ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/14 8 පි.
  • 2 උදව් කරන්න අය ඉන්නවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2 උදව් කරන්න අය ඉන්නවා
  • 2014 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • එකම විසඳුම සියදිවි නසාගැනීමද?
    2008 පිබිදෙව්!
  • මානසික අවපීඩනය
    2013 පිබිදෙව්!
  • මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • යොවුන් සිනහව නැති කරන රෝගය
    2017 පිබිදෙව්!
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 4/14 8 පි.

මුල් පිටුවෙන් | ජීවිතය නැති කරගැනීමද විසඳුම?

2 උදව් කරන්න අය ඉන්නවා

‘දෙවියන් ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.’—1 පේතෘස් 5:7.

කරන්න දෙයක් නැහැ, මැරෙන එක තමයි එකම විසඳුම කියලා හිතුණත් ඔබට උපකාරයක් විය හැකි මේ දේවල් ගැන හිතලා බලන්න.

යාච්ඤාව. එය නිකම්ම මානසික සුවයක් ලබා දෙන දෙයක්වත් කරන්න දෙයක් නැති කමට කරන දෙයක්වත් නෙමෙයි. යාච්ඤාව කියන්නේ ඔබ ගැන සැලකිලිමත් වන යෙහෝවා දෙවියන් එක්ක කරන කතාබහක්. ඔබේ හිතට වධ දෙන දේවල් ගැන ඔහුට කියන්න කියලා දෙවියන් අපෙන් ඉල්ලනවා. බයිබලයේ ඒ ගැන මෙහෙම සඳහන් වෙනවා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.”—ගීතාවලිය 55:22.

අදම දෙවියන්ට යාච්ඤා කරන්න. යෙහෝවා කියන දෙවියන්ගේ නම පාවිච්චි කරලා ඔබේ මුළු හදවතින්ම දෙවියන්ට කතා කරන්න. (ගීතාවලිය 62:8) දෙවියන් කැමති ඔබ ඔහුව, ඔබේ හොඳම මිතුරා කරගන්නවාටයි. (යෙසායා 55:6; යාකොබ් 2:23) ඔබට ඕනම වෙලාවක ඕනම තැනක ඉඳන් දෙවියන්ට කතා කරන්න පුළුවන්.

එක් අධ්‍යයනයකින් සොයාගත්තේ සිය දිවි නසාගත් පුද්ගලයන්ගෙන් සියයට 90ක් හෝ ඊට වඩා වැඩිදෙනෙක් ඒ අවස්ථාවේදී මානසික රෝගයකින් පීඩා විඳ තිබෙනවා කියායි. නමුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් රෝගය හඳුනාගෙන හෝ නිසි ප්‍රතිකාර ලබාගෙන නැහැ.—AMERICAN FOUNDATION FOR SUICIDE PREVENTION.

ඔබ ගැන සැලකිලිමත් වන අය. ඔබේ පවුලේ අයටත් මිතුරන්ටත් ඔබව වටිනවා. ඔවුන් ඔබ ගැන සැලකිලිමත්. ඔබ නොදන්නවා වුණාට ඔබ ගැන සැලකිලිමත් වන තවත් පිරිසක් ඉන්නවා. ඒ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. උදාහරණයකට ඔවුන් දේශනා සේවයේ යන විට පිළිසරණක් නැතිව ජීවිතේ නැති කරගන්න හිතුණු බොහෝදෙනෙක්ව හමු වෙලා තියෙනවා. එවැනි අයට උදව් කරන්න ලැබීම ගැන සාක්ෂිකරුවන් ගොඩක් සතුටු වෙනවා. යේසුස් වගේ ඔවුන්ද තමන්ගේ අසල්වැසියන් ගැන අව්‍යාජ සැලකිල්ලක් දක්වනවා.—යොහන් 13:35.

වෛද්‍ය ප්‍රතිකාර. බොහෝ විට ජීවිතේ නැති කරගන්න සිතුවිල්ලක් පහළ වෙන්නේ දරුණු මානසික අවපීඩනයකින් පෙළෙන අයටයි. ඔබට එවැනි මානසික රෝගයක් තියෙනවා නම් ප්‍රතිකාර ගන්න ලැජ්ජා වෙන්න එපා. එය ඕනෑම කෙනෙක්ට හැදෙන්න පුළුවන් රෝගී තත්වයක්. ප්‍රතිකාර ගැනීමෙන් මානසික අවපීඩනය සුව කරගන්න පුළුවන්.a

මතක තියාගන්න: ඔබට දරුණු ලෙස මානසික අවපීඩනය තියෙනවා නම් තනිවම එයට මුහුණ දෙන එක ලේසි නැහැ. ඒත් තවත් කෙනෙකුගේ උදව්වෙන් ඔබට ඒ තත්වයෙන් ගොඩ එන්න පුළුවන්.

අදම කරන්න: මානසික අවපීඩනයට ප්‍රතිකාර කරන හොඳ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්න.

a මැරෙන්න ඕනේ කියන සිතුවිල්ල තද බල ලෙස තියෙනවා නම් ඉක්මනින්ම ප්‍රතිකාර ලබාගන්න. ඒ සඳහා ඔබේ ප්‍රදේශයේ තිබෙන සමාජ සේවා ආයතනයකින් හෝ සමිතියකින් උපකාර ලබාගන්නත් පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න