අපට අවශ්‍ය වන්නේ ආධාර වීමට ය
මෙම විවරණිකාව සපයා ඇත්තේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් සහ බයිබල් දැනුමෙහි වැඩි වර්ධනය වීමට ඔබට ආධාර වීම සඳහා වූ ඔවුන්ගේ වැඩ පිළිවෙළ ගැන ඔබ ව වඩාත් දැනුවත් කිරීම සඳහා ය. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ඔබ ව බැහැ දැක ඇතුවා විය හැක, නැතිනම් සමහර විට වීථියේ දී හෝ වෙනත් ස්ථානයක දී ඔවුන් සමඟ කථා කරන්නට ඇත. සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු දැන් ඔබ සමඟ පාඩම් කරනවා විය හැක.
දේව රාජ්‍යය පිළිබඳ ව වූ ඔවුන්ගේ පණිවුඩය ලෝක ව්‍යාප්ත ව ප්‍රකාශ කරනු ලබන බව ඔබ දැන සිටියෙහි ද? මක්නිසා ද? ඒ මක්නිසාදයත්, දෙවියන් වහන්සේ, එනම් අප මැවුම්කරුවාණන්ට, සෑම ජාතියකින් ම ජනයා තමන් වහන්සේගේ නමස්කාරයෙහි එක්සත් වීම වුවමනා කරන සේක. උන් වහන්සේ අපේ කාලය සඳහා පුරෝකථනය කළේ: “බොහෝ ජනයෝද පිටත්ව කථාකොට වරෙල්ලා ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු. උන්වහන්සේ තමන්වහන්සේගේ මාර්ග අපට උගන්වන සේක. අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය.”—යෙසායා 2:2, 3.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකමක් වූ දෙවියන් වහන්සේගේ මාර්ග ගැන ඔබට කීම, මෙම අනාවැකියෙහි ඉටුවීමකි. ඊළඟ පිටු මෙම ක්‍රියාකාරකම් වැදගත් වන්නේ මක්නිසා ද කියාත් ඔබට එයින් ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේ ද කියාත් පෙන්වනු ඇත.