ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bsi07 17-19 පි.
  • බයිබල් පොත් අංකය 32—යෝනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබල් පොත් අංකය 32—යෝනා
  • “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා)
  • උපමාතෘකා
  • ප්‍රයෝජනවත් වීමට හේතු
“මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා)
bsi07 17-19 පි.

බයිබල් පොත් අංකය 32—යෝනා

ලේඛකයා: යෝනා

ලිවීම සම්පූර්ණ කළේ: පො.යු.පෙ. 844දී පමණ

යෝනා පො.යු.පෙ. නවවන සියවසේ විසූ විදේශීය මිෂනාරිවරයෙකි! යෙහෝවා විසින් තමාට දෙන ලද පැවරුම ඔහු සැලකුවේ කෙසේද? මෙමගින් කුමනාකාරයේ නව අද්දැකීම්වලට මුහුණ දීමේ ප්‍රස්තාවන් ඔහු ඉදිරියෙහි විවෘත වූවාද? තම පැවරුම ඉටු කරද්දී ප්‍රතිචාරය දක්වනසුලු ජනයාව සොයාගැනීමට ඔහුට හැකි වූවාද? ඔහුගේ දේශනා කිරීම සාර්ථක වූයේ කොතරම් දුරකටද? විචිත්‍රවත් කතා වස්තුවක් ඇතුළත් යෝනාගේ පොත එම ප්‍රශ්නවලට උත්තර සපයයි. මෙම පොත ලියනු ලැබුවේ යෙහෝවා තෝරගත් ජාතිය ඔහු සමඟ කළ ගිවිසුම කඩ කර, මිථ්‍යා දෘෂ්ටික පිළිම නමස්කාරයට වැටුණු කාලයේදීය. දෙවිගේ දයාව එක ජාතියකට පමණක්, එනම් ඉශ්‍රායෙල්ට පවා සීමා නොවන බව අනාවැකිමය වාර්තාව පෙන්නුම් කරයි. එපමණක්ද නොව, අසම්පූර්ණ මිනිසා තුළ බොහෝවිට දැකිය හැකි දයාවේ, ඉවසීමේ සහ විශ්වාසයේ ඌනතාවයට වඩා වෙනස් යෙහෝවාගේ මහත් දයාව සහ ප්‍රේමණීය කරුණාව එය උසස් කොට දක්වයි.

2 යෝනා (හෙබ්‍රෙව්, යොහ්නාහ්) යන නාමයේ අර්ථය “කොබෙයියා” යනුයි. ඔහු සාබුලොන් ප්‍රදේශයට අයත් ගලීලයේ ගාත්-හෙපෙර්හි විසූ අනාගතවක්තෘ අමිත්තයිගේ පුත්‍රයාය. යෙහෝවා යෝනා මාර්ගයෙන් පැවසූ ලෙස ඉශ්‍රායෙල්හි රජ වූ යෙරොබොවම් ජාතියේ සීමාවන් පුළුල් කළ බව 2 රාජාවලිය 14:23-25 දක්වා අපට කියවීමට තිබේ. එහි සඳහන් දෙය අනුව යෝනා අනාවැකි පැවසුවේ පො.යු.පෙ. 844දී පමණ බව සිතිය හැක. මෙය ඉශ්‍රායෙල්හි IIවන යෙරොබොවම් සිංහාසනාරූඪ වූ අවුරුද්දය. ඔහු රජකම් කළේ නිනිවය අගනුවර වශයෙන් යොදාගනිමින් අෂූරිය ඉශ්‍රායෙල් කෙරෙහි බලපවත්වන්ට පටන්ගත් කාලයට අවුරුදු බොහොමයකට කලින්ය.

3 යෝනාගේ පොතේ අඩංගු සම්පූර්ණ වාර්තාව විශ්වාසවන්ත බවට කිසිදු ප්‍රශ්නයක් නොමැත. ‘අපගේ ඇදහිල්ලේ කර්තෘවරයා වූ යේසුස්’ යෝනාව සැලකුවේ සැබෑ පුද්ගලයෙකු ලෙසය. එමෙන්ම යෝනාගේ පොතෙහි සඳහන් අනාවැකිමය සිදුවීම් දෙකක් පිළිබඳව දේවානුභාවය ලත් විස්තර කිරීමක් යේසුස් සැපයුවේය. එමගින් ඔහු පෙන්වා දුන්නේ යෝනාගේ පොත සැබෑ අනාවැකි අඩංගු පොතක් බවයි. (හෙබ්‍රෙ. 12:1; මතෙ. 12:39-41; 16:4; ලූක් 11:29-32) යුදෙව්වන් විසින් බොහෝවිට තම පිළිගත් ආගමික පොත්වලට යෝනාගේ පොත ඇතුළත් කර ඇති අතර යෝනා ඉතිහාසගත පුද්ගලයෙකු වශයෙන්ද පිළිගන්නා ලදි. යෝනා තමාගේ අඩුපාඩුකම් සහ දුර්වලකම් සැඟවීමට වෑයම් නොකර, ඒවා අවංකවම විස්තර කර ඇත. එමගින්ද ඔහුගේ වාර්තාවේ සත්‍යතාව තහවුරු වේ.

