විශ්වාස කළ හැකි පොතක්—7වන කොටස
හත්වෙනි ලෝක අධිරාජ්‍යය
බයිබල් ඉතිහාසයේ තිබූ විවිධ ලෝක අධිරාජ්‍යයන් හතෙන්, මෙහි කතා කරන්නේ අවසාන අධිරාජ්‍යය ගැනයි. මෙම ලිපි මාලාවේ අරමුණ වන්නේ, බයිබලය දෙවිගෙන් ලැබුණු විශ්වසනීය පොතක් බව පෙන්වීම හා මිනිසුන්ගේ අනිසි පාලනය නිසා ඇති වී තිබෙන දුක් වේදනා අවසන් වන බවට බලාපොරොත්තුවක් අප තුළ ඇති කිරීමයි.
අප ජීවත් වන්නේ මිනිස් ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයකයි. එනම් බයිබලයේ සඳහන් වන හත්වන ලෝක අධිරාජ්‍යය පාලනය කරන කාල පරිච්ඡේදයේයි. එම අධිරාජ්‍යයන් බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “රජවරුන් හත්දෙනෙකු” ලෙසයි. එමෙන්ම එහි මෙසේද සඳහන් වෙනවා. “පස්දෙනෙක් වැටී ගොස් ඇත. එක් කෙනෙක් දැන් සිටියි. අනික් තැනැත්තා තවමත් පැමිණ නැත. ඔහු පැමිණි විට ඔහු පවතින්නේ කෙටි කලකට පමණි.”a—එළිදරව් 17:10.
ඉහත සඳහන් අනාවැකිය බයිබලයේ වාර්තා වුණේ මීට අවුරුදු 1900කට වඩා වැඩි කාලයකට පෙරයි. එය ලියූ කාලය වන විට රජවරුන් හත්දෙනාගෙන් පස්දෙනෙකු වැටී ගොස් තිබුණා. එම රජවරුන් හෙවත් අධිරාජ්‍යයන් වුණේ ඊජිප්තුව, ඇසිරියාව, බැබිලෝනිය, මේද පර්සියාව හා ග්‍රීසියයි. ඒ වන විට බලයේ සිටියේ රෝමයයි. නමුත් බයිබලයේ සඳහන් එම අනාවැකියට අනුව රෝමයට පසුව තවත් එක් රජෙක් පැමිණීමට නියමිතව තිබුණා. ඔහු ගැන බයිබලයේ මෙසේ විස්තර කරනවා. “අනික් තැනැත්තා තවමත් පැමිණ නැත. ඔහු පැමිණි විට ඔහු පවතින්නේ කෙටි කලකට පමණි.” එසේනම් එම අන්තිම රජ කවුද? ඔහු කොපමණ කාලයක් පවතීද? ඔහු බිඳ වැටෙන්නේ කෙසේද? මෙම වැදගත් ප්‍රශ්නවලට බයිබලය පිළිතුරු දෙයි.
විශ්වාස කළ හැකි අනාවැකි
රෝම අධිරාජ්‍යය බිඳ වැටීමත් සමඟම එංගලන්තය ක්‍රමක්‍රමයෙන් බලයට පැමිණියා. වර්ෂ 1760 ගණන්වලදී බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයක් බවට පත් වුණා. එය විශාල වෙමින් තම බලය තහවුරු කරමින් 19වන සියවස වන විට මුළු ලෝකයේ බලවත් හා ධනවත්ම රාජ්‍යය බවට පත් වුණා. එක් පොතක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ගැන සඳහන් වුණේ මෙයයි. “ලෝකයේ පැවති විශාලම අධිරාජ්‍යය බ්‍රිතාන්‍යයි. එය යටතේ මිලියන 372ක ජනගහනයක් සිටියා. ඒ වගේම එහි පාලනයට වර්ග කිලෝමීටර් මිලියන 28කටත් වඩා වැඩි ප්‍රදේශයක් අයත් වුණා.”
