ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 4 14-15 පි.
  • වැරදි ආශාවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැරදි ආශාවන්
  • 2017 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වැරදි ආශාවක් ඇති වෙන්නේ කොහොමද?
  • වැරදි ආශාවක් ආපු ගමන්ම ඒක අයින් කරගන්න ඕනෙ ඇයි?
  • වැරදි ආශාවන්වල ගොදුරක් වෙන එකෙන් වළකින්නේ කොහොමද?
  • වරදක් කරන්න පෙලඹීමක් ඇති වෙද්දී . . .
    2014 පිබිදෙව්!
  • මිනිස් දුර්වලකම් ජයගැනීම
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • වැරදි පෙලඹීම් පාලනය කරගන්න ඔබට පුළුවන්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 4 14-15 පි.
කාර්, සිගරට්, කෑම, කාන්තාවන් සහ මුදල් වගේ වැරදි ආශාවන් ඇති කරන දේවල්වලින් වට වෙලා ඉන්න කෙනෙක්

බයිබලයෙන් පිළිතුරක්

වැරදි ආශාවන්

බිඳුණු විවාහයන්, සෞඛ්‍ය ගැටලු, හිත වධ දෙන එක වගේ දේවලින් ගොඩක් අය දුක් විඳින්නේ එයාලගේ ආශාවන් පාලනය කරගන්න බැරි වුණ නිසයි.

වැරදි ආශාවක් ඇති වෙන්නේ කොහොමද?

වැරදි ආශාවක් ඇති වුණාම ඔයා හිත ඇතුළෙන් ඒ ආශාවත් එක්ක සටන් කරනවා. මෙහෙම හිතන්න. ඔයා කඩේකට ගියාම දකිනවා ඔයා ආසම කරන දෙයක්. “මේක හොරකම් කරලා හිමිහිට මෙතනින් පැනගන්න ඕනෙ” කියලා ඔයාට හිතෙනවා. ඒත් ඔයාගේ හිත කියනවා ‘එහෙම කරන එක වැරදියි’ කියලා. ඒ නිසා ඔයා ඒ අදහස හිතින් අයින් කරගන්නවා. එතකොට ඔයා කරලා තියෙන්නේ ඒ වැරදි ආශාව පාලනය කරගත්ත එකයි. ඔයා ඒ සටනින් ජය ගත්තා.

බයිබලයේ කියන දේ:

වැරදි ආශාවක් හිතට ආවා කියලා ඔයා නරක කෙනෙක් වෙන්නේ නැහැ. බයිබලයෙත් කියනවා අපි හැමෝටම වැරදි පෙලඹීම් ඇති වෙනවා කියලා. (1 කොරින්ති 10:13) ඒත් වැරදි ආශාවක් ආවාම ඔයාව පාලනය කරන්න ඒකට ඉඩ දෙනවාද නැද්ද කියන එකයි වැදගත්. සමහරු ඒ ආශාව ගැන දිගටම හිතන්න ගිහින් අන්තිමට වැරදි දෙයක් කරනවා. තමන්ව පාලනය කරගෙන වැරදි ආශාව ඒ වෙලාවෙම හිතින් අයින් කරගන්න අයත් ඉන්නවා.

“කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය.”—යාකොබ් 1:14.

වැරදි ආශාවක් ආපු ගමන්ම ඒක අයින් කරගන්න ඕනෙ ඇයි?

වැරදි දෙයක් කරන්න පෙලඹීමක් ඇති වෙන්නේ කොහොමද? ඒ ගැන යාකොබ් 1:15 කියන්නේ මෙහෙමයි. ‘ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි.’ ඒ කියන්නේ වැරදි ආශාවක් ගැන දිගටම හිතුවොත් යම් අවස්ථාවකදී අපි අතින් ඒ වරද වෙනවා. ඒක හරියට දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ගැබිනි මවක් අනිවාර්යයෙන්ම දරුවාව බිහි කරනවා වගෙයි. ඒත් වැරදි ආශාවන් පාලනය කරන්න අපිට පුළුවන්.

