික ප්‍රඥාව” පමණක් මත රැඳී සිටීමෙන් වැළකිය යුතු බවත්ය. මොනාර්ක් සමනලයා පිළිබඳව මෑත පොතක් සම්බන්ධයෙන් එක් විවේචකයෙක් මෙසේ ලීවේය: “මේ විශිෂ්ට පොතෙන් අපට පෙන්වන්නේ මොනාර්ක් සමනලයා ගැන අප වැඩි වැඩියෙන් ඉගෙනගන්නා විට නිසැකභාවයෙන් යුක්තව අප ‘දැන’ සිටින්නේ ස්වල්පයක් බවය.”

ඒ වෙනුවට, බයිබලය ප්‍රකාශ කරන්නාක් මෙන්: “අපගේ ස්වාමීන්වහන්ස [යෙහෝවඃවහන්ස, NW], අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේය.”—එළිදරව් 4:11.

අපගේ පොළොව මත ඇති සියලු ආකාර ජීවීන් පිළිබඳව මිනිසාට තවමත් බොහෝ දේ ඉගෙනගැනීමට තිබෙන බව පැහැදිලි දෙයකි. ඒකාන්ත දැනුමට තිබෙන එක් ප්‍රධාන බාධකයක් නම්, මැවුම්කාර-නිර්මාතෘවරයෙකුගේ පැවැත්මත් ක්‍රියාශීලී කාර්යභාරයත් පිළිගැනීම බොහෝ විද්‍යාඥයන් ප්‍රතික්ෂේප කිරීමයි. ද මයින්ඩ් ඔෆ් ගෝඩ් නමැති තම පොතේ ගණිත භෞතික විද්‍යාව සම්බන්ධයෙන් විශාරදයෙකු වූ පෝල් ඩේවීස් මෙසේ ලීවේය: “පාරභෞතික විද්‍යාවේ . . . තර්කවල ඕනෑම ස්වභාවයකට බොහෝ විද්‍යාඥයන් කලින් කලට වෙනස් ආකාරයකින් විරුද්ධ වීම ගැන කිසි සැකයක් නැත. දෙවිකෙනෙකු හෝ යථාර්ථයට රුකුලක් දිය හැකි පුද්ගලයෙකු නොවන නිර්මාණයට හේතුවන මූලධර්මයක් හෝ පැවැත්මට යම් පදනමක් තිබිය හැකි බවට වූ අදහසට ඔවුහු නිග්‍රහ කරති. පෞද්ගලික වශයෙන් මම ඔවුන්ගේ නිග්‍රහ කිරීම්වලට හවුල් නොවෙමි. . . . මෙම විශ්වයේ අපගේ පැවැත්ම දෛවයේ අහඹු සිදුවීමක්, ඉතිහාසයේ හදිසි අනතුරක්, මහා විශ්ව ක්‍රියාවලියේ කුඩා සිදුවීමක් බව මට විශ්වාස කිරීමට නොහැක.”

ගීතිකාකාර දාවිත් මෙසේ ලීවේය: “අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් [තම හදින්, NW] කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.” අනික් අතට, ප්‍රඥාවන්ත පුද්ගලයා අනාගතවක්තෘ යෙසායා කළාක් මෙන්, —නිහතමානීව මැවුම්කරුවාණන්ව පිළිගන්නේය: “ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මෙසේ කියනසේක: මම ස්වාමීන්වහන්සේය [යෙහෝවඃවහන්සේය, NW], වෙන කෙනෙක් නැත.”—ගීතාවලිය 14:1; යෙසායා 45:18. g94 11/8

[23වන පිටුවේ පින්තූරය]

මොනාර්ක් (ඉහළ), වෛස්රෝයි (16වන පිටුව). ප්‍රධාන වෙනසක් වනුයේ වෛස්රෝයිගේ යටි පියාපත්වල වැටී තිබෙන කළු රේඛාවයි. (රූපය නියම පරිමාණයක් අනුව නොවේ)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න