දෙවි නරක මිනිසුන්ව නැවතත් විනාශ කරයිද?
22 අදදින සිටින මිනිස්සුත් හරිම නරකයි. මේ පින්තූරයෙන් පෙන්නන මිනිස්සු මොන වගේ නරක දේවල්ද කරන්නේ?
23 සමහර අය මිනී මරනවා. මෙය කරන්න එපා කියා දෙවි කියා තිබෙනවා.—නික්මයාම 20:13; 1 යොහන් 3:11, 12
24 සමහර අය හොරකම් කරනවා. මෙය කරන්න එපා කියා දෙවි කියා තිබෙනවා.—නික්මයාම 20:15; එපීස 4:28
25 සමහර පිරිමින්ට භාර්යාවන් කිහිපදෙනෙක්ම සිටිනවා. තවත් අය, ස්ත්රීන් දෙන්නෙක් නැත්නම් ඊට වැඩිදෙනෙකුව වෙන වෙනම ගෙවල්වල තියාගෙන ඔවුන් එක්ක ජීවත් වෙනවා. තවත් සමහරු විවාහ නොවී එකට ජීවත් වෙනවා. මේ සෑම දෙයක්ම වැරදියි කියා බයිබලයේ කියා තිබෙනවා.—මතෙව් 19:4-6; 1 කොරින්ති 7:1-4; 1 තිමෝති 3:1, 2
26 දෙවි ආදම්ට දුන්නේ එක බිරිඳක් පමණයි කියා ඔබට මතකද?—උත්පත්ති 2:22, 24
27 සමහර අය රූපවලට වඳිනවා. නමස්කාරයට රූපවත් සුරුවම්වත් පාවිච්චි කරන්න එපා කියා දෙවි කියා තිබෙනවා.—නික්මයාම 20:4, 5; යෙසායා 44:9-17; 1 යොහන් 5:21
28 තම ජීවිතවල වෙනස්කම් නොකරන නරක මිනිසුන්ව යෙහෝවා විනාශ කරන්න යනවා.—ගීතාවලිය 37:9, 10; ලූක් 13:5; 1 කොරින්ති 6:9, 10