ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 5 පරි. 18 පි.-19 පි. 6 ¶
  • යේසුස් උපත ලබයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් උපත ලබයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ උපත සිදු වන්නේ කොතැනද? කවදාද?
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • දේවදූතයෝ යේසුස්ගේ උපත දැනුම් දෙයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසුස් මඩුවක ඉපදෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • යේසුස් ක්‍රිස්තුස් තවමත් පුංචි බිලිඳෙක්ද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 5 පරි. 18 පි.-19 පි. 6 ¶
බූරුවා මත නැඟ සිටින මරියාවත් රැගෙන යෝසෙප් බෙත්ලෙහෙමට යයි

5වෙනි පරිච්ඡේදය

යේසුස් උපත ලබයි

ලූක් 2:1-20

  • යේසුස් බෙත්ලෙහෙමේ ඉපදෙයි

  • යේසුස්ව බලන්න එඬේරුන් එයි

හැමෝටම උපන් ගමට ගිහින් ලියාපදිංචි වෙන්න කියලා රෝම අධිරාජ්‍යයා වන ඔගස්ටස් සීසර් නියෝගයක් පනවනවා. ඒ නිසා යෝසෙප් සූදානම් වෙන්නේ මරියා සමඟ යෙරුසලමට දකුණින් පිහිටි තම උපන් ගම වන බෙත්ලෙහෙම බලා යන්නයි.

ලියාපදිංචි වෙන්න හුඟදෙනෙක් බෙත්ලෙහෙමට ඇවිත් ඉන්න නිසා යෝසෙප්ට සහ මරියාට නවාතැනක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. අන්තිමේදී බූරුවන්ව සහ තවත් සතුන්ව බැඳලා තියෙන ගවමඩුවක තමයි ඒ අය නතර වෙන්නේ. ඒ ගවමඩුවේදී මරියා යේසුස්ව බිහි කරනවා. ඇය තම කිරිකැටියාව රෙදි පටිවලින් ඔතා සතුන්ට කෑම දෙන්න හදපු ගවඔරුවක තබනවා.

ලියාපදිංචි වෙන්න කියලා නියෝගයක් පනවන්න සීසර්ව පෙලඹුවේ යෙහෝවා දෙවියන් කියලා හිතන්න පුළුවන්. මොකද ඒ නිසා තමයි යේසුස්ගේ මුතුන්මිත්තෙක් වුණු දාවිත් රජ හැදී වැඩුණු බෙත්ලෙහෙමේ යේසුස් ඉපදෙන්නේ. පාලනය කිරීමට නියමිත තැනැත්තා ඉපදෙන්නේ බෙත්ලෙහෙමේ කියලා ශුද්ධ ලියවිලිවල සඳහන් වුණේ ඊට හුඟ කාලයකට කලිනුයි.—මීකා 5:2.

යේසුස් උපත ලබපු මේ රාත්‍රිය මොන තරම් සුවිශේෂීද! එඬේරුන් පිරිසක් එළිමහනේ බැටළු රැළවල් බලාගනිමින් ඉද්දී එකපාරටම ඔවුන් මහත් ආලෝකයක් දකිනවා. ඔවුන් ඒ දකින්නේ යෙහෝවා දෙවිගේ තේජස. ඒ අවස්ථාවේදී දේවදූතයෙක් එඬේරුන්ට මෙහෙම කියනවා. “බිය නොවන්න. මම ආවේ ඔබට ශුභාරංචියක් කීමටයි. ඒ ශුභාරංචිය සියලු ජාතීන්ට මහත් ප්‍රීතියක් ගෙන දෙයි. මන්ද අද දාවිත්ගේ නුවරෙහි ඔබට ගැලවුම්කරුවෙක් ඉපදී සිටිනවා. ස්වාමීන් වන ක්‍රිස්තුස් කියන්නේ ඔහුටයි. ගවමඩුවක තිබෙන ගවඔරුවක රෙදි පටිවලින් ඔතා ඇති ළදරුවෙක් ඔබට සොයාගත හැකි වෙයි. ඔබට තිබෙන සාක්ෂිය එයයි.” ඒ මොහොතේම දේවදූතයා එක්ක තවත් දේවදූතයන් සමූහයක් එකතු වෙලා “ස්වර්ගයේ සිටින දෙවිට සියලුම ප්‍රශංසා හා ගෞරවය ලැබේවා! මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට සමාදානය වේවා” කියා මහත් හඬින් පවසනවා.—ලූක් 2:10-14.

ගවඔරුවක ඉන්න බිලිඳුයේසුස් දෙස බලා සිටින මරියා, යෝසෙප් සහ එඬේරුන්

දේවදූතයන් පිටත් වුණාට පස්සේ එඬේරුන් “අපි දැන්ම බෙත්ලෙහෙමට ගොස් යෙහෝවා දෙවි අපට දැනුම් දී ඇති මේ සිද්ධිය දැක බලා ගනිමු” කියා එකිනෙකා අතරේ කතා වෙනවා. (ලූක් 2:15) ඉක්මනින්ම පිටත් වෙන ඔවුන් දේවදූතයා කියපු විදිහටම ගවමඩුවක ඉන්න ළදරු යේසුස්ව දකිනවා. දේවදූතයා පවසපු දේවල් ගැන ඔවුන් කියද්දී ඊට සවන් දෙන අයට දැනෙන්නේ මහත් පුදුමයක්. ඒ හැම දෙයක් ගැනම ගැඹුරින් කල්පනා කරන මරියා ඒවායේ වැදගත්කම සිතේ තබාගන්නවා.

හුඟක් අය හිතන්නේ යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදා කියලයි. ඒත් දෙසැම්බර් මාසය කියන්නේ බෙත්ලෙහෙමට වැසි ඇද හැළෙන සීතල කාලයක්. සමහර අවස්ථාවලදී හිමත් වැටෙනවා. ඒ වගේ කාලයක එඬේරුන් රෑට එළිමහනේ බැටළුවන් එක්ක ඉඳියි කියලා හිතන්න බැහැ. ඒ විතරක් නෙවෙයි ඒ වගේ කාලගුණයක් යටතේ දවස් ගාණක් ගෙවාගෙන උපන් ගමට ගිහින් ලියාපදිංචි වෙන්න කියලා රෝම අධිරාජ්‍යයා නියෝගයක් පනවයි කියලා හිතන්නත් බැහැ. මොකද ඒ වෙද්දී සෙනඟ රෝම අධිරාජ්‍යයාගේ පාලනයට විරුද්ධව කැරලිගසමිනුයි හිටියේ. ඒ හැම තොරතුරක්ම සලකලා බලද්දී යේසුස් ඉපදෙන්න ඇත්තේ ඔක්තෝබර් මාසයේ කියලා හිතන්න පුළුවන්.

  • යෝසෙප්ට සහ මරියාට බෙත්ලෙහෙමට යන්න වුණේ ඇයි?

  • යේසුස් ඉපදුණු දවසේ රෑ සිද්ධ වුණු පුදුම දේ මොකක්ද?

  • යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදා කියලා හිතන්න බැරි ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න