ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 43
  • යෝෂුවා නායකයා වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෝෂුවා නායකයා වෙයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් යොෂුවාව තෝරගත්තා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යෝෂුවාගේ මතක සටහන්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෝසෙස් පර්වතයට ගසයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ඔත්තුකාරයෝ 12දෙනා
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 43
යොෂුවා, මෝසෙස් සහ පූජක එලෙයාසර්

කතන්දර 43

යෝෂුවා නායකයා වෙයි

මෝසෙස් ආශා කරන්නේ ඉශ්‍රායෙල්වරුන් එක්ක කානාන් දේශයට ඇතුල් වෙන්නයි. ඉතින්, ‘අනේ යෙහෝවා, යොර්දාන් ගඟ හරහා ගිහිල්ලා, අර සරු දේශය බලන්න මට අවසර දෙන්න’ කියලා මෝසෙස් ඉල්ලනවා. ඒ වුණාට යෙහෝවා මෙහෙම කියනවා: ‘ඒ ඇති! ඒ ගැන ආයෙත් කතා කරන්න එපා!’ යෙහෝවා එහෙම කිව්වේ ඇයි කියලා ඔයා දන්නවාද?

මෝසෙස් පර්වතයට ගහද්දී වුණ දේ නිසයි. මෝසෙස් හා ආරොන් යෙහෝවාට ගෞරව කළේ නැහැයි කියලා මතකද? ඒ පර්වතයෙන් වතුර දුන්නේ යෙහෝවායි කියලා ඒගොල්ලන් මිනිස්සුන්ට කිව්වේ නැහැ. මේ නිසා තමයි යෙහෝවා කිව්වේ එයාට කානාන් දේශයට යන්න ඉඩ දෙන්නේ නැහැයි කියලා.

ඉතින් ආරොන් මැරිලා මාස කිහිපයකට පස්සේ, යෙහෝවා මෝසෙස්ට කතා කරලා මෙහෙම කියනවා: ‘යෝෂුවාට කියන්න පූජක එලෙයාසර් හා මුළු සෙනඟ ඉස්සරහ හිටගන්න කියලා. එතනදී ඔයා ඒ හැමදෙනාටම ඇහෙන්න කියන්න, දැන් අලුත් නායකයා යෝෂුවා කියලා.’ මේ පින්තූරයේ පෙනෙන විදිහට, යෙහෝවා කියන විදියටම මෝසෙස් කරනවා.

එතකොට යෙහෝවා යෝෂුවාට කියනවා: ‘ශක්තිමත් වෙන්න, භය වෙන්න එපා. ඉශ්‍රායෙල්වරුන්ට පොරොන්දු වුණ කානාන් දේශයට ඒගොල්ලන්ව ගෙනියන්නේ ඔයයි. මම ඔයාත් එක්ක ඉන්නවා.’

ඊට පස්සේ දවසක් යෙහෝවා මෝසෙස්ට කියනවා මෝවබ් දේශයේ තියෙන නෙබෝ කන්ද උඩට නඟින්න කියලා. එතනදී මෝසෙස්ට යොර්දාන් ගඟ හරහා බලන්නත් ලස්සන කානාන් දේශය බලාගන්නත් පුළුවන් වෙනවා. යෙහෝවා කියනවා ‘ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ්ගේ දරුවන්ට දෙනවා කියලා මම පොරොන්දු කරපු දේශය මේකයි. ඔයාට ඒක බලන්න මම අවසර දෙනවා, ඒ වුණාට එතනට යන්න මම ඔයාට අවසර දෙන්නේ නැහැ’ කියලා.

ඒ නෙබෝ කන්ද උඩදී මෝසෙස් මැරෙනවා. එතකොට එයාට වයස අවුරුදු එකසිය විස්සයි. ඒ වෙන කොටත් එයා ශක්තිමත්වයි හිටියේ. එයාගේ ඇස් පෙනීමත් හොඳට තිබුණා. මෝසෙස් මැරුණ නිසා මිනිස්සු ගොඩක් දුකින් අඬනවා. කොහොම වුණත් ඒගොල්ලන්ට අලුත් නායකයා හැටියට යෝෂුවාව ලැබුණ එක ගැන ඒගොල්ලන් සන්තෝෂ වෙනවා.

ගණන් කථාව 27:12-23; ද්විතීය කථාව 3:23-29; 31:1-8, 14-23; 32:45-52; 34:1-12.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න