ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g00 9/8 28 පි.
  • ගුවනේදී රැකවරණය ඔබ අතමය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගුවනේදී රැකවරණය ඔබ අතමය
  • 2000 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම
    2002 පිබිදෙව්!
  • හදිසි ආපදාවකදී ජීවිත රැක දෙන පියවර
    2017 පිබිදෙව්!
  • හදිසියකදී ඔබ අඬගසන සැණින්
    2010 පිබිදෙව්!
  • හදිස්සි ගොඩබැස්වීමක්!
    2004 පිබිදෙව්!
තව තොරතුරු
2000 පිබිදෙව්!
g00 9/8 28 පි.

ගුවනේදී රැකවරණය ඔබ අතමය

“සතියකට වරක්වත් මඟී ගුවන් ගමන්වලදී මඟීන්ව හදිසියේ යානයෙන් ඉවත් කිරීමට සිදු වේ” කියා USA ටුඩේහි (ඉංග්‍රීසියෙන්) වාර්තා කරයි. බොහෝ අවස්ථාවලදී හදිසි ඉවත් කිරීම්වලට මූලිකවම හේතු වන්නේ සුළු සිද්ධියක් හෝ බොරු අනතුරු ඇඟවීමක්ය. නමුත් එවැනි හදිසි ඉවත් කිරීමකදී ඔබට සාර්ථකව මුහුණ දීමට පහත සඳහන් උපදෙස් ප්‍රයෝජනවත් වේ.

● සුදුසු ලෙස ඇඳ පැළඳ සිටින්න. ශරීරය හොඳින් ආවරණය වන හා පහසුවෙන් එහා මෙහා යෑමට හැකි කරවන සැහැල්ලු ඇඳුමක් ඔබ තෝරාගත යුතුය. එය දිග කලිසමක් හා අත් දිග කමිසයක් නම් වඩාත් හොඳය. ස්වභාවික රෙදිවලින් එනම් කපු, ලොම්, ඩෙනිම් හා හම්වලින් සෑදූ ඇඳුම් අඳින්න. නමුත් රෙයෝන්, පොලියෙස්ටර්, නයිලෝන් වැනි කෘත්‍රිම රෙදි අධික උෂ්ණත්වයකදී හෝ ගිනි ගැනීමකදී ඉටි මෙන් උණු වී යා හැකි නිසා ශරීරය දරුණු ලෙස පිලිස්සීමකට ලක් විය හැකියි. එමනිසා එවැනි ඇඳුම් සුදුසු නැත.

● මනස සකස් කරගන්න. හදිසි අවස්ථාවකදී ඔබ කුමක් කරාවිද කියා කල්පනා කර බලන්න. යානයේ අසුන් ගත් විගසම, හදිසි අවස්ථාවලදී ඔබට ඉදිරියෙන් හා පිටුපසින් ඔබට කිට්ටුවෙන්ම ඇති පිටවීමේ දොරටු තිබෙන්නේ කොහේද කියා සෝදිසි කර බලන්න. ගමන ඇරඹීමට පෙර සියලුම ගුවන් මඟීන්ට දෙන ආරක්ෂක උපදෙස්වලට හොඳින් සවන් දෙන්න. ඔබට සපයා ඇති ආරක්ෂක උපදෙස් සහිත අත් පිටපත හොඳින් කියවන්න.

● අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන්න. හදිසි අවස්ථාවලදී කලබල නොවී දෙන උපදෙස් හොඳ සිහියෙන් අනුගමනය කරන්න. ගුවන් යානයෙන් ඉවත් වන්න කියා පැවසුවොත්, ඔබ සතු බඩුබාහිරාදිය අත්හැර දමා, ඔබට ළඟම ඇති හදිසි අවස්ථාවකදී පිට වන දොරටුව වෙතට ඉක්මනින්ම පිවිසෙන්න.

● ගුවන් යානයෙන් ඉවතට යෑමේදී ප්‍රවේසම් වන්න. දොරටුවෙන් පිට වී යෑමට ලිස්සන බෝට්ටුවක් වැනි යමක් (ස්ලයිඩ් එකක්) දමා තිබේ. එම ස්ලයිඩ් එකට පනින්න. ඔබේ දෑත් එකට බැඳ, පාදයන් එකට තබාගන්න. උල් වූ අඩි ඇති සපත්තු පැළඳ සිටිනවා නම් ගළවන්න. ඔබ ලිස්සා බිමට බැස්ස පසු ගුවන් යානය තිබෙන තැනින් ඉවත් වී ඔබව එතැනින් රැගෙන යෑම සඳහා වාහනයක් එන තුරු අවධානයෙන් බලා සිටින්න.

මෙම උපදෙස්වලින් ඔබට ප්‍රයෝජනයක් අත් කරගත හැකිද? ඇත්තෙන්ම ඔව්. “ගුවනේදී ඇති වන සෑම හදිසි අනතුරක්ම මාරාන්තික නොවේ” කියා සාමුහික ගුවන් පාලන අධිකාරිය පවසන බව නිව්ස්ලෙටර් ඉන්ටකොම් (ඉංග්‍රීසියෙන්) නමැති සඟරාව කියයි. එහි තවදුරටත් මෙසේ පවසයි. “බොහෝවිට ගුවනේදී ඇති වන මාරාන්තික අනතුරුවලින් සියයට පනහක්ම වැළැක්විය හැකිය.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න