ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g22 අංක 1 4-6 පි.
  • 1 | සෞඛ්‍ය රැකගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1 | සෞඛ්‍ය රැකගන්න
  • 2022 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒක වැදගත් ඇයි?
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • සුවබර දිවියකට යෝජනා පහක්
    2015 පිබිදෙව්!
  • එකපාරටම අසනීප වුණොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද?
    තවත් ලිපි
  • ශරීර සෞඛ්‍යය
    2019 පිබිදෙව්!
  • ඔබේ සෞඛ්‍යය ගැන සමබරව සිතන්න
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 පිබිදෙව්!
g22 අංක 1 4-6 පි.
පෝෂ්‍යදායී කෑමවලින් පිරුණු මේසයක්.

නොසන්සුන් ලොවක

1 | සෞඛ්‍ය රැකගන්න

ඒක වැදගත් ඇයි?

රටේ කලබල ඇති වෙද්දී, ස්වාභාවික විපත් ඇති වෙද්දී ඒ දේවල් අපි නොහිතන විදිවලින් අපේ සෞඛ්‍යයට බලපාන්න පුළුවන්.

  • කරදරකාරී දේවල් සිද්ධ වෙද්දී මිනිසුන්ට ලොකු පීඩනයක් දැනෙනවා. ඒ පීඩනය දිගටම තිබුණොත් කෙනෙක් ලේසියෙන්ම ලෙඩ වෙන්න පුළුවන්.

  • හදිසි තත්වයන්වලදී ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ගෙන් පිරෙන්න පුළුවන්. බේත්හේත් හිඟ වෙන්න පුළුවන්.

  • රටේ නොසන්සුන් වාතාවරණයක් ඇති වුණොත් ඒක මිනිසුන්ගේ ආර්ථිකයට බලපානවා. ඒ නිසා පෝෂ්‍යදායී කෑම බීම, බෙහෙත් වගේ අත්‍යවශ්‍ය දේවල් ගන්න බැරි වෙයි.

දැනගන්න ඕන දේ

  • දරුණු අසනීප සහ මානසික පීඩනය කෙනෙක් හිතන පතන විදිහට බලපානවා. ඒ නිසා හොඳ සෞඛ්‍ය පුරුදු පැත්තකට දාන්න කෙනෙක් පෙලඹෙයි. ඒත් එහෙම කළොත් අසනීපය තවත් වැඩි වෙන්න පුළුවන්.

  • හරි වෙලාවට නිසි ප්‍රතිකාර ගත්තේ නැත්නම් ජීවිතේ අනතුරේ වැටෙන්නත් පුළුවන්.

  • ඔයා නිරෝගීව ඉන්නවා නම් අවුල් ජාලාවක් මැද වුණත් හරි තීරණ අරගන්න ඒක ඔයාට උදව් වෙයි.

  • ඔයා දුප්පත් වුණත් පොහොසත් වුණත් සෞඛ්‍ය රැකගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් තියෙනවා.

කරන්න පුළුවන් දේ

බුද්ධිමත් කෙනෙක් අවදානම දුර තියාම හඳුනගත්තම ඒකෙන් බේරෙන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒක අපේ සෞඛ්‍යයටත් අදාළ කරගන්න පුළුවන්. දැන් තියාම හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් ඔයා අසනීප වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු වෙයි. අවදානමට පෙර සූදානම කොයි කාටත් හොඳයි.

“අපේ ගේදොර, වටපිටාව වගේම ශරීරයත් පිරිසිදුව තියාගන්නවා නම් දොස්තරලටයි, බෙහෙත්වලටයි දෙන්න වෙන ගාණ එහෙම්මම ඉතුරු වෙනවා.”—ඇන්ඩ්‍රෙයාස්.a

a මේ සඟරාවේ සමහර නම් වෙනස් කර ඇත.

සන්සුන්ව ඉන්න උදව් වෙන යෝජනා

නොසන්සුන් කාලවල සෞඛ්‍ය රැකගන්න මේ දේවල් කරන්න

හොඳ සෞඛ්‍ය පුරුදු තියාගන්න

සබන් ගාලා අත් හෝදන කෙනෙක්.

හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න

බයිබලයේ මෙහෙම කියනවා: “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.” (හිතෝපදේශ 22:3) සෞඛ්‍යයට තර්ජනයක් වෙන්න පුළුවන් දේවල් කලින්ම හඳුනගෙන ඒවායින් ආරක්ෂා වෙන්න.

  • නිතරම සබන් ගාලා අත් හෝදන්න. විශේෂයෙන්ම කෑම කන්න කලින් සහ වැසිකිලිය පාවිච්චි කළාම.

