ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 38
  • ඔත්තුකාරයෝ 12දෙනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔත්තුකාරයෝ 12දෙනා
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • තොරතුරු හොයලා බලන්න යවපු 12දෙනා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ඔබ සම්පූර්ණ ලෙස යෙහෝවඃ වහන්සේ ව අනුගමනය කරන්නෙහි ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝෂුවා නායකයා වෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • මෝසෙස් පර්වතයට ගසයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 38
යොෂුවා, කාලෙබ් සහ අනිත් ඔත්තුකාරයන් මෝසෙස්ට කානාන් දේශයේ පලතුරු පෙන්නනවා

කතන්දර 38

ඔත්තුකාරයෝ 12දෙනා

මේ මිනිස්සු අරන් එන පලතුරු දිහා බලන්න. අර මිදි ගෙඩි කොච්චර ලොකුද! ඒක උස්සන්න මිනිස්සු දෙන්නෙක්ම ඕනේ. අත්තික්කා ගෙඩි, එතකොට දෙළුම් ගෙඩි දිහාත් බලන්න. මේ ලස්සන පලතුරු කොහෙන්ද? කානාන් දේශයෙන්. කානාන් දේශය කියන්නේ ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ් මීට කාලෙකට ඉස්සෙල්ලා ජීවත් වුණ තැන කියලා ඔයාට මතකද? ඒ වුණාට එහේ ආහාර හිඟයක් තිබුණ නිසා, යාකොබ් එයාගේ පවුලත් එක්ක ඊජිප්තුවේ පදිංචි වෙන්න ගියා. දැන්, අවුරුදු දෙසිය දහසයකට විතර පස්සේ, මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ව ආයෙත් කානාන් දේශයට ගෙනියනවා. දැන් ඒගොල්ලන් පාළුකරයේ කාදෙෂ් කියන තැනට ඇවිල්ලයි ඉන්නේ.

කානාන් දේශයේ ජීවත් වෙන්නේ නරක අය. ඉතින් මෝසෙස් ඔත්තුකාරයන් 12දෙනෙක්ට මෙහෙම කියලා යවනවා: ‘එහේ කීදෙනෙක් ජීවත් වෙනවාද කියලත් ඒගොල්ලන් කොච්චර ශක්තිමත්ද කියලත් හොයාගෙන එන්න. ඒක සරු ප්‍රදේශයක්ද කියලත් බලන්න. එහෙන් පලතුරු ටිකකුත් ගේන්න අමතක කරන්න එපා.’

මේ ඔත්තුකාරයෝ කාදෙෂ්වලට ආයෙත් ආවාම ඒගොල්ලන් මෝසෙස්ට කියනවා ‘ඒක නම් හොඳ දේශයක්’ කියලා. මේක ඇත්තයි කියලා පෙන්වන්න, කානාන් දේශයෙන් ගෙනාපු පලතුරු ටිකක් මෝසෙස්ට පෙන්නනවා. ඒ වුණාට මේ ඔත්තුකාරයන්ගෙන් 10දෙනෙක් කියනවා ‘අපොයි! එහෙ ඉන්න මිනිස්සු උස මහත ශක්තිමත් අය. අපි ඒ දේශය අල්ලාගන්න හැදුවොත් ඒගොල්ලො අපිව මරලා දායි’ කියලා.

ඉශ්‍රායෙල්වරුන්ට මේක ඇහුණාම හුඟක් භය හිතෙනවා. ‘අපි ඊජිප්තුවේදී හරි පාළුකරයේදී හරි මැරෙන එක මීට වඩා හොඳයි’ කියලා ඒගොල්ලො කියනවා. ‘යුද්ධ කෙරුවොත් අපි අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒගොල්ලො අපේ භාර්යාවනුත් දරුවනුත් අල්ලාගනී. මෝසෙස් වෙනුවට අලුත් නායකයෙක් තෝරාගෙන ආයෙත් ඊජිප්තුවට යමු’ කියලත් කියනවා.

කොහොම වුණත් ඔත්තුකාරයන්ගෙන් දෙන්නෙක් යෙහෝවාව විශ්වාස කරනවා. ඒ යෝෂුවා හා කාලෙබ්. ඒ දෙන්නා මිනිස්සුන් කලබල වෙන එක නතර කරන්න හදනවා. ‘භය වෙන්න එපා. යෙහෝවා අපේ පැත්තේ. ඒ දේශය අල්ලගන්න එක ලේසියි’ කියලා ඒගොල්ලෝ කියනවා. ඒ වුණාට මිනිස්සු ඇහුම්කන් දෙන්නේ නැහැ. යෝෂුවා හා කාලෙබ්ව මරන්නයි ඒගොල්ලන් දැන් කල්පනා කරන්නේ.

මේ නිසා යෙහෝවාට හුඟක් තරහ යනවා. ඔහු මෝසෙස්ට කියනවා: ‘මේ මිනිස්සුන්ගෙන්, වයස අවුරුදු 20ට වැඩි කාටවත් කානාන් දේශයට යන්න ලැබෙන්නේ නැහැ. ඊජිප්තුවේදීත් පාළුකරයේදීත් මම කරපු පුදුම දේවල් ඒගොල්ලන් දැකලා තියෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ තාමත් මාව විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අන්තිම එක්කෙනාත් මැරෙන කල්ම අවුරුදු 40ක් ඒගොල්ලන්ට පාළුකරයේ තැනින් තැනට යන්න වෙයි. යෝෂුවා හා කාලෙබ් විතරයි කානාන් දේශයට ඇතුල් වෙන්නේ.’

ගණන් කථාව 13:1-33; 14:1-38.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න