‘අපිටම නගරයක් ගොඩනගා ගනිමු’
ජර්මනියේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
ඔබ බොහෝදුරට නගරයක ජීවත් වනවා විය හැකිය. ඇතැම් තක්සේරුවලට අනුව, ලෝක වාසීන්ගෙන් අඩක් පමණ එසේ ජීවත් වෙති. “වර්තමාන වේගයට අනුව නම්, වසර 2000වන විට, දකුණු අමෙරිකාවේ ජනගහණයෙන් සියයට 75කටත් වඩා වැඩි පිරිසකට ඉඩකඩ සකසා දීමට නගරවලට සිදුවන” බව එක් මූලාශ්‍රයක් සඳහන් කරයි. තවද එම කාල පරිච්ඡේදය තුළම, අප්‍රිකානු නගරවල ජීවත්වන ජනයාගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වන බවද එය අපට පවසයි.
ඔබ නගරයක ජීවත් නොවූවද, ඇතැම් විට රැකියාවක් කිරීමට, සාප්පු යෑමට, එසේත් නැතහොත් නගරයකින් ඉදිරිපත් වෙන සැපපහසුකම්වලින් ඉඳහිට ප්‍රයෝජන ලැබීමට ඔබ නගරයකට ගමන් කරනවා විය හැක. සෑම කෙනෙක්ම පාහේ නගරවල බලපෑමට ලක් වෙති. ඒවා නොමැති නම් අපගේ ජීවිත කොපමණ වෙනස් වනු ඇත්ද!
ඒනොක් යනුවෙන් හඳුන්වනු ලැබූ නගරයක්
නගර ගොඩනැගීම දිගු කලකට පෙර පටන් ගැනුණි. “ඔහු නුවරක් ගොඩනගා, තමාගේ පුත්‍රයාගේ නම ලෙස ඊට ඒනොක් යන නම තැබීය” යනුවෙන් මිහිපිට ඉපදුණු ප්‍රථම දරුවා වූ කායින් සම්බන්ධයෙන් අපට කියවන්නට තිබේ. (උත්පත්ති 4:17) නවීන දින තත්ත්වයන් සමඟ සැසඳීමේදී බොහෝදුරට සාපේක්ෂ වශයෙන් කුඩා වූ නගරයක් ගොඩනැගීම මගින්, කායින් මතු පරම්පරා සඳහා පූර්වාදර්ශයක් තැබුවේය.
පිරිසක් වශයෙන් එක්ව විසීමට ලැදි මිනිස් ස්වභාවය නිසා එක්ව ජීවත්වීමේ ආශාවක් මිනිසා තුළ ඇති වී තිබේ. මෙය මෙසේ වී ඇත්තේ සහකාරකම සඳහා පමණක් නොව නමුත් විශේෂයෙන් පසුගිය ශතවර්ෂවලදී ජනාවාසයන් බොහෝවිට පහරදීම්වලට ලක්වීම නිසා සුරක්ෂිතභාවය සහ ආරක්ෂාවේ හැඟීමක් උදෙසා කරන ලද්දක් වූ හෙයිනි. කෙසේවෙතත්, නගරවල් ගොඩනැගීම සඳහා මිනිසාව පෙලඹවීමට හේතු වූ සාධක මේවා පමණක් නොවේ.
නගරවල් සකස්වීම සම්බන්ධයෙන් හේතු වී තිබෙන ප්‍රධාන ලක්ෂණ හතරක් තිබෙන බව ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා සඳහන් කරයි. ඒවා නම් “(1) තාක්ෂණය දියුණු වීම [ධූම යන්ත්‍ර], විදුලි බලය, සන්නිවේදන ක්‍රම, (2) සතුටුදායක භෞතික පරිසරයක් [සාධක සමහරක් වනුයේ පිහිටීම, දේශගුණය, ගංගා සහ එමගින් ජල සැපයුම], (3) සමාජීය සංවිධානය [අධිකාරිත්වය, රජය] සහ (4) ජනගහණ වර්ධනය.”
නගරවල් හේතුකොටගෙන එකම ප්‍රදේශයක ව්‍යාපාරය සහ එක්තැන් කරන ලද ශ්‍රම බලකායක් තිබීමට දායක වී තිබේ. එම හේතුවෙන්, නගරවල් බොහොමයක සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වලට අඩු-වියදමකින් ලබාගත හැකි නිවාස සංකීර්ණ විශාල ප්‍රමාණයක් අපට දැකගත හැකි වේ. අදදින, පොදුජන මෙන්ම පෞද්ගලික ගමනාගමන පහසුකම් තිබෙන නිසා, සාර්ථක වානිජ්‍යමය මෙන්ම දේශපාලනමය අධීක්ෂණයට දුර ප්‍රමාණය බාධාවක් නොවෙයි. මේ හේතුවෙන්, නගරවල බලපෑම ඒවාට ආසන්න දිස්ත්‍රික්කවලටද විහිදුවාලිය හැකිය.
