මරණය කියන්නේ මොකක්ද?
15 මිනිසා මැරෙද්දී ඔහු නැවතත් දූවිල්ලට හැරෙනවා. ඊට පස්සේ ඔහු කිසිම දෙයක් දන්නේ නැහැ.—ගීතාවලිය 146:4
මැරුණ අයට ඔබත් සමඟ කතා කරන්නවත් වෙන කිසිම දෙයක් කරන්නවත් බැහැ.—දේශනාකාරයා 9:5, 10
16 නමුත් බොහෝ දේවදූතයන් නරක අතට හැරුණා. ඔවුන්ට උවමනා වන්නේ අපි ඇත්තටම මැරෙන්නේ නැහැයි කියා පෙන්වන්නයි. ඒ නිසා ඔවුන් අවතාර හැටියට පෙනී සිටිනවා.—උත්පත්ති 6:1, 2; යූද් 6
17 ඒ නිසා, භූතයන් කියා හඳුන්වන ඒ නරක දූතයන්ව අප විශ්වාස කරනවාට යෙහෝවා දෙවි කැමති නැහැ.—නික්මයාම 22:18; ද්විතීය කථාව 18:10, 11; 32:17
හදිහූනියම්, බලිතොවිල් හෝ වෙනත් ඕනෑම යක්ෂ බන්ධන වැඩක් කරනවාට ඔහු කැමති නැහැ.—ගලාති 5:19-21