4 යෝනාව ගිලගත් ‘මහා මත්ස්‍යයා’ ගැන කුමක් කිව හැකිද? මේ මත්ස්‍යයා කුමන වර්ගයට අයත්දැයි යන්න පිළිබඳව බොහෝ අනුමානයන් පළ කර තිබේ. විශාල කිරි තල්මසාට මිනිසෙකුව සම්පූර්ණයෙන්ම ගිලගැනීමේ හැකියාව ඇත. විශාල සුදු මෝරාටද එසේ කළ හැක. කෙසේවෙතත්, බයිබලය සරලව පවසන්නේ මෙසේය. “යෙහෝවා යෝනා ගිලින්ට මහා මත්ස්‍යයෙකු පත් කළේය.” (යෝනා 1:17) මෙහිදී මත්ස්‍ය වර්ගය නිශ්චිතව සඳහන් කර නැත. එම මත්ස්‍යයා විශාල තල්මසෙකු හෝ විශාල සුදු මෝරෙකු නැතහොත් වෙනත් හඳුනා නොගත් මුහුදු ජීවියෙකුද යන්න පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹිය නොහැක.a බයිබල් වාර්තාවේ “මහා මත්ස්‍යයෙකු” යයි සඳහන් කර තිබීම අපේ දැනගැනීමට ප්‍රමාණවත්ය.

ප්‍රයෝජනවත් වීමට හේතු

9 යෝනා ගත් ක්‍රියාමාර්ගය සහ එහි ප්‍රතිඵලය අප සඳහා අනතුරු ඇඟවීමක් විය යුතුය. දෙවිගෙන් ලද පැවරුමෙන් ඔහු පලා ගියේය. දෙවි තමාව උසුලන බව විශ්වාස කර තමාට ලැබුණු පැවරුම ඔහු පිළිගත යුතුව තිබිණ. (යෝනා 1:3; ලූක් 9:62; හිතෝ. 14:26; යෙසා. 6:8) යෝනා වැරදි දිශාවකට ගමන් කරමින් සිටි විට ඔහු විදහා පෙන්වූයේ නිෂේධාත්මක ආකල්පයකි. තමා ‘ස්වර්ගයේ දෙවි වූ යෙහෝවාට’ නමස්කාර කරන කෙනෙක් කියා නාවිකයන්ට නිර්භයව තමන්ව හඳුන්වා දීමට අසමත් වීමෙන් ඒ බව පැහැදිලි වේ. ඒ අවස්ථාවේදී ඔහු නිර්භීතව කටයුතු කළේ නැත. (යෝනා 1:7-9; එපී. 6:19, 20) යෝනා තමා ගැන පමණක් සිතීම නිසා යෙහෝවා නිනිවය කෙරෙහි පෙන්වූ දයාව ඔහු සැලකුවේ තමාට කළ අගෞරවයක් ලෙසය. ඇති වන ප්‍රතිඵලය කුමක්ද කියා තමන් දැන සිටි බව යෝනා පැවසුවේය. එසේනම් අනාගතවක්තෘවරයෙකු හැටියට තමාව යැව්වේ ඇයි කියා යෙහෝවාගෙන් ඇසීමෙන් යෝනා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට තැත් කළේය. යෝනාගේ මෙම අගෞරවනීය, පැමිණිලි කරනසුලු ආකල්පය නිසා ඔහුව හික්මවනු ලැබීය. එමනිසා අප ඔහුගේ අද්දැකීමෙන් ප්‍රයෝජන ගනිමින් යෙහෝවා දයාව පෙන්වන ආකාරය හෝ ඔහු දේවල් කරන ආකාරය ගැන වැරදි සෙවීමෙන් වැළකී සිටිය යුතුය.—යෝනා 4:1-4, 7-9; පිලි. 2:13, 14; 1 කොරි. 10:10.

10 යෝනාගේ පොත අන් හැම දෙයකටම වඩා කැපීපෙනෙන අයුරින් විස්තර කරන්නේ යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව හා දයාවේ විශිෂ්ටත්වය ගැනයි. ඉතාමත් ඉක්මනින් පැමිණීමට යන විනාශය ගැන අනතුරු ඇඟවීමට තම අනාගතවක්තෘවරයාව යැවීමෙන් යෙහෝවා නිනිවය කෙරෙහි ප්‍රේමණීය කරුණාව පෙන්වූ අතර, නුවරේ වැසියන් පසුතැවිලි වූ විට දයාව පෙන්වීමටද සූදානම් වී සිටියේය. පොදු යුගයට පෙර 632දී පමණ මේදවරුන් සහ බබිලෝනිවරුන් නගරය විනාශ කිරීම දක්වා වසර 200කට වැඩි කාලයක් පැවතීමට නිනිවයට හැකි වූයේ එම දයාව නිසාය. මුහුදේ දැඩි කුණාටුවකින් ගැළවීමෙන්ද “ඔහුගේ දුකින් මුදන්ට” ලබු වැලක් සැපයීමෙන්ද යෙහෝවා යෝනාට දයාව පෙන්වූයේය. තමන් දයාව සහ ප්‍රේමණීය කරුණාව පෙන්වන්නේ යහපත්යයි තමන්ට පෙනෙන ආකාරයට බව, ආරක්ෂාව සඳහා ලබු වැලක් සපයා පසුව එය විනාශ කර දැමීමෙන් යෙහෝවා යෝනාට ඉගැන්වූයේය.—යෝනා 1:2; 3:2-4, 10; 2:10; 4:6, 10, 11.

