ඔබව සෑදුවේ කවුද?
1 දෙවි අහසයි පොළොවයි සෑදුවා.—උත්පත්ති 1:1
2 දෙවිට නමක් තිබෙනවා. ඔහුගේ නම යෙහෝවා.—ගීතාවලිය 83:17
යෙහෝවා ඉන්නේ ස්වර්ගයේ. ඔහු ආත්මයක්. ඔබට ඔහුව දකින්න බැහැ—යෙසායා 66:1; යොහන් 1:18; 4:24
3 යෙහෝවා දෙවි ස්වර්ගයේ දේවදූතයන් බොහෝදෙනෙක්ව සෑදුවා. ඔවුනුත් ආත්මයන්. මුලදී ඔවුන් සියලුදෙනාම හොඳයි. අතීතයේ සමහර අවස්ථාවලදී, මිනිසුන්ට ඔවුන්ව දැකගන්න පුළුවන් වෙන විදිහට ඔවුන් මිනිස් සිරුරු අරගෙන පොළොවට ආවා.—හෙබ්‍රෙව් 1:7, NW
4 මිනිසුන්ව සාදන්න බොහෝ කාලෙකට පෙර යෙහෝවා සතුන්ව සෑදුවා.—උත්පත්ති 1:25
5 යෙහෝවා ආදම් කියන මිනිසාවත් ඒව කියන ඔහුගේ බිරිඳවත් සෑදුවා.—උත්පත්ති 1:27
දෙවි ඔවුන්ව ලස්සන උයනක, ඒ කියන්නේ පාරාදීසයක පදිංචි කළා. ඔහු ආදම්ට දුන්නේ එක බිරිඳක් විතරයි. දෙවිට ඕන වුණේ මිනිසා ඔහුගේ බිරිඳ එක්ක එකට ජීවත් වෙනවා දකින්නයි.—උත්පත්ති 2:8, 21, 22, 24
6 මිනිසා ප්‍රාණයක්.—උත්පත්ති 2:7
7 සතුනුත් ප්‍රාණයන්.—උත්පත්ති 1:24