බයිබලයෙන් උදව්වක්

මනසට වැරදි ආශාවන් ඇතුල් කරගන්න පුළුවන් වගේම ඒවා අයින් කරගන්නත් පුළුවන්. ඒ කොහොමද? වැරදි ආශාවක් ආව ගමන්ම මනස වෙන දේකට යොමු කරන්න. ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරන්න. යාළුවෙක් එක්ක කතා කරන්න. හොඳ දෙයක් ගැන හිතන්න. (ෆිලිප්පි 4:8) වැරදි ආශාවකට ඔයාව පාලනය කරන්න ඉඩ දුන්නොත් ඒකෙන් ඔයාගේ ශරීරයටත් මනසටත් හානියක් වෙන්න පුළුවන්. දෙවියන් එක්ක තියෙන බැඳීමටත් හානියක් වෙන්න පුළුවන්. ඒ ගැන හිතන එකත් වැරදි ආශාවක් පාලනය කරගන්න උදව් වෙයි. (ද්විතීය කතාව 32:29) යාච්ඤා කරන එකත් උදව්වක්. යේසුස් කිව්වේ “වරදක් කිරීමට පෙලඹීමක් ඇති නොවීම සඳහා ඔබ අවදිව සිට නොකඩවා යාච්ඤා කළ යුතුයි” කියලා.—මතෙව් 26:41.

“මුළා නොවන්න. දෙවිව රැවටීමට කිසි කෙනෙකුට නුපුළුවන. මන්ද කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.”—ගලාති 6:7.

වැරදි ආශාවන්වල ගොදුරක් වෙන එකෙන් වළකින්නේ කොහොමද?

සැබෑ තත්වය

වැරදි ආශාවක් පස්සේ ගියොත් වෙන හානිය තේරුම්ගන්න. වැරදි ආශාවක් කියන්නේ කෙනෙක්ව නොමඟ යවලා උගුලකට අහු කරන දෙයක්. (යාකොබ් 1:14) මෝඩ, අද්දැකීම් අඩු වගේම හිතලා බලලා වැඩ කරන්නේ නැති අය ඒ උගුලට වැටෙන්න පුළුවන්. අනාචාරයට මඟ පාදන වැරදි ආශාවන්ට ඉඩ දුන්නොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල හරිම දරුණුයි.—හිතෝපදේශ 7:22, 23.

බයිබලයෙන් උදව්වක්

“එහෙයින් ඔබේ දකුණු ඇස නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම් එය උගුලා අහකට විසි කරන්න” කියලා යේසුස් කිව්වා. (මතෙව් 5:29) යේසුස් අදහස් කළේ ඇත්තටම එහෙම කරන්න කියලා නෙමෙයි. ඔහු කිව්වේ අපිට දෙවියන්ව සතුටු කරන්නත් සදාකාලෙටම ජීවත් වෙන්නත් ඕනෙ නම් අපේ අවයව පාලනය කරගෙන වැරදි ආශාවන් සම්පූර්ණයෙන්ම නැති කරන්න උත්සාහ කරන්න ඕනෙ කියලයි. (කොලොස්සි 3:5) එහෙම කරන්න නම් වැරදි ආශාවක් ඇති වුණ ගමන්ම ඒ ගැන හිතහිත ඉන්නේ නැතුව ඒක ඉක්මනින්ම අයින් කරගන්න ඕනේ. “කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න” කියලා දෙවියන්ට ළැදිව හිටපු මිනිසෙක් කිව්වේ ඒ නිසයි.—ගීතාවලිය 119:37.

ඇත්ත, ‘අපේ දුර්වලකම්’ නිසා අපිවම පාලනය කරගන්න එක ලේසි නැහැ. (මතෙව් 26:41) ඒ නිසා අපි අතින් වැරදි වෙනවා. ඒත් අපි ඒවා ගැන පසුතැවෙනවා නම්, ඒවා පුරුද්දක් විදිහට කරන එක නවත්වන්න උත්සාහ කරනවා නම් “දයාන්විත, කරුණාවන්ත” දෙවි වන යෙහෝවා අපිට සමාව දෙනවා. (ගීතාවලිය 103:8) ඒක මොන තරම් සහනයක්ද!

‘යෙහෝවා දෙවියනි, ඔබ අපේ වැරදි දෙසම බලා සිටිනවා නම් ඔබ ඉදිරියේ සිටිය හැක්කේ කාටද?’—ගීතාවලිය 130:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න