Oleh_Slobodeniuk/E+ via Getty Images
පෘථිවියේ ආරක්ෂාව ගැන දෙවියන්ගෙන් සහතිකයක්!
“පෘථිවිය ලේසියෙන් සටන අත්හරින්නේ නැහැ.”
එහෙම කිව්වේ දේශගුණික විපර්යාසවලට පෘථිවිය ඔරොත්තු දීලා තියෙන විදිහ ගැන හොයපු පර්යේෂකයන් කණ්ඩායමක්. ඒ අදහස කියවද්දී අපි ගැන සැලකිලිමත් නිර්මාණකරුව ඔයාට මතක් වුණාද? මොකද පෘථිවියට කොච්චර හානි සිද්ධ වුණත් ආයෙත් පරණ තත්වයටම එන්න උදව් වෙන ක්රියාවලි ඇතුව ඒක හැදුවේ ඔහුයි.
ඒත් මිනිස්සු මේ පොළොව වනසන විදිහ නිසා පෘථිවිය ආයෙත් සනීප කරන්න ඒ ස්වාභාවික ක්රියාවලි විතරක් මදි. පෘථිවියේ නිර්මාණකරු ඒ වෙනුවෙන් පියවර ගනියි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්ද?
මේ බයිබල් පද ඒක තහවුරු කරනවා.
පෘථිවිය නිර්මාණය කළේ දෙවියන්. “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.”—උත්පත්ති 1:1
මේ පොළොවේ අයිතිකරු දෙවියන්. ‘පොළොව හා එහි ඇති සියල්ල යෙහෝවාa දෙවිට අයිතිය.’—ගීතාවලිය 24:1
දෙවියන් පෘථිවිය හැදුවේ හැමදාටම පවතින්න. “ඔබ පොළොව ස්ථිර ලෙස පිහිටෙව්වෙහිය. එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවෙහිය.”—ගීතාවලිය 104:5
පෘථිවිය ජීවය නැති පාළු තැනක් වෙන්නේ නැහැ. ‘අහස නිර්මාණය කළ යෙහෝවා දෙවි, සැබෑ දෙවිය. ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය.’—යෙසායා 45:18
මිනිස්සු මේ පොළොවේ හැමදාටම ජීවත් වෙනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29
දෙවියන් මේ පෘථිවිය හැදුවේ ඒකට ආදරේ කරන අයට සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදිහටයි. ඔහු නියම කරලා තියෙන කාලේදී මේ පොළොවට වෙලා තියෙන විනාශය වගේම පොළොව විනාශ කරන මිනිස්සුන්වත් සම්පූර්ණයෙන්ම නැති කරනවා.—එළිදරව් 11:18
දෙවියන් ළඟදීම අපේ සොඳුරු නිවහනේ අඳුර නැති කරලා පොළොව පාරාදීසයක් කරනවා. එදාට ඔහු “ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා.”—ගීතාවලිය 145:16
a යෙහෝවා කියන්නේ දෙවියන්ගේ පෞද්ගලික නමයි.—ගීතාවලිය 83:18.