උපනගරවල වැසියන්ගේ හුස්ම ක්‍රමක්‍රමයෙන් හිර වේ
ලොව වටා උපනගර, එනම් නාගරික යෝධයන්, වර්ධනය වෙමින් පවතින අතර, රැකියා, නිවාස සහ නාගරික ජීවිතයේ සැපපහසුකම් සොයමින් සිටින මිලියන සංඛ්යාතයින්ව ඒවා මගින් ආකර්ෂණය කෙරේ. එහෙත් එහි විපාකය දරුණු එකකි. ජනයාගේ තදබදයෙන් පිරුණු මෙම නගරවල හුස්මගැනීමේ ක්‍රියාවලිය පවා, මිනිස් සෞඛ්‍යයට වඩ වඩාත් උපද්‍රව ඇති කරයි.
UNEP (එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන) සහ ජගත් සෞඛ්‍ය සංවිධානයෙන් ලැබූ මෑත වාර්තාවක අඟවන්නේ, ලෝකයේ විශාලතම නගර 20ක වායු දූෂණය වඩ වඩාත් උග්‍ර වී තිබෙන බවයි. “ඇතැම් අවස්ථාවලදී, වායු දූෂණය වසර 40කට පෙර ලන්ඩනයේ අපකීර්තිමත් වූ මීදුම තරම් නරක වේ,” යනුවෙන් UNEP මගින් කෙන්යාවේ ප්‍රකාශයට පත්වන අවර් ප්ලැනට් නමැති සඟරාවක පැවසේ. මේ සම්බන්ධයෙන් ඉතා අධික බලපෑමක් ලැබී තිබෙන්නේ මෙක්සිකෝ නගරයේ වැසියන්ටය, එනමුත් බැංකොක්, බෙයිජිං, කයිරෝ සහ සැවෝ පවුලෝ වැනි විශාල නගරවල ජීවත්වන මිලියන ගණන් ජනයාට ඉන් ඊට වඩා අඩු බලපෑමක් ලැබෙන බව කිව නොහැක.
එවන් නගරවල වාතය කොපමණ අනතුරුදායකද? සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් සහ ඊයම් බඳු දූෂණය ඇති කරන ප්‍රධාන ද්‍රව්‍යයන්ගෙන් විශාල ප්‍රමාණයන් බොහෝ ආකාරවලින් අනතුරු සහිතය. ශරීරය මත ඒවාවල බලපැම බෙහෙවින් වැඩිය: ශ්වසන පද්ධතියේ හා හෘද් වාහිනී ගැටලු, ස්නායුවේදීය හානි සහ අස්ථි මිදුළු, අක්මා හා වකුගඩු ගැටලු පවා එනිසා ඇති වේ.
දූෂණයට හේතු වන්නේ කුමක්ද? අවර් ප්ලැනට්හි සඳහන් පරිදි, මෙම නගරවල විශාලතම තනි හේතුකාරකය වනුයේ, රථ වාහනයි. දැනට ලෝකයේ තිබෙන රථ වාහනවල සංඛ්‍යාව—එනම් මිලියන 630ක්—“ඊළඟ වසර 20-30 දක්වා කාලය තුළ, වැඩි වශයෙන් නාගරික ප්‍රදේශවල, දෙගුණයකින් වැඩිවේ යයි අපේක්ෂා කරනු ලබන හෙයින්,” නගරවල වාතයට තිබෙන්නේ අඳුරු අනාගතයක් අඳුරු බවක් තිබෙන බව පැහැදිලිය. කාරණා වඩාත් දරුණු කරන්නේ, එය වැළැක්වීමට ගෙන තිබෙන පියවර ස්වල්පයක් වීමය, මන්දයත්, එම වාර්තාවේ දැක්වෙන පරිදි, උපනගර බොහොමයක, “ගැටලුවේ බැරෑරුම්කම ගැන තිබෙන දැනුවත්කම ඉතා අල්පයකි.” එසේනම්, වාතය පිරිසිදු කිරීමේ පියවර සඳහා උසස් ප්රමුඛත්වයක් දීමට එබඳු නගරවලින් අවර් ප්ලැනට් සඟරාව උදක්ම ඉල්ලා සිටීම පුදුමයක් නොවෙයි. මෙය කරනු ලබන්නේ නැත්නම්, අනාගතය අශුභ වනු නියතය. එම සඟරාවේ දක්වා තිබෙන පරිදි, “මෙම නගරවල වායු තත්වය වඩ වඩාත් දරුණු වෙත්ම, එහි වැසියෝ ක්‍රමක්‍රමයෙන් හුස්ම හිරවීමකට මුහුණ දෙත්.” g94 12/8