ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g23 අංක 1 12-14 පි.
  • වාතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වාතය
  • 2023 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වාතයට තර්ජනයක්!
  • තර්ජනයට පෘථිවියෙන් උත්තරයක්!
  • තර්ජනයට මිනිස්සුන්ගෙන් උත්තරයක්!
  • තර්ජනයට බයිබලයෙන් උත්තරයක්!
  • ආ, පිරිසිදු වාතය කොතරම් හොඳද!
    1996 පිබිදෙව්!
  • උපනගරවල වැසියන්ගේ හුස්ම ක්‍රමක්‍රමයෙන් හිර වේ
    1995 පිබිදෙව්!
  • නිරෝගී දිවියකට ස්වාභාවික විෂබීජ නාශක
    2015 පිබිදෙව්!
2023 පිබිදෙව්!
g23 අංක 1 12-14 පි.
පැහැදිලි අහසක් තියෙන දවසක හිම කන්දක් දිගේ ඇවිදගෙන යන යුවළක් වනාන්තරවලින් වැහුණ කඳුවලින් වට වුණ විලක් දිහා බලන් ඉන්නවා.

පෘථිවිය අවසන් හුස්ම හෙළයිද?

වාතය

වාතය නිසා අපිට හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් ලැබෙනවා. ඒ වගේම වායුගෝලය ඉරෙන් එන හානිකර කිරණ වැඩි හරියකින්ම අපිව ආරක්ෂා කරනවා. ඒක තිබුණේ නැත්නම් පෘථිවියේ උෂ්ණත්වය හිතාගන්න බැරි තරම් පහත වැටිලා ජීවත් වෙන්න බැරි තත්වයක් ඇති වෙනවා.

වාතයට තර්ජනයක්!

වායු දූෂණය ජීවයට තර්ජනයක් එල්ල කරලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට හුස්ම ගන්න සුදුසු, පිරිසිදු වාතය ලැබෙන්නේ ලෝක ජනගහනයෙන් 1%කට විතරයි.

ශ්වසන රෝග, පෙනහලු පිළිකා සහ හෘද රෝග ඇති වෙන්නත් වායු දූෂණය හේතුවක් වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. හැම අවුරුද්දකම වායු දූෂණය මිලියන 7කගේ ජීවිත බිලිගන්නවා.

තර්ජනයට පෘථිවියෙන් උත්තරයක්!

හැම ජීවියෙක්ටම පිරිසිදු වාතය අඩුවක් නැතුව ලබා දෙන්න පෘථිවියට පුළුවන්. ඒත් මිනිස්සු වාතය දූෂණය කරන වේගය අඩු කරන තාක් කල් පිරිසිදු වාතයේ එක පොදක්වත් හුස්ම ගන්න අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ උදාහරණ බලන්න.

  • වනාන්තරවලින් වාතයේ තියෙන කාබන්ඩයොක්සයිඩ් උරාගන්නවා කියන එක අපි කවුරුත් දන්නවා. ඒත් තෙත් බ්ම්වල වැඩෙන කඩොලාන ශාක වනාන්තරවලට වඩා පස් ගුණයකින් වාතයේ තියෙන කාබන්ඩයොක්සයිඩ් උරාගන්නවා කියලා ඔයා දැනන් හිටියාද? අපේ වාතය පිරිසිදු කරන්න ඒවා නොනවත්වාම වැඩ කරනවා.

  • කෙල්ප් වගේ විශාල ඇල්ගී වර්ගවලට වාතයේ කාබන්ඩයොක්සයිඩ් උරාගන්න වගේම ඒ වායුව මුහුද යට තියාගන්නත් හැකියාව තියෙනවා කියලා මෑතකදී හොයාගත්තා. කෙල්ප් කොළවල වතුර උඩ පාවෙන්න උදව් වෙන කුටි තියෙනවා. මුහුද මැදට ගියාට පස්සේ ඒ කුටි පුපුරලා කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඉන්න ඇල්ගී මුහුදු පතුලටම ගිලෙනවා. එතන උන් අවුරුදු සිය ගාණක් ඉන්නවා.

  • වායුගෝලය පිරිසිදු කරගන්න පෘථිවියට තියෙන හැකියාව කොරෝනා වසංගත කාලේ දැකගන්න පුළුවන් වුණා. 2020දී වසංගතය නිසා හුඟක් කර්මාන්ත ශාලා වහලා දැම්මා. පාරේ වාහන තිබුණේ නැති තරම්. ඒ කාලේ වාතයේ පිරිසිදුකම වැඩි වුණා. ලොක්ඩවුන් කරලා ටික දවසකින් රටවල් 80%කම වාතයේ ගුණය වැඩි වුණා කියලා “2020 වායු ගුණ තත්ව වාර්තාවේ” සඳහන් වෙනවා.

    ඔයා දැනගෙන හිටියාද?

    ස්වාභාවිකවම පිරිසිදු වෙන වාතය

    වායු ගුණත්වය දැක්වෙන ප්‍රස්තාරයක ඉන්දියාවේ නවදිල්ලියේ වාතයේ සියුම් අංශු ප්‍රමාණය පෙන්නනවා. 2020 ජනවාරිවල ඒ අගය තිබුණේ 120.1ක අහිතකර අගයක. ඒත් 2020 අගෝස්තු වෙද්දී ඒ අගය 35.5ක සාමාන්‍ය අගයක් දක්වා පහළ බැස්සා.

