ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 9
  • නෝවා විශාල නැවක් හදයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නෝවා විශාල නැවක් හදයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • නෝවාගේ නැව
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ‘ඔහු සැබෑ දෙවි සමඟ ගමන් කළා’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඔහු “සැබෑ දෙවි සමඟ ගමන් කළේය”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නෝවා දෙවි සමඟ ගමන් කළේය කාටත් ඉගෙනගත හැකි වීඩියෝ පටයක්
    2002 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 9
නෝවා සහ එයාගේ පවුලේ අය නැවට සතුන්ව ඇතුල් කරනවා

කතන්දර 9

නෝවා විශාල නැවක් හදයි

නෝවාට භාර්යාවකුයි පුතුන් තුන්දෙනෙකුයි හිටියා. ඒ තමා, ෂෙම්, හාම් හා යඵෙත්. හැම පුතෙකුටම භාර්යාවක් හිටියා. ඒ නිසා නෝවාගේ පවුලේ අටදෙනයි.

දෙවි දැන් නෝවාට කියනවා අමුතු දෙයක් කරන්න කියලා. දෙවි එයාට කිව්වේ විශාල නැවක් හදන්න කියලයි. මේ නැව විශාල පෙට්ටියක් වගෙයි. ‘ඒක තට්ටු තුනක් උසට හදන්න’ කියලත්, ‘ඒකේ කාමර හදන්න’ කියලත් දෙවි කිව්වා. නෝවාට, ඔහුගේ පවුලට, ඒ වගේම සතුන්ට ජීවත් වෙන්නත්, ඒ හැමදෙනාටම ඕන කරන කෑම තියාගන්නත් මේ කාමර ඕන වුණා.

වතුර ටිකක්වත් ඇතුලට යන්නේ නැති වෙන්න නැව හදන්න කියලා දෙවි නෝවාට කිව්වා. ‘මම මහා ජලගැල්මක් එවලා මුළු ලෝකයම විනාශ කරන්න යනවා. නැවෙන් එළියෙ ඉන්න හැමදෙනාම මැරෙන්න යනවා’ කියලා දෙවි කිව්වා.

නෝවායි එයාගේ පුතුන් තුන්දෙනයි යෙහෝවාට කීකරු වෙලා නැව හදන්න පටන්ගත්තා. නමුත් අනිත් මිනිස්සු කළේ හිනා වෙන එක විතරයි. ඒගොල්ලන් දිගටම කළේ නරක වැඩ. දෙවි කරන්න යන දේ ගැන නෝවා ඒගොල්ලන්ට කිව්වාම කවුරුවත්ම එයාව විශ්වාස කළේ නැහැ.

ජලගැල්ම ගැන නෝවා අනතුරු අඟවද්දී මිනිසුන් නෝවාට හිනා වෙනවා

ඒ නැව හුඟාක් විශාල නිසා, ඒක හදන්න ගොඩක් කල් ගියා. අවුරුදු ගණනාවක් ගත වුණාට පස්සේ, ඒක හදලා ඉවර වුණා. ඊට පස්සේ, නැවට සත්තු ඇතුල් කරන්න කියලා දෙවි නෝවාට කිව්වා. සමහර සත්තුන්ගෙන් ගෑනු සතායි පිරිමි සතායි නැවට ගන්න කියලා දෙවි කිව්වා. ඒ වුණාට වෙනත් සත්තුන්ගෙන්, හත්දෙනෙක් ගානේ ගේන්න කියලයි දෙවි නෝවාට කිව්වේ. හැම ජාතියකම කුරුල්ලන් ගේන්න කියලත් දෙවි නෝවාට කිව්වා. දෙවි කියපු විදිහටම නෝවා කළා.

ඊට පස්සේ නෝවාත් එයාගේ පවුලත් නැවට ඇතුල් වුණා. ඒගොල්ලෝ ඇතුල් වුණාට පස්සේ දෙවි දොර වැහුවා. නෝවාත් එයාගේ පවුලත් ඇතුලට වෙලා බලාගෙන හිටියා. ඔයාත් ඒ අය එක්ක නැව ඇතුලට ගිහිල්ලා, බලාගෙන ඉන්නවා කියලා හිතන්න. දෙවි කියපු විදිහටම ඇත්තටම ජලගැල්මක් එයිද?

උත්පත්ති 6:9-22; 7:1-9.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න