පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න!
මෙම කුඩා පොත මුද්‍රණය කර තිබෙන්නේ, පොළොව සහ එහි ඇති සියල්ල මැව්වේ කවුද කියා ඔබට කියා දෙන්නයි. පොළොව සෑදූ දෙවිට නමක් තිබෙන බව ඔබ ඉගෙනගන්න යනවා. දෙවි මිනිසාව සෑදුවේ ඇයි කියාත්, පොළොව මත සදහටම ජීවිතය භුක්ති විඳින්න ඔබට පුළුවන් වන්නේ කොහොමද කියාත් මෙම පොත පැහැදිලි කර දෙනවා.
ඔබ ඉගෙනගන්නා දේවල්, මෙහි තිබෙන පිංතූරුවලින් තවත් හොඳට පැහැදිලි වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. මෙම පොතෙන් හොඳින් ප්‍රයෝජන ගන්න නම් පිංතූරුත් එක්කම දී තිබෙන බයිබල් ඡේද කියවන්න ඕන. එහෙම කළොත්, බයිබලයේ දෙවි පොරොන්දු වෙලා තිබෙන හොඳ දේවල් ගැනත්, ඒවා ලබාගන්න නම් දෙවි ඔබෙන් ඉල්ලන්නේ මොනවද කියාත් ඔබට දැනගන්න පුළුවන්.
කැමති නම්, ඔබ ඉගෙනගන්න දේවල් අනිත් අයට කියා දෙන්නත් ඔබට මේ පොත භාවිත කරන්න පුළුවන්. ඔබට දරුවන් ඉන්නවා නම්, ඔවුන්ට දෙවි ගැන උගන්වන්නත් එය භාවිත කරන්න පුළුවන්. ඔබ ජීවත් වන රටේ ඉන්න වැඩිහිටියන් හුඟදෙනෙකුට අකුරු කියවන්න බැරි නම්, ඔවුන්ට දෙවිගේ අරමුණු ඉගැන්වීමට පිංතූරු භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ, ඔවුන්ගේ අසල්වැසියන්ට උපකාර කරන්න ඔවුන්ටත් පුළුවන් වෙයි.
මෙම තොරතුරු පාඩම් කිරීමෙන් ඔබට මහත් ආශීර්වාද ලැබෙයි කියාත්, පොළොව මත සදහටම ජීවත් වන්නේ කොහොමද කියා අනුන්ට කියා දෙන්න පවා උපකාරයක් වේවි කියාත් අපි බලාපොරොත්තු වෙනවා.