ඇතැම් පුරාතන නගරවලට ආගමික මංගල්‍ය සමඟද කිට්ටු සම්බන්ධයක් තිබුණි. උත්පත්ති 11:4 මෙසේ පවසයි: “ඔව්හු: [නෝවාගේ දවසේ ජල ගැල්මෙන් කෙටි කලකට පසුව ජීවත් වූ ජනයා] වරෙල්ලා, මුළු පොළෝතලයෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද [එනම් ආගමික නමස්කාරය පිණිස,] ගොඩනගා අපට නාමයක් සාදාගනිමුයයි කීවෝය.”
නගරවල් ගොඩනැගීමෙහිලා සමාජීය, ආගමික, වානිජ්‍යමය සහ භූගෝලමය මෙන්ම දේශපාලනමය අදහස්ද ඇතුළත් වී තිබේ. ඒ සමඟම, අප දන්නා හඳුනන නවීන දින සමාජය හැඩගැස්වීම සඳහා නගරවල් මූලික බලපෑමක් ඇති කර ඇති අතර එය අප සියලු දෙනාටද බලපා තිබේ.
වෙනස් නමුත් එක සමානයි
“මිනිසාගේ ස්ථිර ජනාවාස අතර මුල්ම ඒවා නයිල්, ටයිග්‍රීස්, යුෆ්රටිස්, ඉන්දු සහ හ්වයංහෝ ගංගාවල සාරවත් උප නිවර්තනීය නිම්න දක්නට ලැබෙන” බව, ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා සටහන් කරයි. විසිවන-ශතවර්ෂයට පෙර තිබූ නගරවල් අදදින ගංඟා අසල තිබෙන නගරවලට වඩා බොහෝසෙයින් වෙනස් වූ බව නම් සැබෑවකි.
පසුගිය ශතවර්ෂවල විශාල ජන පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වූහ. නිදසුනක් වශයෙන්, වර්ෂ 1300දී එංගලන්තයේ තිබූ එකම ප්‍රධාන නගරය වූයේ ලන්ඩන් නගරයයි, 40ස් දහසට වඩා අඩු වූ එහි ජනගහණය රටේ මුළු ජනගහණයෙන් සියයට 1කට වඩා බොහෝසෙයින් අඩු විය. වර්ෂ 1650වන විට ඉංග්‍රීසීන්ගෙන් සියයට 7ක් පමණ ලන්ඩන්හි ජීවත් වූහ. දහනවවන ශතවර්ෂයේ ආරම්භයේදී පමණ, එම නුවරෙහි විසූ අයගේ සංඛ්‍යාව මිලියන එකකට කිට්ටු වෙමින් තිබුණි. අදදින, බ්‍රිතාන්‍යයේ ගම්බද ප්‍රදේශවල ජීවත්වන්නේ එහි වැසියන්ගෙන් සියයට 9කටත් වඩා අඩු ප්‍රමාණයක් පමණි. අන් සියලු දෙනාම නගරයකට ආසන්නයේ පිහිටි ප්‍රදේශවල මහත් තදබදයෙන් යුක්තව ජීවත් වෙති, මහ ලන්ඩනයේ අගනුවරෙහි පමණක් මිලියන හතක පමණ ජනකායක් වෙසෙති.
නගරවල සීඝ්‍ර වර්ධනය මෙසේ දැක්විය හැකිය, 1900දී, මුළු ලෝකයටම මිලියනයක ජනගහණයක් සතුව තිබූ එකම නගරය වූයේ ලන්ඩනයයි. දැන් මිලියනයකට වඩා වැඩි පදිංචිකරුවන් සිටින නගරවල් 200කට අධික සංඛ්‍යාවක් තිබේ. භූගෝල ශාස්ත්‍රඥයෝ සුපිරි නගර ගැන කථා කරති, මෙය වනාහි එකිනෙකට සම්බන්ධ වූ නගරවල් දම්වැලකි, ජර්මනියේ රූවර් ප්‍රාන්තයේ රූවර් ගංගාව ඔස්සේ, ඩුස්බුර්ක් සිට ඩොර්ට් මුන්ට් දක්වා වූ ප්‍රදේශයේ එක දිගටම පවතින්නා වූ එක ප්‍රජාවක් දක්නට ලැබේ.
එකිනෙකට වෙනස් වුවත්, පුරාතන මෙන්ම නවීන නගරවලට පොදු වූ යමක් තිබේ—එනම් ගැටලුය. එමෙන්ම එම ගැටලු අදදින තිබෙන්නාක් මෙන් එතරම් බහුල ලෙස හෝ මහත් ලෙස කිසි කලක තිබී නැත. නගරවල් බරපතළ කරදරයකට අසු වී ඇත. ‘අපටම නගරයක් ගොඩනගා ගැනීම’ මගින් මිනිස් වර්ගයා යමක් ඉගෙනගෙන තිබේ නම්, අප විසින් දැනගත යුතු වන්නේ, අසම්පූර්ණ තත්ත්වයන් යටතේ මෙන්ම, වරදිනසුලු මනුෂ්‍යයන් මගින් සිදුකරනු ලබන විට, නගරවල් ගොඩනගා ගැනීම අපගේ අවශ්‍යතා තෘප්තිමත් කරගැනීම සඳහා අනිවාර්යයෙන්ම නියම ක්‍රමය නොවන බවය. g94 1/8