දෙවි නරක ලෝකයක් විනාශ කරයි
18 ආදම්ගෙන් පැවත ආ අය හුඟක් වැඩි වුණා. ඔවුන් හුඟක් නරක අතටත් හැරුණා. ඔවුන්ව විනාශ කරන්න දෙවි තීරණය කළා.—උත්පත්ති 6:1, 5, 7
19 නමුත් නෝවා කියලා හොඳ මිනිසෙක් හිටියා.—උත්පත්ති 6:8, 9
නරක මිනිසුන්ව විනාශ කරන විට, නෝවා සහ ඔහුගේ පවුලේ අයව බේරාගැනීමට ලොකු නැවක් හදන්න කියා යෙහෝවා ඔහුට කිව්වා. ඒක හරියට පෙට්ටියක් වගෙයි.—උත්පත්ති 6:13, 14
20 ඔවුන් නැවට හුඟක් සතුන් ගෙන ගියා.—උත්පත්ති 6:19-21
21 යෙහෝවා දෙවි ලොකු වැස්සක් වහින්න සැලැස්සුවා. නරක මිනිසුන් සියලුදෙනාම නැති වුණා. නැවේ සිටිය අය බේරුණා. මෙයට හේතුව මොකක්ද කියා ඔබ දන්නවාද?—උත්පත්ති 6:17; 7:11, 12, 21; 1 පේතෘස් 3:10-12