ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 10/8 15-17 පි.
  • චීටා බළලුන්ගෙන් ජවසම්පන්නයා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • චීටා බළලුන්ගෙන් ජවසම්පන්නයා
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වේගවත් බළලා
  • තිත්වල අලංකාරය
  • මාපිය බළල්-සත්කාර
  • දඩයක්කාරයාව දඩයම් කරයි
  • වේගයේ ශූරයා
    1996 පිබිදෙව්!
  • සත්ව ලොවේ නිම් හිම් නැති සෙනෙහස
    2005 පිබිදෙව්!
  • අප්‍රිකාවේ විශිෂ්ට කේශර සිංහයෝ
    1999 පිබිදෙව්!
  • පූසාගේ දිව
    නිර්මාණයක්ද?
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 10/8 15-17 පි.

චීටා බළලුන්ගෙන් ජවසම්පන්නයා

කෙන්යාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්

හිරු කිරණෙන් දැවෙන තැනිතලා තණබිම මත රශ්මිය නොවෙනස්ව පවතියි. තොම්සන්ස් ගැසල් වර්ගයේ මුව රංචුවක් වෙත අපේ දූර දර්ශක තියුණු ලෙස යොමු වී ඇත. රන්වන් පැහැති ඉරි ඇති උන්ගේ ඇලපත් බැසයන හිරුගේ අවසාන හිරු කිරණවලින් බැබළෙයි. වැඩි ඈතක නොවන මුත්, තවත් නිරීක්ෂකයෙක් වේ හුඹසක් මතට වී මුවන් දෙස ඉතා ඕනෑකමින් බලා සිටියි. ඒ ඇගේ පැටවුන් සමඟ සිටින තිත් ඇති බැළලියකි. ඇගේ කහවට හුරු දුඹුරු පැහැති ඇස්, දර්ශනය ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කරයි. ක්ෂණයකින්, ඇගේ මස්පිඩු නොසන්සුන් වී හෙමින් නැඟිට රංචුව සිටින දෙසට ඇදෙයි. ඇය නැවත එන තුරු තමන්ට බලා සිටින්න සිදු වන බව ඇගේ පැටවුන් දන්නා හැඩයි.

සුපරීක්ෂාකාරිව ඇය ඉදිරියට ඇදුණේ, කුඩා පඳුරු සහ දිග තණ පඳුරුවලට මුවා වී ඒවාට පිටුපසිනි. ඇගේ ගමන කලබලයෙන් තොරයි එමෙන්ම නිසැකයි. ඇගේ ගොදුරට මීටර් 200ක් විතර තියෙද්දී හදිස්සියේම ඇය ගල් ගැසෙයි. මුවෙක් ඉහළ බලා ඇය එන දෙස විපරම් කරමින් සිටියා; ඌ නැවත කන්න පටන්ගනියි. යළිත් වරක්, ඇය එදෙසට ඇදෙන්න පටන්ගනියි. ඇය දුවන්න තීරණය කරන්න පෙර අනපේක්ෂිත සතුන්ට මීටර් 50ක් පමණ සමීප වෙයි. එතුණු දඟරයක් දිග හැරෙන ආකාරයට ඇය සන්ධ්‍යාලෝකය දෙසට දිවයයි. මුව රංචුව හදිස්සියේම ඒ මේ අත දිව්වත්, බැළලී තමා තෝරාගත් ගොදුර වෙතින් ඇගේ ඇස් අහකට නොගනියි. වේගයෙන් දිවයන මුවා කරා ළඟා වෙමින් ඇය තැන්න හරහා තරඟයට දිවයයි.

බියට පත් සතා තම ලුහුබඳින්නා වළකාලන්න වංගු කැපුවත්, ලිස්සායෑමට දැරූ උගේ උපක්‍රම බැළලියගේ විදුලි සැරයට සම කළ නොහැකියි. ඉන්පසු, ඇගේ ත්‍යාගයට මීටරයක් පමණ තිබියදී, බලාපොරොත්තු වූ ගොදුර පැකිලවා වට්ටන්න ඇගේ ඉදිරි පාදයේ නිය ඉදිරියට දමයි. ඒ මොහොතේදී, ඇය යාන්තමින් පැකිලෙයි. ගත වූයේ නිමේෂයකි, මුවා නොපෙනී යයි.

හති දමමින්, වේගය අඩු කර නැවතී, චීටා බිම ඉඳගනියි. කුසගිනි පැටවුන් දෙස ඇය හැරී බලයි. පුදුමයට පත්ව සිටි මා මගේ බිරිඳ දෙස බැලුවෙමි. පුදුම දනවන චීටාගේ ප්‍රබල වේගය ගැන අපි මේ දැන් සාක්ෂිකරුවන් වීමු.

