ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 40
  • මෝසෙස් පර්වතයට ගසයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෝසෙස් පර්වතයට ගසයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යුක්තිසහගත විනිශ්චයකරුවෙක්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝෂුවා නායකයා වෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ඔයා බලාගෙන ඉන්නේ කවුරු දිහාද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 40
පර්වතයෙන් වතුර අරන් දුන්නා කියලා මෝසෙස් සහ ආරොන් ගෞරවය තමන්ට ලබාගන්නවා

කතන්දර 40

මෝසෙස් පර්වතයට ගසයි

අවුරුදු ගානක් ගත වෙනවා—අවුරුදු 10ක්, 20ක්, 30ක්, අවුරුදු 39කුත් දැන් පහු වෙලා! ඉශ්‍රායෙල්වරු තාමත් ඉන්නේ පාළුකරයේ. ඒ වුණාට මේ මුළු කාලය පුරාම යෙහෝවා ඔහුගේ සෙනඟව රැකබලාගන්නවා. ඔහු ඒගොල්ලන්ට කන්න මන්නා දෙනවා. දවල් කාලයේදී වලා ටැඹක් මාර්ගයෙනුත් රෑ කාලයේදී ගිනි ටැඹක් මාර්ගයෙනුත් යෙහෝවා ඒගොල්ලන්ට මඟ පෙන්වනවා. මේ මුළු කාලය පුරාම ඒගොල්ලන්ගේ ඇඳුම් දිරන්නේවත් ඒගොල්ලන්ගේ කකුල් රිදෙන්නේවත් නැහැ.

ඊජිප්තුවෙන් පිට වෙලා දැන් 40වන අවුරුද්දේ පළවෙනි මාසයයි. ඉශ්‍රායෙල්වරු ආයෙත් කාදෙෂ්වල කූඩාරම් ගහගන්නවා. දැනට අවුරුදු 40කට විතර කලින් කානාන් දේශය ගැන හොයලා බලන්න ඔත්තුකාරයන් 12දෙනාව යැව්වෙත් මෙතනදීමයි. මෝසෙස්ගේ අක්කා මිරියාම් කාදෙෂ්වලදී මැරෙනවා. කලින් වගේම, දැනුත් මෙතන කරදර ඇති වෙනවා.

මිනිස්සුන්ට හොයාගන්න වතුර බිඳක්වත් නැහැ. ඉතින් ඒගොල්ලන් කෙඳිරිගගා මෝසෙස්ට කියනවා: ‘මීට වඩා හොඳයි අපි මැරුණා නම්. කිසිම දෙයක් වැවෙන්නේ නැති මෙතනට ඇයි ඔයා අපිව ඊජිප්තුවෙන් ගෙනාවේ? මෙහේ ධාන්‍ය නැහැ, අත්තික්කා නැහැ, මිදි නැහැ, දෙළුම් නැහැ. බොන්න වතුර ටිකක්වත් නැහැ.’

මෝසෙස් හා ආරොන් යාච්ඤා කරන්න මණ්ඩපයට ගියාම, යෙහෝවා මෝසෙස්ට කියනවා: ‘මිනිස්සු ඔක්කොමලාවම එක තැනකට ගේන්න. ඊට පස්සේ ඒ හැමදෙනාටම පේන්න අර පර්වතයට කතා කරන්න. ඒකෙන් මිනිස්සුන්ටයි ඒගොල්ලන්ගේ සතුන් හැමෝටමයි ඕන තරම් වතුර ලැබෙයි.’

ඉතින් මෝසෙස් මිනිස්සුන්ව එක්රැස් කරලා මෙහෙම කියනවා: ‘දෙවිව විශ්වාස කරන්නේ නැති ඔය හැමෝම අහගන්න. මේ පර්වතයෙන් ඔයගොල්ලන්ට වතුර අරන් දෙන්න ඕනේ මමයි ආරොනුයිද?’ එහෙම කියලා මෝසෙස් සැරයටියෙන් පර්වතයට දෙපාරක් ගහනවා. එහෙම කරද්දී ලොකු දිය ඇල්ලක් වගේ, පර්වතයෙන් වතුර ගලාගෙන එනවා. සත්තු මිනිස්සු දෙගොල්ලන්ටම බොන්න ඕන තරම් වතුර තියෙනවා.

ඒ වුණාට දැන් යෙහෝවාට මෝසෙස් හා ආරොන් එක්ක තරහයි. ඒ ඇයි කියලා ඔයා දන්නවාද? පර්වතයෙන් වතුර ගන්න යන්නේ ඒගොල්ලන් කියලා මෝසෙස් හා ආරොන් කිව්ව නිසයි. ඒ වුණාට ඇත්තටම ඒක කළේ යෙහෝවා. මේ ගැන මෝසෙස් හා ආරොන් ඇත්ත කිව්වේ නැති නිසා ඒ දෙන්නට දඬුවම් කරන්න යනවා කියලා යෙහෝවා කියනවා: ‘ඕගොල්ලන් මගේ සෙනඟව කානාන් දේශයට අරගෙන යන්නේ නැහැ.’

වැඩි කාලයක් යන්න කලින් ඉශ්‍රායෙල්වරු කාදෙෂ්වලින් පිට වෙනවා. ටික කාලෙකට පස්සේ ඒගොල්ලෝ හෝර් කන්ද ළඟට එනවා. මේ කන්දේදියි ආරොන් මැරෙන්නේ. එයා මැරෙන කොට එයාට වයස අවුරුදු එකසිය විසිතුනයි. මේ ගැන ඉශ්‍රායෙල්වරුන්ට හුඟක් දුකයි. ඉතින් දවස් 30ක් හැමදෙනාම ආරොන්ගේ මරණය ගැන වැලපෙනවා. එයාගේ පුතා එලෙයාසර් තමයි ඉශ්‍රායෙල් දේශයේ ඊළඟ උත්තම පූජකයා වෙන්නේ.

ගණන් කථාව 20:1-13, 22-29; ද්විතීය කථාව 29:5.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න