ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 1 5-7 පි.
  • පීඩනයක් දැනෙද්දී වෙන දේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පීඩනයක් දැනෙද්දී වෙන දේ
  • 2020 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පීඩනය හොඳ පැත්තට හරි නරක පැත්තට හරි බලපාන්න පුළුවන්
  • මානසික පීඩනය අපට බලපාන අයුරු
    2010 පිබිදෙව්!
  • මානසික පීඩනය—එයට හේතු සහ එහි ප්‍රතිඵල
    2005 පිබිදෙව්!
  • මානසික පීඩනය පාලනය කිරීම
    2010 පිබිදෙව්!
  • සෞඛ්‍යයට තර්ජනයක් වන මානසික පීඩනය
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 1 5-7 පි.
නගරයේ ඉන්න ව්‍යාපාරිකයෙක් කලබලයෙන් කාර්යාලය දෙසට යමින්.

මානසික පීඩනයෙන් මිදෙමු

පීඩනයක් දැනෙද්දී වෙන දේ

ප්‍රශ්න ගැටලුවලට, අභියෝගවලට මුහුණ දෙන්න වෙද්දී අපිට සාමාන්‍යයෙන් පීඩනයක් දැනෙනවා. එහෙම වෙද්දී මොළයෙන් ශරීරය පුරාම විවිධ හෝමෝන මුදාහරිනවා. ඒ නිසා හෘද ස්පන්දනය, රුධිර පීඩනය සහ හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා. මාංස පේශි තද වෙනවා. ඒ දේවල් වෙන්නේ පීඩනයට මුහුණ දෙන්න අපේ ශරීරය සූදානම් කරවන්නයි. දැනෙන පීඩනය නැති වුණාම ශරීරය ආයෙත් යථා තත්වයට පත් වෙනවා.

පීඩනය හොඳ පැත්තට හරි නරක පැත්තට හරි බලපාන්න පුළුවන්

අභියෝගයකට, අනතුරුදායක තත්වයකට මුහුණ දෙන්න වෙද්දී අපිට එකපාරටම පීඩනයක් දැනෙන්නේ ඒකට හොඳින් මුහුණ දෙන්න ශරීරය අපිව සූදානම් කරවන නිසයි. ඒ වගේ වෙලාවකදී මුලින්ම ප්‍රතිචාරය දක්වන්නේ මොළය. යම් ප්‍රමාණයකට පීඩනයක් දැනෙන එකෙන් හුඟක් ප්‍රයෝජන තියෙනවා. අපි මුහුණ දෙන තත්වයට අනුව කරන්න ඕන දේ ඉක්මනින්ම කරන්නත් අපේ ඉලක්ක ජය ගන්නත් විභාගයකට, සම්මුඛ පරීක්ෂණයකට හොඳින් මුහුණ දෙන්නත් හොඳට ක්‍රීඩා කරන්නත් ඒක අපිට උදව් වෙනවා.

හැබැයි දිගු කාලයක් තිස්සේ ලොකු පීඩනයක් දැනෙනවා නම් ඒකෙන් සෑහෙන හානියක් වෙන්න පුළුවන්. ඒක ශරීරයට සහ මනසට නරක විදිහට බලපාන්න ඉඩ තියෙනවා. අනිත් අයට සලකන විදිහ ඇතුළු ඔයාගේ හැසිරීමත් වෙනස් වෙන්න පුළුවන්. සමහරු පීඩනයෙන් මිදෙන්න කියලා සිගරට්, මත්පැන්, මත්ද්‍රව්‍ය වගේ දේවලට ඇබ්බැහි වෙනවා. තවත් අය මානසික අවපීඩනයට ගොදුරු වෙනවා. කිසිම දෙයක් කරකියාගන්න බැරි තරමට හෙම්බත් වෙනවා. සිය දිවි හානි කරගන්නත් හිතනවා.

පීඩනය එක් එක් කෙනාට බලපාන විදිහ වෙනස් වුණත් ඒක රෝග ගණනාවකටම මුලපිරීමක් වෙන්න පුළුවන්. ඒක ශරීරයේ හැම අවයවයකටම වගේ බලපාන්නත් ඉඩ තියෙනවා.

පීඩනය ඔයාගේ ශරීරයට බලපාන්න පුළුවන් කොහොමද?

ස්නායු පද්ධතිය.

පීඩනයෙන් හෙම්බත් වෙලා ඉන්න නිසා ඔළුවේ අත තියන් ඉන්න මිනිසෙක්.