පළමු ලෝක මහා යුද්ධ සමයේදී, එනම් 1914-1918 අතර කාලෙය්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය සමඟ මිත්‍රත්වයක් ඇති කරගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස එම රාජ්‍යයන් දෙක එකතු වී ලෝක අධිරාජ්‍යයක් බවට පත් වුණා. මෙම අධිරාජ්‍යය අදටත් පවතිනවා.—“සුවිශේෂී මිත්‍රත්වයක්” නමැති කොටුව බලන්න.
බයිබලයේ එළිදරව් පොතේ සඳහන් අනාවැකිය තේරුම්ගැනීමට දානියෙල් පොතේ සඳහන් වන අනාවැකියක් අපට උපකාර කරනවා. එහි සඳහන් වන ආකාරයට නෙබුකද්නෙෂර් රජ සිහිනයක් මාර්ගයෙන් “අතිවිශාල රූපයක්” දුටුවා. (දානියෙල් 2:28, 31-43) එම රූපයේ කොටස්, බැබිලෝනි අධිරාජ්‍යයේ සිට පිළිවෙළින් ඇති වූ අධිරාජ්‍යයන් බව දානියෙල් විස්තර කළා. එහි ඉටු වීම අපට ඉතිහාසයෙන් දැකගත හැකියි. ඒ රූපයේ කොටස් බෙදී තිබුණේ මේ ආකාරයටයි.
රන් හිස බැබිලෝනීයයි.
රිදී ළය සහ අත් මේද පර්සියාවයි.
පිත්තල බඩ සහ කළවා ග්‍රීසියයි.
යකඩ කෙණ්ඩා රෝමයයි.
යකඩ හා මැටි මිශ්‍ර පාදවලින් නියෝජනය කළේ එංගලන්ත ඇමරිකානු ලෝක අධිරාජ්‍යය පවතින කාලයේදීම තිබෙන බෙදුණු දේශපාලනික ක්‍රම හා ගැටුම් සහිත මිනිස් සමාජයයි.
බයිබලයේ පවසන ආකාරයට මෙම හත්වෙනි ලෝක අධිරාජ්‍යය පවතින්නේ කෙටි කාලයකට පමණයි. (එළිදරව් 17:10) කෙටි කාලයක් කියා පවසන විට ඉන් අදහස් කරන්නේ කුමක්ද? ඒ වගේම එම අධිරාජ්‍යය නැති වී යන්නේ කෙසේද? ඉන්පසුව සිදු වන්නේ කුමක්ද? දානියෙල් පොතෙන් ඊට පිළිතුරු ලබාගත හැකියි.
විශ්වාස කළ හැකි බලාපොරොත්තුවක්
ඉහත සඳහන් රූපය දානියෙල් විස්තර කළාට පසුව ඔහු මෙවැනි දෙයක් පවසනවා. “මිනිසෙකුගේ අතින් නොකැපූ ගලක් වේගයෙන් ඇවිත් යකඩවලින් හා මැටිවලින් සෑදී තිබුණු ඒ රූපයේ පාද සුනුවිසුනු කර දැමුවා.” (දානියෙල් 2:34) මෙම දර්ශනයේ අර්ථය කුමක්ද?
දානියෙල් ඊළඟට පවසන දෙයින් අපට ඒ සඳහා පිළිතුරු ලබාගත හැකියි. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”b (දානියෙල් 2:44, 45) අපි දැන් එහි සඳහන් කරුණු කිහිපයක් ගැන සලකා බලමු.
‘අතින් නොකැපූ ගලෙන්’ නියෝජනය වන්නේ දෙවි විසින් පිහිටුවන ඔහුගේ රාජ්‍යයයි. එය පිහිටුවා තිබෙන්නේ මිනිසෙකු නොවන නිසා එය හඳුන්වන්නේ දෙවිගේ රාජ්‍යය කියායි.
