ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 1/8 30 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 1998 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • හිරිහැර කිරීම—ඇතැම් හේතු සහ ප්‍රතිඵල
    2003 පිබිදෙව්!
  • හිරිහැර කිරීම—ලොව වටා පවතින ගැටලුවක්
    2003 පිබිදෙව්!
  • චණ්ඩිකම ඒකෙ ඇති හානිය මොකක්ද?
    1997 පිබිදෙව්!
  • චණ්ඩි ළමයි මගේ දරුවාට හිරිහැර කළොත් . . .
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 1/8 30 පි.

අපගේ පාඨකයන්ගෙන්

ඇමසන් වැසි වනාන්තර “ඇමසන් වැසි වනාන්තර—මිථ්‍යාවන් සහ යථාර්ථයන්” නමැති මාතෘකාවෙන් යුත් ලිපි මාලාව මාගේ සිත්ගත්තා. (1997 මාර්තු 22, ඉංග්‍රීසියෙන්) ශාක පිළිබඳ පරිසරවේදියෙකු වශයෙන් එ.ජ. වන දෙපාර්තමේන්තුවේ සේවය කරන මට පරිසරය පිළිබඳ පොත් පත් හුඟක් අධ්‍යයනය කරන්න සිදු වෙනවා. ඒත්, මා හිතනවා මේ විෂය ගැන මා මෙතෙක් කියවා තිබෙන හොඳම ලිපිය ඔබගේ ලිපියයි කියා. එහි හොඳින් පර්යේෂණයට ලක් කර තිබෙන, දැනුම ලබා දෙන මෙන්ම කාලීන තොරතුරු අඩංගු වෙලා තිබුණා; ඒ වගේම එය කියවීමෙන් වින්දනයක් ලැබුවා. ජෛව විවිධත්වය, උද්ධරණය, භාගීකරණය හා පරිසර පද්ධතිය වගේ සංකල්ප ජාත්‍යන්තර වශයෙන් විශාල ලෙස බෙදාහරින සඟරාවක දක්නට ලැබීම මගේ උනන්දුවට හේතු වුණා. මෙයින් සිදු විය හැක්කේ තත්වය තවත් යහපත් අතට පත් කිරීම පමණයි.

ඩී. එස්., එක්සත් ජනපදය

මගේ වයස අවුරුදු 12යි; සඟරාවේ තිබුණු ලිපිවලට ස්තුති කරන්න මම කැමතියි. සඟරාව ලැබුණු දාම හැන්දෑවේ ඒවා කියවන්න මට ඕන වුණා! පාසැලේ භූගෝල විද්‍යා පාඩමේදී මේ මාතෘකාව ගැන අපි අධ්‍යයනය කරන නිසා, මම ඊළඟ දවසේදී භූගෝල විද්‍යාව උගන්වන මාගේ ගුරුවරයාට පිටපතක් දුන්නා. ඇත්තෙන්ම, ඒක පන්තියේ ඉන්න අනිත් අයගේ කුතුහලය ඇවිස්සුවා; තව වැඩිපුර සඟරා කිහිපයක් ඔවුන්ට බෙදා දෙන්න මා බලාපොරොත්තු වෙනවා.

ටී. ඊ., ජර්මනිය

ඇත්තෙන්ම ඒ ලිපි සිත්ගන්නාසුලුයි. සඳහන් කර තිබූ කෘමී විශේෂ අතිවිශාලයි, එක් එක් කෘමියා වනාන්තරයේ භූමිය මතුපිට තිබෙන කොළ යට ජීවත් වෙමින් තමාගේ වැඩය කරනවා. එහි ජීවත් වෙන හැම සතෙක්ටම ආහාර ලැබෙන බවට යෙහෝවා වගබලාගන්නවා. ඔහු “පොළොව විනාශකරන්නවුන් විනාශකරන්න” යන්නේ ඇයි කියල මට තේරුම්ගන්න පුළුවන්.—එළිදරව් 11:18.

ඩී. කේ. එච්., එක්සත් ජනපදය

චණ්ඩිකම—ඒකෙ ඇති හානිය මොකක්ද? “යෞවන අය අසති . . . චණ්ඩිකම—ඒකෙ ඇති හානිය මොකක්ද?” යන මාතෘකාවෙන් යුත් ලිපියට ස්තුතියි. (1997 අප්‍රියෙල් 8) පාසැලේදී හැම කෙනෙක්ම දුර්වලම අයව පහත් කොට සලකනවා; ඒ දෙයම කරන්න මාවත් පෙලඹුණා. ඒත් අනිත් තැනැත්තාගේ තත්වයට තමාවම පත් කරගන්න කියා මේ ලිපියේ දුන් උපදේශය, චණ්ඩිකම් පෑමෙන් වැළකී සිටින්න මට හුඟාක් උපකාර කළා. නැවත වරක් ඔබට ස්තුතියි.

