මිනිසා මැරෙන්නේ ඇයි?
8 යෙහෝවා දෙවිට ඕන වුණේ මිනිසා මුළු පොළොවම පාරාදීසයක්, ඒ කියන්නේ සියලුදෙනාටම සතුටින් ඉන්න පුළුවන් ලස්සන තැනක් කරනවා දකින්නයි.—උත්පත්ති 1:28
ආදම් සහ ඒව යෙහෝවාට කීකරු වුණා නම්, මිනිසාට සදහටම ජීවත් වෙන්න තිබුණා. හොඳ හා නරක දැනගැනීමේ ගහෙන් කන්න එපා කියා ඔවුන්ට කියා තිබුණා.—උත්පත්ති 2:15-17
9 එක දේවදූතයෙක් නරක අතට හැරුණා. ආදම් සහ ඒවව දෙවිට අකීකරු කරවන්න ඔහු සර්පයෙක්ව පාවිච්චි කළා.—උත්පත්ති 3:1-6
10 ඒවව රැවැට්ටුව දූතයාට ‘යක්ෂයා, සාතන් හා පුරාණ සර්පයා’ කියන නම් දී තිබෙනවා.—එළිදරව් 12:9
11 යෙහෝවා මෙම අකීකරු යුවළව පාරාදීසයෙන් පන්නා දැම්මා.—උත්පත්ති 3:23, 24
12 ඊට පස්සේ, ආදම් සහ ඒවට දරුවන් හම්බ වුණා. නමුත් ඔවුන් සියලුදෙනාම හිටියේ සතුටින් නෙවෙයි.—උත්පත්ති 3:17, 18
13 යෙහෝවා කියා තිබුණු විදිහටම, වයසට ගිහින් ඔවුන්ට මැරෙන්න සිද්ධ වුණා.—උත්පත්ති 3:19; රෝම 5:12
14 ඉතින්, සතුන් වගේම ඔවුනුත් මැරුණා.
පොළොවේ සිටින හැම ප්රාණයක්ම මැරෙනවා. ඔවුන්ගේ ජීවිතය එතනින් අවසන් වෙනවා.—දේශනාකාරයා 3:18-20; එසකියෙල් 18:4