හත්වන අධිරාජ්‍යය ඇතුළුව සියලු මිනිස් පාලනයන් දෙවිගේ රාජ්‍යය විසින් ‘පොඩි කර නැති කර දමනවා.’ ඊට හේතුව ඔවුන් දෙවිගේ රාජ්‍යය පිළි නොගැනීමයි. බයිබලයේ එය සංකේතාත්මක ලෙස සඳහන් කර තිබෙන්නේ “මුළු ලොව පුරාම සිටින රජුන්” හර්–මගෙදොන් නමැති ස්ථානයට රැස් කර දෙවි ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන බවයි.—එළිදරව් 16:13, 14, 16.
සියලුම මිනිස් පාලනයන් තාවකාලිකයි. නමුත් දෙවිගේ රාජ්‍යය “සදහටම පවතියි.” (දානියෙල් 2:35, 44) ඒ වගේම මුළු පොළොවම පාලනය කරන්නේ එයයි.
දෙවි තම සතුරන්ව විනාශ කරන එම ජයග්‍රාහී අවස්ථාවේදී බයිබලයේ සඳහන් මුල්ම අනාවැකියද ඉටු වෙනවා. (උත්පත්ති 3:15) එම අනාවැකිය ගැන මෙම ලිපි මාලාවේ මුල්ම ලිපියේද සඳහන් වුණා. ඒ අනාවැකියට අනුව එහි සඳහන් වන “තැනැත්තා” දෙවිගේ සතුරා වන සාතන්වත් ඔහුගේ පැත්ත ගන්නා සියලුදෙනාවත් විනාශ කරනවා. එම “තැනැත්තා” වන්නේ යේසුස් ක්‍රිස්තුස්. (ගලාති 3:16) සාතන්ගේ පැත්ත ගන්නා අය වන්නේ දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කරමින් මිනිසුන්ගේ පාලනයට ඇලී සිටින අයයි.—ගීතාවලිය 2:7-12.
ඊළඟට මතු වන වැදගත් ප්රශ්නය වන්නේ දෙවිගේ රාජ්‍යය මගින් ගෙනෙන මේ අවසන් විනාශය එන්නේ කවදාද යන්නයි. ඒ බව දැනගැනීම සඳහා බයිබලයේ “ලකුණක්” දී තිබෙනවා.—මතෙව් 24:3.
“ලකුණ” හඳුනාගනිමු
එම ලකුණට ලොව පුරා සිදු වන යුද්ධ, මහත් භූමිකම්පා, වසංගත හා ආහාර හිඟකම් අයත් වෙනවා. (ලූක් 21:10, 11; මතෙව් 24:7, 8; මාක් 13:8) ඊට අමතරව සදාචාරමය වශයෙන් මහත් පිරිහීමක්ද මිනිසුන් සැබෑ දෙවිගෙන් ඈත් වීමක්ද සිදු වෙනවා. (2 තිමෝති 3:1-5) දැන් “ඒ සියල්ල” සිදු වන බව පෙනෙන්න තිබෙනවාද? (මතෙව් 24:8) ඇත්තෙන්ම ඔව්. සිදු වන භයානක දේවල් නිසා බොහෝ අය අනාගතය දෙස බලන්නේ අවිනිශ්චිතවයි. ඒ බව එක් පුවත්පතක සඳහන් වූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “මුළු මිනිස් සංහතියම නැති වී යන බවට ලොව පුරා සිටින බොහෝ සමාජ විද්‍යාඥයන් අනතුරු අඟවනවා.”—The Globe and Mail.