එම්. එන්., ප්‍රංශය

මගේ වයස අවුරුදු 17යි; ලිපිය පළ කිරීම ගැන මම ඔබට හුඟාක් ස්තුතිවන්ත වෙනවා. එය මගේ යාච්ඤාවලට ලැබුණු උත්තරයක්; ඇත්තෙන්ම එය මාව දිරිමත් කළා. යෙහෝවා චණ්ඩිකම් පෑම හෙළා දකින බව දැනගැනීම මට හුඟාක් උපකාර කළා මගේ හැසිරීමේ අවශ්‍ය වෙනස්කම් කරගන්න. රන් අණ හා යේසුගේ ආදර්ශයත් මාගේ සිතට කාවැදුණා; නිවැරදි ලෙස කටයුතු කරන්න ඒවා මට උපකාරවත් වෙනවා.

වී. ටී., ඉතාලිය

ළඟදී, විවේකාගාරයකදී, මම පිබිදෙව්! සඟරාවක් කියෙව්වා; එය ඉතාමත් හොඳින් ලියා තිබූ එකක් බව මා සොයාගත්තා. චණ්ඩිකම් මගින් ඇති කරන්න පුළුවන් කල්පවතින හානි ඇත්තෙන්ම මට තේරෙනවා. මගේ සහෝදරයා වචනවලින්, හැඟීම්වලින් හා ශාරීරිකව අනිසි ලෙස [මට, ඔහුගේ සහෝදරියට] සැලකුවා. ඒවාට විරුද්ධව කටයුතු කළොත්, එයා ඉරියව්වලින් අකමැත්ත පළ කරලා හිනා වෙමින් ඒක නිකම්ම විහිළුවක් කියල කියනවා. ඔහු කියන්නේ, මට විහිළුවක්වත් තේරෙන්නේ නැති හින්දා ගැටලුව මමයි කියලා! මට අවුරුදු 13ක් හා ඔහුට අවුරුදු 15ක්ව සිටියදී, ඔහු මට ලිංගික හිරිහැරවලින් තර්ජනය කරන්න පටන්ගත්තා. මම හැම තිස්සේම ජීවත් වුණේ බයෙන්; මොකද එයා මට වඩා වැඩිමල්, ලොකුයි, හරිම ශක්තිමත්! මගේ දෙමාපියන් කවදාවත් මාව ආරක්ෂා කළේ නැහැ. ජීවිතයේ බරපතළ ගැටලු ගැන අවධානය යොමු කිරීම ගැන පිබිදෙව්! සඟරාවට ස්තුතියි. ඒකට ධෛර්යය අවශ්‍යයි කියල මම දන්නවා. මේ ලිපිය මගින් ඔබ හුඟදෙනෙකුගේ හදවතට කතා කර තියෙනවා කියලා මට හැඟෙනවා.

බී. එස්. එම්., එක්සත් ජනපදය

ගෙවතුවගා කරන කුහුඹුවන් “ප්‍රවීණ උයන්පල්ලෙක්” (1997 අප්‍රියෙල් 8) යන ලිපිය කියවීමෙන් පසුව, ප්‍රදර්ශනයක් නරඹා ඔබ විස්තර කළ ඒ සතාගේ හැම ක්‍රියාවක්ම ඇස් දෙකෙන්ම දැකගන්න මට පුළුවන් වුණා. සීලිමේ එල්ලෙන ලණුවක් දිගේ ගස්වල කොළ ගමන් කරමින් තිබෙනවා වගෙයි පෙනුණේ. ඇත්තෙන්ම ඒ කොළ උසුලාගෙන යමින් සිටියේ කුහුඹුවන්; උන් ඒ ළඟපාත හතු පාත්තියක් වගා කිරීමේ වැඩ බහුලව සිටියා. ඔබ සඳහන් කර තිබුණු දෙය දැකබලා ගැනීම, ඇත්තෙන්ම ගෞරවය මුසු වූ හැඟීම් ඇති කරවන දසුනක් වුණා; ඒ වගේම එය මාවත් මගේ කුඩා දැරියන් දෙදෙනාවත් අපේ ප්‍රේමනීය මැවුම්කරු වන යෙහෝවා වෙතට තවත් ළං කළා.

පී. එෆ්., ස්කොට්ලන්තය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න