ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 29 පාඩම 71 පි.-75 පි. 2 ¶
  • යෙහෝවා දෙවියන් යොෂුවාව තෝරගත්තා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන් යොෂුවාව තෝරගත්තා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යෝෂුවා නායකයා වෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • යෝෂුවාගේ මතක සටහන්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොෂුවා 1:9 - “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • යෝෂුවා පොතෙන් විශේෂාංග
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 29 පාඩම 71 පි.-75 පි. 2 ¶
පූජකයන් ගිවිසුම් පෙට්ටිය යොර්දාන් ගඟ හරහා ගෙන යමින්

29වෙනි පාඩම

යෙහෝවා දෙවියන් යොෂුවාව තෝරගත්තා

යොෂුවා නීතිය සඳහන් ලියවිල්ල කියවමින්

අවුරුදු ගාණක්ම ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට හිටිය මෝසෙස් මැරෙන්න ළං වෙලයි හිටියේ. යෙහෝවා එයාට මෙහෙම කිව්වා. ‘පොරොන්දු දේශයට ඊශ්‍රායෙල්වරුන්ව අරන් යන්නේ ඔයා නෙමෙයි. ඒත් මං ඔයාට ඒක බලන්න දෙන්නම්.’ මෝසෙස් යෙහෝවාට කිව්වා සෙනඟව බලාගන්න අලුත් නායකයෙක්ව පත් කරන්න කියලා. එතකොට දෙවියන් මෙහෙම කිව්වා. ‘යොෂුවාට කියන්න මං එයාව තෝරගත්තා කියලා.’

මෝසෙස් සෙනඟට කිව්වා එයා තව ටික දවසකින් මැරෙන නිසා සෙනඟව පොරොන්දු දේශයට අරගෙන යන්න යෙහෝවා තෝරගෙන තියෙන්නේ යොෂුවාවයි කියලා. මෝසෙස් යොෂුවාට කිව්වා ‘බය වෙන්න එපා. යෙහෝවා ඔයාට උදව් කරනවා’ කියලා. ඊටපස්සේ මෝසෙස් නෙබෝ කන්දට නැග්ගාම ආබ්‍රහම්ට, ඊසාක්ට, යාකොබ්ට පොරොන්දු වුණු දේශය යෙහෝවා එයාට පෙන්නුවා. ඊටපස්සේ මෝසෙස් මැරුණා. එතකොට එයාට වයස 120යි.

මෝසෙස් පූජකයන් සහ අනිත් අය ඉස්සරහා යොෂුවාව නායකයා විදිහට පත් කරමින්

යෙහෝවා යොෂුවාට මෙහෙම කිව්වා. ‘යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා කානාන් දේශයට යන්න. මෝසෙස්ට උදව් කළා වගේ මං ඔයාටත් උදව් කරනවා. හැමදාම මං දුන්න නීතිය කියවන්න. ධෛර්යවත් වෙන්න. බය වෙන්න එපා. ගිහින් මං කියපු විදිහටම කරන්න.’

දවසක් යොෂුවා යෙරිකෝවේ තොරතුරු හොයලා බලන්න දෙන්නෙක්ව යැව්වා. එහෙදී වුණේ මොනවාද කියලා ඊළඟ පාඩමෙන් බලමු. ඒ දෙන්නා ආයෙත් ඇවිත් කිව්වා කානාන්වලට යන්න මේ තමයි හොඳම කාලේ කියලා. ඊළඟ දවසේ යොෂුවා සෙනඟට කිව්වා කූඩාරම් ගලවගෙන යන්න ලෑස්ති වෙන්න කියලා. ගිවිසුම් පෙට්ටිය අරගෙන ඉස්සරහින්ම යන්න කිව්වේ පූජකයන්ට. එයාලා යොර්දාන් ගඟ ළඟට ආවාම ගඟේ වතුර ගංවතුර දාන තරමටම වැඩි වෙලයි තිබුණේ. ඒත් පූජකයන් වතුරට කකුල තිබ්බා විතරයි වතුර ගලන එක නතර වෙලා ගඟ හිඳිලා ගියා. පූජකයෝ ගඟ මැදට ගිහින් හිටගත්තා. ඊශ්‍රායෙල්වරු හැමෝම ගඟෙන් එහා පැත්තට යන කල් එයාලා එතන හිටියා. රතු මුහුද ළඟදී යෙහෝවා කරපු පුදුම දේ එදා සෙනඟට මතක් වෙන්න ඇතිද?

අවුරුදු ගාණකට පස්සේ ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ආවා. එයාලට එහේ ගෙවල්, නුවරවල් හදන්න පුළුවන්. කෙත්වතු, මිදිවතු, පලතුරු වතු වවන්නත් පුළුවන්. ඒක කිරියෙන් පැණියෙන් ඉතිරෙන සරුසාර දේශයක්.

“යෙහෝවා නිරතුරුවම ඔබට මඟ පෙන්නයි. ඔබ වියළි දේශයක හිටියත් ඔහු ඔබව බලාගනියි.”—යෙසායා 58:11

ප්‍රශ්න: මෝසෙස් මැරුණාට පස්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා වුණේ කවුද? යොර්දාන් ගඟ ළඟ වුණේ මොනවාද?

ගණන් කතාව 27:12-23; ද්විතීය කතාව 31:1-8; 34:1-12; යොෂුවා 1:1–3:17

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න