  • ගෙදර තියෙන නිතර අල්ලන තැන් විෂබීජ නාශක දාලා පිරිසිදු කරන්න.

  • බෝ වන රෝගයක් තියෙන කෙනෙක්ගෙන් පුළුවන් හැම වෙලාවෙම ඈත් වෙලා ඉන්න.

පෝෂ්‍යදායී කෑම කන්න

පෝෂ්‍යදායී කෑමවලින් පිරුණු මේසයක්.

පෝෂ්‍යදායී කෑම කන්න

බයිබලයේ මෙහෙම කියනවා: “කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි.” (එෆීස 5:29) අපි අපේ ශරීරය ගැන කොච්චර සැලකිලිමත්ද කියලා අපි කන බොන දේවලින් පේනවා.

  • හොඳට වතුර බොන්න.

  • එක එක ජාතියේ එළවළු, පලතුරු කන්න.

  • තෙල්, ලුණු, සීනි අඩංගු කෑම බීම පාලනය කරන්න.

  • සිගරට්, මත්ද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කරන්න එපා. සීමාව ඉක්මවලා මත්පැන් ගන්න එපා.

“පෝෂදායී කෑම කෑවේ නැත්නම් වෙන්නේ හම්බ කරන හැම සතේම දොස්තරලට දෙන්න වෙන එක. ලෙඩ වුණාට පස්සේ ගෙවන සල්ලි ඇයි අපිට බැරි ලෙඩ වෙන එක වළක්වගන්න පාවිච්චි කරන්න.”—කාලෝස්.

හොඳ නින්දක් ගන්න සහ ව්‍යායාම් කරන්න

ව්‍යායාම් කරන කෙනෙක්.

ව්‍යායාම් කරන්න

බයිබලයේ මෙහෙම කියනවා: “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.” (දේශනාකාරයා 4:6) මහන්සි වෙලා වැඩ කරන එක වගේම හොඳ විවේකයක් ගන්න එකත් වැදගත්.

  • ව්‍යායාම් කරන එක පුරුද්දක් කරගන්න. නිතිපතා ඇවිදින්න යන එක ඒ පුරුද්ද ඇති කරගන්න හොඳ ක්‍රමයක්. මහලු වුණත් ආබාධිත වුණත් කාලයක් තිස්සේ දරුණු අසනීපයක් එක්ක පොරබදිනවා වුණත් ව්‍යායාම් කරන එකෙන් ඔයාට හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ.

  • නිදාගෙන ඉන්න කාන්තාවක්.

    හොඳ නින්දක් ගන්න

    හොඳ නින්දක් ගන්න. නින්ද අඩු වුණොත් ඔයාට දැනෙන පීඩනය ටික ටික වැඩි වෙයි. ඒ වගේම ඔළුව එක තැනක තියාගෙන වැඩක් කරගන්නත් බැරි වෙයි. කාලයක් තිස්සේ හරිහමන් නින්දක් ගත්තේ නැත්නම් ඔයා ඉක්මනින්ම ලෙඩ ඇඳට වැටෙයි.

  • රෑට නිදාගන්න වෙලාවක් තියාගෙන ඒ වෙලාවටම නින්දට යන්න. හැමදාම එකම වෙලාවට නිදාගන්න සහ නැඟිටින්න උත්සාහ කරන්න.

  • ඇඳට ගිහින් ටීවි බලන එක සහ ෆෝන් පාවිච්චි කරන එක වගේ දේවල් කරන්න එපා.

  • නිදාගන්න වෙලාව කිට්ටු කරලා ලොකු කෑම වේලක්, කැෆේන් අඩංගු බීම සහ මත්පැන් ගන්න එපා.

“හොඳ නින්දක් ගන්න එක හැම දේටම හොඳයි. එහෙම නැති දවස්වලට මගේ ඔළුව කකියනවා, මුළු ඇඟම රිදෙනවා. හැබැයි හොඳට නිදාගෙන නැඟිට්ටාම මට ලෝකෙ වටේ වුණත් දුවන්න පුළුවන් කියලා හිතෙනවා. එච්චර ජවයක් තියෙනවා. එහෙම කරද්දී ලේසියෙන් ලෙඩ වෙන්නෙත් නෑ.”—ජස්ටින්.

“වයිරස් පරදන්න ඔයාට කරන්න පුළුවන් දේ” කියන වීඩියෝ එකේ පින්තූරයක්. දොරකඩ ළඟ හිටගෙන ඉන්න වයිරසයක්.

තවත් දැනගන්න. ‘වයිරස් පරදන්න ඔයාට කරන්න පුළුවන් දේ’ කියන වීඩියෝ එක සහ “සුවබර දිවියකට යෝජනා පහක්” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න