වේගවත් බළලා

ඇත්තෙන්ම චීටාට පවන බඳු වේගයකින් දිව යා හැකියි. පුදුමාකාර ලෙස, සම්පූර්ණ නිසල තත්වයේ සිට පැයට කිලෝමීටර් 65ක් තරම් වේගයක් දක්වා වේගය වැඩි කරගන්න ඌට ගත වන්නේ තත්පර දෙකයි! ඌට අත් කරගන්න පුළුවන් පැයට කිලෝමීටර් 110ක වේගයක්! ඌ තමයි පොළොව මත සිටින වේගවත්ම සතා. චීටා සමඟ සසඳද්දී, පැයට කිලෝමීටර් 72කට යාන්තම් වැඩි වේගයක් රේස් අශ්වයෙකුටත්, පැයට කිලෝමීටර් 65ක කෙටි දුරක් ග්‍රේහවුන්ඩ් බල්ලෙකුටත් අත් කරගත හැකියි. කෙසේවුවත්, චීටාට මේ පුදුමාකාර වේගය පවත්වාගත හැක්කේ කෙටි දුර සඳහා පමණයි.

චීටා හීන්දෑරි සිරුරකින්ද, දිගු මෙන්ම සිහින් පාවලින් යුතු වූ සුනම්‍ය, වක් වූ පස්සා ගාතයකින්ද හෙබි සතෙකි. චීටාගේ තිත් ඇති දිගු වලිගය ඌ අධික වේගයෙන් වංගු ගනිද්දී සමබරතාව ලබා දෙයි. ඌ වැඩිම වේගයෙන් දුවද්දී, ඌට මීටර් හයකට වඩා ඈතින් අඩි තැබිය හැකියි. එවන් ජවයක් සඳහා එක් ආධාරකයක් වන්නේ උගේ අද්විතීය පාදයි; ඒවා බළලෙකුගේ ඒවාට වඩා බල්ලෙකුගේ ඒවාට සමානයි. පොළොව දැඩිව ග්‍රහණය කර ඉදිරියට ඇදීම වැඩි කරවීමට ඌ උගේ නිය පාවිච්චි කරයි.

තිත්වල අලංකාරය

චීටාගේ මුහුණ පැහැදිලිවම අද්විතීයයි, එමෙන්ම අලංකාරයි. ඇස්වල සිට කටේ කෙළවර දක්වා වැටී ඇති සියුමැළි කළු පැහැති ඉරි දෙක මේ බළලාට දුක්මුසු බොහෝදුරට කාලකණ්ණි පෙනුමක් ගෙනෙයි. කෙටි ලොම් මත හොඳින් කාවැදුණු කුඩා තිත් වැටී ඇත; සිරුර බොහෝවිට ලා රතට හුරු දුඹුරු පැහැයක් ගන්නා අතර, බඩ සුදු පැහැතිය. ඉපදෙන විට පැටවුන් වඩා තද පැහැයක් ගන්නා අතර, උන්ගේ බෙල්ලේ සිට වල්ගය දක්වා දිවෙන නිලට හුරු අළු පැහැති දිගු ඝනකම් ලොම්වලට උන් උරුමකම් කියයි.

චීටා කුරුල්ලෙක් මෙන් හීන් හඬක් පිට කරයි. මේ ශබ්දය කිලෝමීටර් දෙකක් දක්වා දුරකට ඇසෙන අතර, එසේ කරන්නේ උගේ පැටවුන් සමඟ සහ වෙනත් චීටාවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමටයි.

උගේ සහායක බළලුන් වන සිංහයා සහ දිවියා සමඟ සසඳන කල චීටාගේ චරිත ස්වභාවය මෘදු මෙන්ම සාමකාමියි. තෘප්තියට පැමිණුණාම, ගෙදර ඇති කරන යෝධ බළලෙක් වගේ ඌ පුරු පුරු ගායි. මිනිසුන්ගේ වාසයට ඌ පහසුවෙන්ම හුරු වන අතර, උන්ව හීලෑ කරගෙන පවා තිබේ. චීටා ගෙදර ඇති කරන බළලෙක් නොවන වග අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. හොඳින් වැඩුණාම උගේ බර කිලෝග්‍රෑම් 45ක් හෝ ඊට වැඩියි; එමෙන්ම උගේ තියුණු දත් සහ නිය කියාපාන්නේ ඌ අන්තරාදායක සතෙක්—ඒ කියන්නේ, පරෙස්සමින් ආශ්‍රය කළ යුතු සතෙක් බවයි.

චීටා ඉපදෙන්නේ දඩයම් කිරීමේ හැකියාව ඇතුව නොවෙයි. උගේ අම්මා එසේ කිරීමට උන්ව දැඩි ලෙස පුහුණු කරයි. පැටියෙකුව හිර කර තබාගෙන ඇති දැඩි කළා නම්, ගොදුර ලුහුබැඳ ගොස් එය බිම හෙළන්න ඇති උගේ හැකියාව අඩු වෙයි. සාමාන්‍යයෙන් ආහාර බුදින සිංහයන් අතර ඇති බොරුවට කෑගැසීම සහ සණ්ඩු කිරීම මුන් ළඟ නැහැ; අම්මා සහ පැටවුන් එකට ආහාර බුදින විට සාමකාමීව එසේ කරයි. වියළි ප්‍රදේශවලදී චීටාවුන් යුෂ පිරි කොමඩු බුදිනු ලබන බවට ප්‍රකටයි.