    කොරෝනා වසංගත කාලේ ඉන්දියාවේ නවදිල්ලියේ කර්මාන්ත ශාලාවලින් සහ වාහනවලින් වාතයට එකතු වෙන අපද්‍රව්‍ය ගොඩක් අඩු වුණා. වාතයේ සියුම් අංශු ප්‍රමාණය (PM2.5) ඉක්මනින් පහළ බැස්සා. මේ කුඩා අංශු (මිලිමීටර් .0025 හෝ ඊට වඩා පොඩි) ශ්වසන ආබාධ සහ තවත් භයානක රෝග ගොඩකට හේතු වෙනවා. මේ වෙනස තාවකාලික වුණත් වාතයට ස්වාභාවිකවම පිරිසිදු වෙන්න තියෙන හැකියාව ඒකෙන් පේනවා.

    2019 අග ඉන්දියාවේ නවදිල්ලියේ වායු දූෂණය වැඩි නිසා ඇති වෙලා තියෙන ඝන මීදුම් තත්වයක්.

    © Amit kg/Shutterstock

    2019 අග

    2019 අග ඉන්දියාවේ නවදිල්ලියේ කොවිඩ්-19 ලොක්ඩවුන් කාලේ වායු දූෂණය අඩු වුණ නිසා වාතය පිරිසිදු වුණා.

    © Volobotti/Shutterstock

    COVID-19 ලොක්ඩවුන් කාලේ

තර්ජනයට මිනිස්සුන්ගෙන් උත්තරයක්!

වැඩපොළට බයිසිකලෙන් යන කෙනෙක්.

වායු දූෂණය අඩු කරන්න බයිසිකලයෙන් ගමන් යන එක උදව් වෙනවා

වායු දූෂණය අඩු කරන්න කියලා ආණ්ඩු කර්මාන්ත ශාලාවලට නිතර නිතර මතක් කරනවා. ඒ වගේම වායු දූෂණය අඩු කරන්න විද්‍යාඥයන් අලුත් ක්‍රම අත්හදා බලනවා. උදාහරණයකට ක්ෂුද්‍ර ජීවීන්ව පාවිච්චි කරලා වාතය විෂ කරන අංශු පිරිසිදු කරන එක ඒවායින් එකක්. වාහනයක් වෙනුවට ගමන්බිමන් යද්දී ඇවිදින එක, බයිසිකල් පදින එක වගේම ගෙවල්වල බලශක්තිය ඉතුරු කරගන්න එකත් වායු දූෂණය අඩු කරන්න උදව් වෙනවා.

අඩු දුමක් පිටවෙන ලිපක් පාවිච්චි කරලා කෑම උයන කාන්තාවක්.

මිනිස්සුන්ට වායු දූෂණය අවම කරන උදුන් ලබා දෙන්න සමහර ආණ්ඩු උත්සාහ කරලා තියෙනවා. ඒත් තාමත් හුඟක් අයට ඒවා ලබාගන්න බැරි වෙලා තියෙනවා

ඒත් තර්ජනයෙන් බේරෙන්න ඒ දේවල් ප්‍රමාණවත් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව සහ තවත් ජාත්‍යන්තර සංවිධාන 2022දී නිකුත් කරපු වාර්තාවකිනුත් ඒක පැහැදිලි වෙනවා.

ඒ වාර්තාවට අනුව 2020දී ලෝක ජනගහනයෙන් තුනෙන් එකක්ම උයන්න පාවිච්චි කරන්නේ වාතය දූෂණය කරන උදුන් සහ ඉන්ධන. වාතයට හානියක් වෙන්නේ නැති විකල්ප ක්‍රමවලට යන්න අවශ්‍ය වත්කම තියෙන්නේ හරිම ටිකදෙනෙක්ට විතරයි.

තර්ජනයට බයිබලයෙන් උත්තරයක්!

“අහස්තලය සාදා එය දිගහැරියාවූ, පොළොවත් එහි සියල්ලත් සෑදුවාවූ, ලෝවැසියන්ට ජීවිතයද හුස්මද දෙන්නාවූ උදාර තැනැත්තාද සැබෑ දෙවිද වන යෙහෝවා මෙසේ කියන්නේය.”—යෙසායා 42:5.

වාතය පිරිසිදු කරන ස්වාභාවික චක්‍ර ඇතුවයි දෙවියන් වායුගෝලය හදලා තියෙන්නේ. ඒ වගේම ඔහු අසීමිත බලයක් තියෙන, මිනිස්සුන්ට ආදරේ කරන කෙනෙක්. එහෙමනම් පිරිසිදු වාතය නැතුව අපි අවසන් හුස්ම හෙළන කල් ඔහු බලාගෙන ඉඳියිද? “පෘථිවියේ ආරක්ෂාව ගැන දෙවියන්ගෙන් සහතිකයක්!” කියන ලිපිය බලන්න.

තවත් දැනගන්න

අභ්‍යවකාශයේ ඉඳන් බලද්දී පෘථිවිය පේන විදිහ.

වායුගෝලය ඇති වුණේ කොහොමද? jw.org වෙබ් අඩවියේ තියෙන ‘විශ්වය බිහි වුණේ කොහොමද?’ කියන වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න