නමුත් මිනිසුන් සිතන ආකාරයට මුළු මිනිස් සංහතියම නැති වී යෑමට දෙවි ඉඩ දෙන්නේ නැහැ. ඔහුගේ රාජ්‍යය මගින් අද පවතින තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. කලින් සඳහන් කළ ලකුණේ තවත් අංගයක් ගැන යේසුස් මෙවැනි අනාවැකියක් පැවසුවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙව් 24:14) එහි සඳහන් වන ආකාරයට මේ ශුභාරංචිය අද දේශනා කරමින් තිබෙනවාද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 230කට අධික සංඛ්‍යාවක දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මිනිසුන්ට කියා දෙනවා. ඔවුන්ගේ ප්‍රධානතම සඟරාව වන මුරටැඹ සඟරාවේ මුල් පිටුවේ “යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි” කියා සඳහන් වී තිබෙන්නේ ඒ නිසයි. (ගීතාවලිය 83:18) සාක්ෂිකරුවන් ලබා දෙන බයිබලය මත පදනම් දැනුම නිසා බොහෝ අයට තමන්ගේ ජීවන රටාව වෙනස් කරගැනීමටත් දෙවිගේ උසස් ප්‍රමිති අනුව හැඩගැසීමට හැකි වී තිබෙනවා. (1 කොරින්ති 6:9-11) දැන් ඔවුන් ඉතා ආශාවෙන් බලා සිටින්නේ මිනිසුන්ට හානි කරන සියලුම මිනිස් පාලන මේ පොළොවෙන් ඉවත් වන තුරුයි.
එදාට යේසුස් යාච්ඤා කරන්න කියා පැවසූ දේවරාජ්‍යය පැමිණ ඇති බව ඔවුන්ට සියැසින්ම දැකගැනීමට හැකි වෙයි. යේසුස් පැවසුවේ මෙයයි. “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” (මතෙව් 6:10) දෙවිගේ කැමැත්ත මේ පොළොවේ ඉටු වන විට සහ සියලුදෙනාම දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වන විට මේ පොළොවේ තත්වය මොන වගේ එකක් වෙයිද කියා ඔබ කල්පනා කර තිබෙනවාද? එය දැනගැනීමට පහත සඳහන් බයිබල් පද ඔබට උපකාරවත් වෙයි.
දෙවිගේ කැමැත්ත මේ පොළොවෙහි සිදු වන විට . . .
යුද්ධයෙන් තොර සාමකාමී තත්වයක් පවතියි. ‘යෙහෝවා දෙවි පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. යුධ රථ ගිනිබත් කරන්නේය. (ගීතාවලිය 46:8, 9) “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:11.
සෑම කෙනෙකුටම ඇති තරම් ආහාර තිබෙයි. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16.
සියලුදෙනාම නිරෝගී සුවය අද්දකියි. ‘දේශයේ වාසය කරන සියල්ලන්ගෙන් කිසිවෙක් මා ලෙඩින් යයි පවසන්නේ නැත.’—යෙසායා 33:24.
සෑම කෙනෙකුටම වාසය සඳහා නිවාස තිබෙයි. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත.”—යෙසායා 65:21, 22.
සියලුම දුක් වේදනා තුරන් වෙයි. ‘දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.’—එළිදරව් 21:3, 4.
ඒ පොරොන්දුවල ඉටු වීම අද්දැකීමට ඔබත් කැමතිද? එසේනම් ඒ සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද කියා බයිබලයෙන් සොයා බැලීමට අපි ඔබට ආරාධනා කරනවා. ඔබ එසේ කරනවා නම් දෙවි දී තිබෙන පොරොන්දු අනිවාර්යෙන්ම ඉටු වන බවත් බයිබලය ඔබට විශ්වාස කළ හැකි පොතක් බවත් ඔබටම පැහැදිලි වෙයි.—2 තිමෝති 3:16.c
a බයිබලයේ සඳහන් වන අධිරාජ්යයන්වල බොහෝවිට පාලකයා වුණේ රජ කෙනෙක්. ඒ නිසා “රජ” හෝ “රාජ්‍යය” කියා පවසන විට එය යොමු දැක්වූයේ සම්පූර්ණ අධිරාජ්‍යයටයි.—දානියෙල් 8:20-22.
b ස්වර්ගයේ පිහිටා තිබෙන දෙවිගේ රාජ්‍යය පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 8 සහ 9වන පරිච්ඡේද බලන්න.
c බයිබලය ගැන වැඩි විස්තර දැනගැනීමට කැමති නම් ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැසෙන්න. නැත්නම් පස්වෙනි පිටුවේ තිබෙන යෝග්‍ය ලිපිනයකට ලියන්න. එසේත් නැත්නම් www.watchtower.org වෙබ් අඩවියට පිවිසෙන්න.