ස්නායු පද්ධතියෙන් ඇඩ්‍රිනලීන් සහ කෝටිසෝල් වගේ හෝමෝන මුදාහරිනවා. එහෙම වෙද්දී ඔයාගේ හෘද ස්පන්දනය, රුධිර පීඩනය සහ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. අනතුරකට මුහුණ දුන්නාම කරන්න ඕන දේ ඉක්මනින්ම කරන්න ඒ දේවල් ඔයාට උදව් වෙනවා. හැබැයි ඕනෑවට වඩා පීඩනයක් දැනුණොත් මේ දේවල් අද්දකින්න වෙයි.

  • නුරුස්නා ගතිය, කාංසාව, මානසික අවපීඩනය, හිසරදය, නින්ද නොයෑම

පේශි සහ අස්ථි සම්බන්ධ පද්ධතිය.

පීඩනයක් දැනෙද්දී මාංස පේශි තද වෙන එක ශරීරයට වෙන්න පුළුවන් හානි වළක්වගන්න උදව් වෙනවා. හැබැයි ඕනෑවට වඩා පීඩනයක් දැනුණොත් මේ දේවල් අද්දකින්න වෙයි.

  • ඇඟපතේ වේදනාවක් දැනීම, දරුණු හිසරදයක් ඇති වීම, මාංස පේශිවල ක්ෂණික වේදනාවක් ඇති වීම

ශ්වසන පද්ධතිය.

ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගන්න ඕන නිසා වේගයෙන් හුස්ම ගන්නවා. හැබැයි ඕනෑවට වඩා පීඩනයක් දැනුණොත් මේ දේවල් අද්දකින්න වෙයි.

  • අධික වේගයකින් හුස්ම ගැනීම නිසා ඔක්සිජන් මට්ටම ඕනෑවටත් වඩා ඉහළ යෑම, හුස්ම හිර වෙන බවක් දැනීම, අසාමාන්‍ය ලෙස කලබල වීම සහ බය වීම

රුධිර සංසරණ පද්ධතිය.

ඇඟ පුරාම රුධිරය ගලා යන්න උදව්වක් විදිහට ඔයාගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. එතකොට ඔයාගේ රුධිරවාහිනි පළල් වෙනවා. එහෙමත් නැත්නම් ඇකිළෙනවා. ප්‍රතිඵලයක් විදිහට රුධිරය වැඩියෙන්ම ඕන කරන මාංස පේශි වගේ තැන්වලට රුධිරය ගලා යනවා. හැබැයි ඕනෑවට වඩා පීඩනයක් දැනුණොත් මේ දේවල් අද්දකින්න වෙයි.

  • අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය

අන්තරාසර්ග පද්ධතිය.

ග්‍රන්ථිවලින් ඇඩ්‍රිනලීන් සහ කෝටිසෝල් හෝමෝන නිපදවනවා. පීඩනයක් දැනෙද්දී ඒකට සාර්ථකව මුහුණ දෙන්න ඒ හෝමෝන උදව් වෙනවා. පීඩනයක් දැනෙන වෙලාවට අක්මාව මගින් රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවනවා. ඒකෙන් අපිට අමතර ශක්තියක් ලැබෙනවා. හැබැයි ඕනෑවට වඩා පීඩනයක් දැනුණොත් මේ දේවල් අද්දකින්න වෙයි.

  • දියවැඩියාව, ප්‍රතිශක්තිය අඩු වෙලා වැඩියෙන් අසනීප වීම, මානසික ස්වභාවය ඉක්මනින්ම වෙනස් වීම, ශරීරයේ බර වැඩි වීම

ආහාර ජීර්ණ පද්ධතිය.

ආහාර දිරවීමේ ක්‍රියාවලියට බාධා ඇති වෙනවා. හැබැයි ඕනෑවට වඩා පීඩනයක් දැනුණොත් මේ දේවල් අද්දකින්න වෙයි.

  • ඔක්කාරය, වමනය, පාචනය, මලබද්ධය

ප්‍රජනන පද්ධතිය.

ලිංගික ආශාවන් නැති වෙන්නත් ලිංගික ක්‍රියාවලියට බාධාවක් වෙන්නත් පීඩනය බලපාන්න පුළුවන්. හැබැයි ඕනෑවට වඩා පීඩනයක් දැනුණොත් මේ දේවල් අද්දකින්න වෙයි.

  • ලිංගික බෙලහීනතාවය, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න