ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 3 8-9 පි.
  • අනිත් අයගේ හොඳ දකින්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනිත් අයගේ හොඳ දකින්න
  • 2020 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රශ්නය
  • බයිබල් ප්‍රතිපත්තිය
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • භේදවලට නිමාවක්
    2004 පිබිදෙව්!
  • අනිත් අයව පහත් කරලා සලකන එක ඔයාටත් බෝ වෙලාද?
    2020 පිබිදෙව්!
  • හැමෝම හැමෝටම එක වගේ සලකන දිනක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පහත් කොට සලකන්නේ ඇයි?
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 3 8-9 පි.
පින්තූරවල අදහස: 1. හදීසියෙන් ඇවිදගෙන යන යුවළක් අන්ධ කාන්තාවක් නිසා පාර අවහිර වුණාම එයා දිහා අකමැත්තෙන් බලනවා. 2. ඊටපස්සේ ඒ කාන්තාවම සංදර්ශනයකදී සෙලෝ සංගීත භාණ්ඩය වාදනය කරද්දී එයාව අගය කරනවා.

අනිත් අයගේ හොඳ දකින්න

ප්‍රශ්නය

තමන් ගැන මහ ඉහළින් හිතන කෙනෙක් අනිත් අයව පහත් කරලා සලකනවා. ඒ වගේ කෙනෙක් හැම තිස්සේම හිතන්නේ අනිත් හැමෝටම වඩා තමන් උසස් කියලා. ඕනම කෙනෙක් ඒ උගුලට අහු වෙන්න පුළුවන්. එක විශ්වකෝෂයක මෙහෙම කියනවා. “හුඟක් අය හිතනවා තමන්ගේ ජාතියේ අයගේ ජීවන රටාව, කෑම බීම, ඇඳුම් පැළඳුම්, පුරුදු, විශ්වාසයන්, සාරධර්ම වගේ දේවල් තවත් ජාතියක ඒවාට වඩා උසස් කියලා.” (Encyclopædia Britannica) ඒ වගේ වැරදි විදිහට හිතන එකෙන් වළකින්න අපිට පුළුවන් කොහොමද?

බයිබල් ප්‍රතිපත්තිය

“නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න.”—ෆිලිප්පි 2:3.

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? අහංකාරකම අපේ හිතෙන් අයින් කරගන්න නම් අපි නිහතමානිකම වර්ධනය කරගන්න ඕනේ. නිහතමානිකම තිබුණොත් විතරයි අනිත් අය මොනවා හරි විදිහකින් අපිට වඩා උසස් කියලා හිතන්න අපි පෙලඹෙන්නේ. හැම දක්ෂතාවක්ම තියෙන හැම හොඳ ගුණාංගයක්ම උරුම කරගත්ත එක ජාතියක් මේ ලෝකේ කොහේවත් නැහැ.

කොමියුනිස්ට් රටක හැදුණු වැඩුණු ස්ටෙෆාන්ගේ අද්දැකීම බලන්න. කලින් එයා කොමියුනිස්ට් නොවන රටවල්වල ඉන්න අයව පහත් කරලා සැලකුවත් ඒ හැඟීමෙන් ගොඩ එන්න එයාට පුළුවන් වුණා. එයා මෙහෙම කියනවා. “අනිත් අයව පහත් කරලා සලකන්නේ නැතුව ඉන්න නම් ඒ අය අපිට වඩා උසස් කියලා හිතන එක හුඟක් වැදගත්. මං හැම දෙයක්ම දන්නේ නෑ. හැම කෙනෙක්ගෙන්ම මට මොනවා හරි දෙයක් ඉගෙනගන්න තියෙනවා.”

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

ඔයාගේ අතිනුත් අඩුපාඩුකම් වෙනවා කියලා පිළිගන්න. ඔයාට කරන්න අමාරු සමහර දේවල් ඔයාට වඩා හොඳට කරන්න අනිත් අයට පුළුවන් කියලා තේරුම්ගන්න. එක කණ්ඩායමකට අයිති හැම කෙනෙක්ටම එක වගේ අඩුපාඩු දුර්වලකම් තියෙනවා කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා.

යම් කණ්ඩායමකට අයිති කෙනෙක්ගේ ගුණාංගයක් ගැන, පුරුද්දක් ගැන වැරදි නිගමනයකට එන්න කලින් මෙහෙම හිතලා බලන්න.

ඔයාට කරන්න අමාරු සමහර දේවල් ඔයාට වඩා හොඳට කරන්න අනිත් අයට පුළුවන් කියලා තේරුම්ගන්න

  • ‘කෙනෙක් කරන දේකට මම අකමැති ඇත්තටම ඒ දේ වැරදි නිසාද? නැත්නම් මං කරන විදිහට වඩා ඒක වෙනස් නිසාද?’

  • ‘ඒ කෙනාට දකින්න පුළුවන් විදිහේ අඩුපාඩු මගෙත් තියෙනවාද?’

  • ‘ඒ කෙනා මට වඩා දක්ෂ මොන වගේ පැතිවලින්ද?’

මේ ප්‍රශ්නවලට ඔයා අවංකවම උත්තර දෙද්දී අනිත් අයව පහත් කරලා සලකන හැඟීම්වලින් ගොඩ එන්න විතරක් නෙවෙයි අනිත් අයව අගය කරන්න පුළුවන් පැති අඳුනගන්නත් ඔයාට පුළුවන් වෙයි.

ජීවිත අද්දැකීමක්: නෙල්සන් (එක්සත් ජනපදය)

“මං පුංචි කාලේ හැදුණු වැඩුණු පළාතේ වැඩිපුරම හිටියේ එක ජාතියකට අයිති අය විතරයි. අවුරුදු 19දී මං රස්සාවක් කරන්න ලොකු නගරයකට ගියා. මට එහෙදි එක එක ජාතිවල, එක එක සංස්කෘතිවල අයත් එක්ක ඉන්න සිද්ධ වුණා.

“මාත් එක්ක එකට වැඩ කරපු අයගෙන්, මගේ යාළුවන්ගෙන් මං දෙයක් තේරුම්ගත්තා. ඒ තමයි කෙනෙක්ගේ පාට, ජාතිය, භාෂාව වගේ දේවල්වලින් ඒ කෙනා කොච්චර මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ද, එයාව කොච්චර දුරට විශ්වාස කරන්න පුළුවන්ද, යම් දේවල් ගැන එයාට හැඟෙන්නේ කොහොමද වගේ දේවල් තේරුම්ගන්න බැහැ කියන එක.

“පස්සේ කාලෙක මං වෙන රටකින් ආපු වෙනත් ජාතියකට අයිති කෙනෙක්ව කසාද බැන්දා. මං කලින් අහලා නැති සින්දු අහන්න පටන්ගත්තා. අලුත් අලුත් කෑමත් රස බැලුවා. ඒ දේවලින් මං ලොකු සතුටක් අද්දැක්කා. මගේ ජීවිතේදී මං ඉගෙනගත්ත දෙයක් තමයි ඕනෙම කෙනෙක්ට හොඳ ගතිගුණ වගේම නරක ගතිගුණත් තියෙනවා කියන එක. ඇත්තම කියනවා නං වෙනත් ජාතියකට පසුබිමකට අයිති අයගේ හොඳ ගතිගුණ අගේ කරපු නිසාත් ඒවා ආදර්ශයට ගත්ත නිසාත් කලින්ට වඩා හොඳ කෙනෙක් වෙන්න මට පුළුවන් වුණා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න