ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g18 අංක 2 4 පි.
  • 1 බැඳීම රැකගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1 බැඳීම රැකගන්න
  • 2018 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
  • ඒක වැදගත් වෙන්නේ ඇයි?
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • දෙවැන්න: බැඳීම ශක්තිමත් කරගන්න
    2009 පිබිදෙව්!
  • විවාහ බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද?
    2015 පිබිදෙව්!
  • ඔබේ විවාහ බැම්ම ශක්තිමත් කළ හැකි අයුරු
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විවාහ බැඳීම ශක්තිමත්ව තබාගන්න
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 පිබිදෙව්!
g18 අංක 2 4 පි.
කුණාටුවකදී බෝට්ටුවක් බේරාගන්න නැංගුරමක් උදව් වෙනවා

බෝට්ටුවක් බේරාගන්න නැංගුරමක් උදව් වෙනවා වගේ බැඳීම රැකගන්න අරන් තියෙන අදිටන උදව් වෙනවා මොන ප්‍රශ්න ආවත් විවාහය රැකගන්න

සැමියාට සහ බිරිඳට

1 බැඳීම රැකගන්න

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

විවාහය රැකගන්න අදිටන් කරගෙන ඉන්න යුවළයන් විවාහ බැඳීම සලකන්නේ ජීවිත කාලය පුරාවටම තියෙන්න ඕන දෙයක් විදිහට. ඒ බැඳීම රැකගන්න දෙන්නාම වෑයම් කරද්දී එයාලා අතර තියෙන විශ්වාසය වැඩි වෙනවා. එයාලා දන්නවා මොන ප්‍රශ්න ආවත් දෙන්නාට දෙන්නා එකිනෙකාව දාලා යන්නේ නැහැ කියලා.

සමහර අය දික්කසාද නොවී ඉන්නේ පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් එන බලපෑම් නිසයි. හැබැයි ආදරයයි, ගෞරවයයි මුල් කරගෙන බැඳීම රැකගන්න එක ඊට වඩා කොයි තරම් වටිනවාද!

බයිබල් ප්‍රතිපත්තිය: “ස්වාමිපුරුෂයෙක් ඔහුගේ භාර්යාවව අත් නොහැරිය යුතුයි.”—1 කොරින්ති 7:11.

“විවාහය රැකගන්න මහන්සි වෙන යුවළක් ප්‍රශ්න ඇති වෙද්දී කේන්ති ගන්නේ නැහැ. ඉක්මනින්ම සමාව දෙනවා, සමාව ඉල්ලනවා. ප්‍රශ්නවලට විසඳුමක් හොයාගන්නවා මිසක් දික්කසාද වෙන්න හිතන්නේ නැහැ.”—මයිකා.

ඒක වැදගත් වෙන්නේ ඇයි?

විවාහය රැකගන්න අදිටන් කරගෙන නැති යුවළයන් ප්‍රශ්න ඇති වෙද්දී හුඟක් වෙලාවට හිතන්නේ ‘අපි දෙන්නා ගැළපෙන්නේ නැහැ’ කියලයි. එයාලා බලන්නේ මොකක් හරි හේතුවක් හොයාගෙන දික්කසාද වෙන්න.

“හුඟක් අය විවාහ වෙන්නේ ප්‍රශ්න ඇති වුණොත් දික්කසාද වෙන්න බලාගෙන. ඒ වගේ අය විවාහය රැකගන්න අදිටන් කරන් ඉන්නවා කියලා කියන්න බැහැ.”—ජීන්.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

මේ ගැන හිතන්න

එකඟ නොවීම් ඇති වෙද්දී . . .

  • විවාහ වුණු එක ගැන ඔයා පසුතැවෙනවාද?

  • වෙන කෙනෙක්ව විවාහ කරගන්න ඔයා හීන මවනවාද?

  • “මං ඔයාව දාලා යනවා,” “මට ආදරේ කෙනෙක්ව මං හොයාගන්නවා” වගේ දේවල් ඔයා කියනවාද?

ඒ ප්‍රශ්නවලින් එකකට හරි ඔයාගේ උත්තරේ ඔව් නම් ඔයාගේ විවාහය තියෙන්නේ අනතුරේ. ඒ නිසා ඒක රැකගන්න ඔයාගේ පැත්තෙන් පුළුවන් හැම දේම කරන්න.

දෙන්නා එකතු වෙලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න

  • විවාහය රැකගන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය දුර්වල වෙලාද? ඇයි එහෙම වෙලා තියෙන්නේ?

  • විවාහ බැඳීම රැකගන්න කරන්න පුළුවන් මොනවාද?

යෝජනා

  • විටින් විට ආදරේ ප්‍රකාශ කරලා සැමියාට/බිරිඳට ලියුමක් ලියන්න. කාඩ් එකක් දෙන්න

  • රස්සාව කරන තැන මේසේ උඩින් සැමියාගේ/බිරිඳගේ ෆොටෝ එකක් තියාගන්න

  • වැඩපොළේ ඉද්දී, වෙන තැනකට ගිහින් ඉද්දී සැමියාට/බිරිඳට කෝල් එකක් දෙන්න

බයිබල් ප්‍රතිපත්තිය: “දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.”—මතෙව් 19:6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න