ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 3-5 පි.
  • හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැඳින්වීම
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 3-5 පි.

හැඳින්වීම

‘ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති’ කියන මේ පොත හදලා තියෙන්නේ ඔයා අද්දකින ප්‍රශ්නවලට හොඳින් මූණ දෙන්න උදව් වෙන බයිබල් පද සහ සිද්ධීන් ලේසියෙන්ම හොයාගන්න උදව්වක් විදිහට. අනිත් අයව දිරිගන්වන්නත් යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න එයාලට උදව් කරන්නත් ඕනෙ වෙන බයිබල් පද හොයාගන්න මේ පොත උදව් වෙයි. මුලින්ම ඔයා කැමති මාතෘකාවක් තෝරගන්න. ඒ මාතෘකාව යටතේ තියෙන ප්‍රශ්න සහ බයිබල් සිද්ධීන්වල කෙටි විස්තරය කියවන්න. (“පොත පාවිච්චි කරන විදිහ” කියන කොටුවබලන්න.) ඔයාට සහනයක් වෙන, මඟ පෙන්වීම් දෙන බයිබල් පද වගේම අනිත් අයටත් උදව් කරන්න, එයාලව දිරිගන්වන්න පාවිච්චි කරන්න පුළුවන් බයිබල් පදත් ඒ මාතෘකා යටතේ තියෙනවා.

පොත පාවිච්චි කරන විදිහ

‘සොයන්න’ කියන තැනට ගිහින් හරි විෂයන් ලැයිස්තුවට ගිහින් හරි ඔයාට ඕනෙ කරන මාතෘකාව තෝරගන්න. මේ පොතේ ප්‍රධාන විෂයන් හතක් තියෙනවා. ඒවා තමයි අභියෝග, එදිනෙදා ජීවිතය, ගුණාංග, දෙවියන් එක්ක බැඳීම, පවුල, සභාව සහ හැසිරීම. ඔයා හොයන මාතෘකව ඒ විෂයන් යටතේ තියෙයි. විෂයකට ගිහින් ඔයාට ඕනෙ කරන මාතෘකාව ලැයිස්තුවෙන් හොයාගන්න. ඒත් ඔයා හොයන මාතෘකාව තියෙන්නේ මොන විෂය යටතේද කියලා ඔයාට හිතාගන්න බැරි නම් ඔක්කොම කියන තැනට ගිහින් ඒක යටතේ තියෙන ලැයිස්තුවේ ඔයාට ඕනෙ මාතෘකාව හොයන්න. හැම මාතෘකාවක් යටතෙම තද කලු අකුරෙන් විස්තරයක් හරි ප්‍රශ්නයක් හරි තියෙනවා. ඒවා යටතේ තද කලු අකුරෙන් තියෙන බයිබල් පද කියවද්දී ඒවා කෙටි විස්තරයට හරි ප්‍රශ්නයට හරි සම්බන්ධ වෙන විදිහ ගැන හොඳට හිතන්න. සමහර වෙලාවට එක මාතෘකාවක් යටතේ අනුමාතෘකා කීපයක් තියෙයි. ඒවා ඔයාට උදව් වෙයි ඔයාට ඕනෙ තොරතුරු ඉක්මනින් හොයාගන්න. තද කලු අකුරෙන් තියෙන බයිබල් පදවලට අමතරව මාතෘකාවට අදාළ වෙන තවත් බයිබල් පද තියෙනවා. හුඟක් වෙලාවට මාතෘකාවට ගැළපෙන “බයිබල් සිද්ධියක්” නැත්නම් “බයිබල් සිද්ධීන්” සඳහන් කරලා තියෙනවා. එක් එක් බයිබල් සිද්ධියට අදාළ ප්‍රධාන කරුණ තේරුම්ගන්න උදව් වෙන කෙටි විස්තරයකුත් තියෙනවා. ඒ සිද්ධිය කියවද්දී ඔයා හිතලා බලන්න ඕනෙ මොන පැති ගැනද කියලා දැනගන්න ඒ විස්තරය ඔයාට උදව් වෙයි.

එක මාතෘකාවක් යටතේ ඒකට අදාළ හැම බයිබල් පදයක්ම සඳහන් කරලා නැහැ. ඒත් තියෙන ඒ බයිබල් පද ඒ මාතෘකාව ගැන අධ්‍යයනය කරන්න ඔයාට උදව් වෙයි. (හිතෝ 2:1-6) ඒ බයිබල් පදවල තේරුම සහ ඒවා අදාළ කරගන්න පුළුවන් පැති ගැන තව ගැඹුරින් අධ්‍යයනය කරන්න ඔයා කැමති නම් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ තියෙන යොමු සටහන් සහ ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොත පාවිච්චි කරන්න. ඒ බයිබල් සත්‍යයන් ගැන තියෙන අලුත්ම පැහැදිලි කිරීම් ගැන ප්‍රකාශනවලින් හොයලා බලන්න අමතක කරන්නත් එපා.

බයිබලෙන් ප්‍රඥාව, දැනුම, අවබෝධය ලබාගන්න ඔයාට මේ පොත උදව් වෙයි කියලා අපි හිතනවා. මේ පොත පාවිච්චි කරද්දී “දෙවියන්ගේ වදන් ජීවමානයි, හරිම බලවත්” කියන දේ ගැන ඔයාට තියෙන විශ්වාසය තවත් වැඩි වෙයි.—හෙබ්‍රෙ 4:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න