ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 126-127 පි.
  • හිත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හිත
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 126-127 පි.

හිත

බයිබලේ හිත කියන වචනය පාවිච්චි කරන්නේ කෙනෙක්ගේ ඇතුළාන්තය ඒ කියන්නේ සිතුවිලි, චේතනා, ගුණාංග සහ හැඟීම් වගේ දේවල් විස්තර කරන්නයි කියලා අපි දන්නේ කොහොමද?

ගීතා 49:3; හිතෝ 16:9; ලූක් 5:22; ක්‍රියා 2:26

ද්වි 15:7; ගීතා 19:8ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • ලූක් 9:46-48—අනුගාමිකයන්ගේ හිතේ තනතුරුවලට ආසාවක් තියෙනවා කියලා දැනගත්තාම යේසුස් එයාලව නිවැරදි කළා

අපේ හිත ආරක්ෂා කරගන්න එක වැදගත් ඇයි?

1ලේක 28:9; හිතෝ 4:23; යෙරෙ 17:9

  • බයිබල් සිද්ධීන්:

    • උත් 6:5-7—මිනිස්සුන්ගේ හිත්වල තිබුණ නපුරු අදහස් නිසා එයාලා දරුණු දේවල් කළා. ඒ නිසා දෙවියන් ජලගැල්මක් ගෙනාවා

    • 1රාජා 11:1-10—හිත ආරක්ෂා කරගත්තේ නැති නිසා සලමොන් රජ වෙනත් ජාතීන්ට අයිති කාන්තාවන්ව විවාහ කරගත්තා. ඒ අය සලමොන්ව යෙහෝවාගෙන් ඈත් කළා

    • මාක් 7:18-23—යෙහෝවා පිළිකුල් කරන හැම දෙයක්ම කෙනෙක් කරන්න පෙලඹෙන්නේ ඒ කෙනාගේ හිතේ තියෙන දුෂ්ට සිතුවිලි නිසයි කියලා යේසුස් කිව්වා

අපේ හිත ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද?

ගීතා 19:14; හිතෝ 3:3-6; ලූක් 21:34; ෆිලි 4:8

එස්රා 7:8-10; ගීතා 119:11ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • එෆී 6:14-18; 1තෙස 5:8—ළයවැස්මකින් පපු ප්‍රදේශය ආරක්ෂා වෙනවා වගේ ධර්මිෂ්ඨකම, විශ්වාසය සහ ආදරය කියන ගුණාංග අපේ හිත ආරක්ෂා කරනවා

අපේ හිත වැරදි පැත්තට යනවා කියලා දැනගන්නේ කොහොමද?

හිතෝ 21:2-4; හෙබ්‍රෙ 3:12

හිතෝ 6:12-14ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 25:1, 2, 17-27—ටික කාලෙකට අමෂියා රජ යෙහෝවා හරියි කියලා සලකන දේවල් කළත් එයා ඒවා කළේ මුළු හදවතින්ම නෙමෙයි. පස්සේ කාලෙකදී එයා උඩඟු විදිහට දෙවියන්ට අකීකරු වුණ නිසා එයාගේ ජීවිතේ නැති වුණා

    • මතෙ 7:17-20—නරක ගහකින් වැඩකට නැති පල ලැබෙනවා වගේ දුෂ්ට හදවතකින් කරන්න පෙලඹෙන්නේ දුෂ්ට දේවල් කියලා යේසුස් කිව්වා

අපේ හිත හොඳ දේවලින් පුරවගන්න ඕනෙ ඇයි? අපිට ඒක කරන්න පුළුවන් කොහොමද?

හිතෝ 10:8; 15:28; ලූක් 6:45

ගීතා 119:97, 104; රෝම 12:9-16; 1තිමෝ 1:5ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2රාජා 20:1-6—හෙසකියා අසනීප වෙලා මැරෙන්න ළං වෙලා ඉද්දී, තමන් මුළු හදවතින්ම යෙහෝවාට සේවය කරපු විදිහ සිහි කරලා එයාට උදව් කරන්න කියලා එයා යෙහෝවාගෙන් ඉල්ලුවා

    • මතෙ 21:28-32—කෙනෙක්ගේ හිතේ තියෙන දේ හෙළි වෙන්නේ එයා කියන දේවලින් නෙමෙයි එයා කරන දේවලින් කියලා පෙන්නන්න යේසුස් උදාහරණයක් පාවිච්චි කළා

යෙහෝවා අපේ හිත සෝදිසි කරනවා කියලා දැනගෙන ඉන්න එක අපිට සහනයක් වෙන්නේ ඇයි?

1ලේක 28:9; යෙරෙ 17:10

1සාමු 2:3ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 16:1-13—යෙහෝවාට වැදගත් වෙන්නේ අපේ පෙනුම නෙමෙයි අපේ හිතේ තියෙන දේ කියලා සාමුවෙල් තේරුම්ගත්තා

    • 2ලේක 6:28-31—දේවමාලිගාව කැප කරපු වෙලාවේ සලමොන් කරපු යාච්ඤාවෙන් තේරෙනවා යෙහෝවා අපේ හිතේ තියෙන දේ හරියටම තේරුම් අරන් ඒ අනුව අපිට ආදරෙන් සලකනවා කියලා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න