මේ සාමකාමී බළලුන්ට මෙතරම් නිර්භීත විය හැකිද කියා අප්‍රිකානු අභය භූමිවලට පැමිණෙන සංචාරකයන් පුදුම වෙයි. සංචාරක වෑන් රථයක සෙවණට මුවා වී සිටීම හෝ මෝටර් රථයක ඉදිරි වැස්ම මතට පැන බියට සහ පුදුමයට පත්ව සිටින මඟීන් දෙස වාහනයේ ඉදිරි සුළං මුවා වීදුරුවෙන් බලා සිටීම වැඩුණාවූ චීටාවෙකුට අසාමාන්‍ය දෙයක් නොවෙයි.

මාපිය බළල්-සත්කාර

ගැහැනු චීටාට පුංචි එවුන් හයදෙනෙක් දක්වා පැටව් ගැසිය හැකියි. ඇය උන්ව ධෛර්යවත්ව ආරක්ෂා කරගෙන හොඳින් සඟවා තබන අතර, පැටවුන්ගේ මුල් මාස කිහිපයේදී බොහෝවිට උන්ව තැනින් තැනට මාරු කරයි. කෙසේවෙතත්, තම පැටවුන්ව ආරක්ෂා කරගන්න චීටා මව්වරු පරිශ්‍රමය දැරුවත්, වැඩිහිටිභාවය තෙක් රැකෙන්නේ පෙනෙන විදිහට පැටවුන්ගෙන් තුනෙන් එකක් පමණයි.

චීටා පැටව් සිටින පවුලකට සත්කාර කිරීම චීටා අම්මීට පහසු දෙයක් නෙවෙයි. උන් ශක්තියෙන් පිරිල, එමෙන්ම අතිශයින් සෙල්ලක්කාරයි. ඇය සාමාන්‍ය බළලෙක් කරන තාලෙට වලිගය වනමින් විවේක ගනිමින් සිටින විට පැටවුන් තම අම්මාගේ වලිගය බොහෝ අවස්ථාවලදී ලුහුබඳියි. පොර ඇල්ලීමේ, සැපීමේ සහ එකිනෙකා පසුපස ලුහුබැඳීමේ යෙදී සිටිද්දී ගොදුරු කන්නෙකුගෙන් ඕනෑම වේලාවක එල්ල විය හැකි අනතුර ගැන උන්ට බොහෝවිට අමතක වී යයි.

දඩයක්කාරයාව දඩයම් කරයි

සිංහයන්, දිවියන් සහ බලු දිවියන් ඇතුළුව කැලයේදී චීටාට සතුරන් බොහෝ සිටියි. කෙසේනමුත්, චීටාගේ නරකම සතුරා නම් මිනිසායි. උගේ අලංකාර තිත් වැටුණු ලොම්, ඇඳුම් සහ පාපිස්න මෙන්ම ජය සලකුණු සඳහා උසස් ත්‍යාග ලෙස පාවිච්චි කරයි. මේ වේගයෙන් දුවන ජීවියාව කොටු කර, විනෝද දඩයම් සඳහා පුහුණු කර තිබේ. අල්ලා හිර කර තැබීමේදී තම වර්ගයා බෝ කිරීම උන් ප්‍රතික්ෂේප කරන නිසා, ඉහත ඉල්ලුම සැපයීම සඳහා උන්ගේ රාජධානියේ කෙළවරටම උන්ව ලුහුබැඳ තිබේ. වාසභූමි අහිමි වීමත් චීටා මත පීඩන එල්ල කර ඇති අතර, දැන් මූලිකව නැඟෙනහිර අප්‍රිකාවේ අභය භූමිවල උන්ව දැකගත හැකියි.

වර්ෂ 1900දී, රටවල් 44ක ඇස්තමේන්තු කළ චීටාවන් 1,00,000ක් සිටියා. අද සිටින්නේ සමහරවිට 12,000ක් පමණයි; ඒ රටවල් 26ක, ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ. මේ අලංකාර තිත් සහිත බළලාව රැකගන්න පරිශ්‍රම දැරුවත්, උන්ගේ ගණන නොනවත්වාම ක්ෂය වෙමින් පවතියි.

චීටාව වඳ වී යෑමෙන් බේරාගන්න හැකි වෙන්නේ නැතැයි සමහරුන් සිතනවා. කෙසේවෙතත්, ‘පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහි අධිපතිකම් කරන්න,’ බලාගන්න සහ ආරක්ෂා කරන්න දෙවි දුන් වගකීම පූර්ණ ලෙස පිළිගන්න කාලය පැමිණෙන බව දැනගැනීම සහනය ගෙන දෙයි. (උත්පත්ති 1:28) චීටා වැනි අලංකාර බළලෙක් පොළොව මත වසන්නන්ව සදාකාලයටම සතුටු කරනු ඇති බවට ස්ථිරවම සහතික විය හැක්කේ එවිට පමණයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න