ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 70 පාඩම 166 පි.-167 පි. 2 ¶
  • දේවදූතයෝ යේසුස්ගේ උපත දැනුම් දෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේවදූතයෝ යේසුස්ගේ උපත දැනුම් දෙයි
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යේසුස් උපත ලබයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් මඩුවක ඉපදෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • යේසුස්ගේ උපත සිදු වන්නේ කොතැනද? කවදාද?
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් ක්‍රිස්තුස් තවමත් පුංචි බිලිඳෙක්ද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 70 පාඩම 166 පි.-167 පි. 2 ¶
දේවදූතයෝ යේසුස්ගේ උපත ගැන එඬේරුන්ට දැනුම් දෙමින්

70වෙනි පාඩම

දේවදූතයෝ යේසුස්ගේ උපත දැනුම් දෙයි

රෝම අධිරාජ්‍යයේ පාලකයා වුණු ඔගස්ටස් සීසර් යුදෙව්වන්ට කිව්වා එයාලාගේ ගම්වලට ගිහින් ලියාපදිංචි වෙන්න කියලා. ඒ නිසා යෝසෙප් මරියාවත් එක්කගෙන එයාගේ ගම වුණු බෙත්ලෙහෙමට ගියා. ඒ වෙද්දී දරුවා ඉපදෙන්න කාලය ළං වෙලයි තිබුණේ.

බෙත්ලෙහෙමේ කිසිම තැනක නවතින්න ඉඩ තිබුණේ නැති නිසා එයාලා ගවමඩුවක නැවතුණා. එතනදී තමයි යේසුස් ඉපදුණේ. මරියා පුංචි පුතාව රෙදි පටිවලින් ඔතලා ගවඔරුවක තිබ්බා.

එදා රෑ බෙත්ලෙහෙමට කිට්ටු තැනක එඬේරු ටිකදෙනෙක් බැටළුවෝ බලාගෙන හිටියා. එකපාරටම දේවදූතයෙක් එයාලා ඉස්සරහට ආවාම එතනට ලොකු එළියක් වැටුණා. එඬේරු බය වෙලා හිටිය නිසා දේවදූතයා මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. මං ආවේ ඔයාලට සුබ ආරංචියක් කියන්න. බෙත්ලෙහෙමේ අද ගැලවුම්කරු ඉපදුණා.’ එතකොටම තවත් දේවදූතයන් හුඟක් එතනට ඇවිත් මෙහෙම කිව්වා. ‘ස්වර්ගයේ ඉන්න දෙවියන්ට ප්‍රශංසාව ලැබේවා! පොළොවේ ඉන්න මිනිස්සුන්ට සාමය ලැබේවා!’ දේවදූතයන් ගියාට පස්සේ එඬේරු මොකද කළේ?

‘අපි දැන්මම බෙත්ලෙහෙමට යමු’ කියලා එයාලා කතා වුණා. එයාලා ඉක්මනටම ගිහින් ගවමඩුවේ හිටිය යෝසෙප්වයි මරියාවයි පුංචි පුතාවයි හොයාගත්තා.

දේවදූතයන් එඬේරුන්ට කිව්ව දේවල් අහලා හැමෝම හුඟක් පුදුම වුණා. මරියාත් ඒ දේවල් ගැන හොඳට හිතලා ඒ දේවල් එයාගේ හිතේ තියාගත්තා. ඊටපස්සේ එඬේරු එදා එයාලට අහන්න දකින්න ලැබුණු දේවල් ගැන යෙහෝවාට ස්තුති කරකර ආපහු බැටළුවන් බලාගන්න ගියා.

“දෙවියන් තමයි මාව එව්වේ. මං මෙහේ ඉන්නේ ඒ නිසයි. මං ආවේ මගේ තනි කැමැත්තෙන් නෙමෙයි. ඒ තැනැත්තා තමයි මාව එව්වේ.”—යොහන් 8:42

ප්‍රශ්න: යේසුස්ගේ උපත ගැන දේවදූතයන් දැනුම් දුන්නේ කොහොමද? එඬේරුන්ට බෙත්ලෙහෙමේදී හම්බ වුණේ කාවද?

ලූක් 2:1-20; යෙසායා 9:6

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න