11 ආගමික නායකයන්ට දිය හැකි එකම ලකුණ, “යෝනාගේ ලකුණ” බව යේසුස් ඔවුන්ට පැවසූ බව මතෙව් 12:38-41හි සඳහන් වේ. “පාතාල ගැබේ” දහවල් තුනක්ද රෑ තුනක්ද සිටීමෙන් පසු යෝනා දේශනා කිරීමට නිනිවයට ගියේය. එය නිනිවයේ වැසියන්ට “ලකුණක්” විය. (යෝනා 1:17; 2:2; 3:1-4) ඒ හා සමානව, යේසුස් දින තුනක් ආවරණය කළ කාලපරිච්ඡේදයක් මිනි වළෙහි සිටියායින් පසු ඔහුව නැවත නැඟුටුවන ලදි. යේසුස්ගේ ගෝලයන් එම සිද්ධිය ගැන සාක්ෂි දරද්දී යේසුස් එම පරම්පරාවට ලකුණක් විය. කාලය ගණනය කිරීමේ යුදෙව්වන්ගේ ක්‍රමයට හා යේසුස් සම්බන්ධයෙන් ඉටු වූ අනාවැකිවලට අනුව, ‘දහවල් තුනක්ද රෑ තුනක්ද’ වූ මෙම කාලය සම්පූර්ණ දවස් තුනකට වඩා අඩුය.b

12 මේ සාකච්ඡාවේදීම යේසුස් තමා දේවසේවය කළ කාලයේ සිටි යුදෙව්වන්ගේ හදවත්වල තිබූ දැඩි ස්වභාවය මෙන්ම තමන්ව කෙළින්ම ප්‍රතික්ෂේප කිරීම සමඟ නිනිවයේ වැසියන්ගේ පසුතැවිලි වීම සසඳමින් එම ප්‍රතිචාර දෙකෙහි වෙනස ගෙනහැර දැක්වුවේය. යේසුස් මෙසේ පැවසීය. “නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැඟිට එය වරදට පත් කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනා කිරීමෙන් ඔවුහු පසුතැවිලි වූවෝය. බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.” (මතෙව් 16:4 සහ ලූක් 11:30, 32ද බලන්න.) “යෝනාට වඩා උතුම් කෙනෙක්” යන වදන්වලින් යේසුස් අදහස් කළේ කුමක්ද? “පසුතැවිලි වෙන්න. මක්නිසාද ස්වර්ග රාජ්‍යය ළං වී තිබේය කියා” දේශනා කිරීමට යෙහෝවා විසින් එවන ලද යේසුස් සියලුම අනාගතවක්තෘවරුන්ගෙන් උතුම්ම තැනැත්තා බව ඔහු මෙහිදී පෙන්නුම් කළේය. (මතෙ. 4:17) කෙසේවෙතත් එම පරම්පරාවේ සිටි යුදෙව්වන්ගෙන් බහුතරය “යෝනාගේ ලකුණ” ප්‍රතික්ෂේප කළෝය. අදදින ගැන කුමක් කිව හැකිද? යෙහෝවාගේ අනතුරු ඇඟවීමේ පණිවිඩයට බොහෝදෙනෙකු සවන් නුදුන්නත්, “මනුෂ්‍ය පුත්‍රයා” වූ යේසුස් විසින් ප්‍රථමයෙන් දේශනා කරන ලද දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචියට සවන් දීමේ මහඟු ප්‍රස්තාව ලෝක ව්‍යාප්තව වෙසෙන දහස් ගණනකට විවෘත වී ඇත. යෝනාගේ දේශනා කිරීම තුළින් ආශීර්වාද ලැබූ පසුතැවිලි වූ නිනිවයේ වැසියන්ට මෙන් ඔවුන්ටද, දිගු කාලීන ජීවිතයක් සඳහා යෙහෝවා පිළියෙළ කර තිබෙන බහුල වූ දයාන්විත සැපයුම්වලට හවුල් විය හැක. මන්ද “ගැළවීම අයිති යෙහෝවාට” බැවිනි.—යෝනා 2:9.

[පාදසටහන්වල]

a ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 2 වෙළුම, 99-100 පිටු.

b ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1 වෙළුම, 593 පිටුව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න