ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lmd 4 පාඩම
  • නිහතමානී වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිහතමානී වෙන්න
  • ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පාවුල් කරපු දේ
  • පාවුල්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
  • පාවුල්ව ආදර්ශයට ගන්න
  • යටහත්පහත් සේවකයන්ව යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අනුකරණය කිරීම සඳහා යටහත් පහත්කමේ ආදර්ශ
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යටහත් පහත්කම වර්ධනය කරගන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මා නිහතමානී කෙනෙක්’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
තව තොරතුරු
ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
lmd 4 පාඩම

කතාබහක් පටන්ගද්දී

මාංචු දාලා ඉන්න පාවුල් අග්‍රිපා රජට, ආණ්ඩුකාර ෆෙස්ටස්ට සහ බර්නීස්ට ගෞරවයෙන් කතා කරනවා.

ක්‍රියා 26:2, 3

4පාඩම

නිහතමානී වෙන්න

ප්‍රතිපත්තිය: “නිහතමානී වෙන්න. ඔයාට වඩා අනිත් අය වැදගත් කියලා හිතලා වැඩ කරන්න.”—ෆිලි. 2:3.

පාවුල් කරපු දේ

මාංචු දාලා ඉන්න පාවුල් අග්‍රිපා රජට, ආණ්ඩුකාර ෆෙස්ටස්ට සහ බර්නීස්ට ගෞරවයෙන් කතා කරනවා.

වීඩියෝ: ‘පාවුල් අග්‍රිපා රජට දේශනා කරයි’

1. වීඩියෝ එක බලන්න, නැත්නම් ක්‍රියා 26:2, 3 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1. අ. පාවුල් අග්‍රිපා රජට කතා කරද්දී නිහතමානිකම පෙන්නුවේ කොහොමද?

  2. ආ. පාවුල් එයාටම අවධානය ගන්නේ නැතුව යෙහෝවාට, ශුද්ධ ලියවිලිවලට අවධානය දුන්නේ කොහොමද?—ක්‍රියා 26:22 බලන්න.

පාවුල්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. අපි නිහතමානීව, ගෞරවයෙන් පණිවිඩය කියද්දී අනිත් අය අපිට ඇහුම්කන් දෙන්න කැමති වෙයි.

පාවුල්ව ආදර්ශයට ගන්න

3. පහත් කරලා කතා කරන්න එපා. ඔයා තමයි හැම දේම දන්නේ, එයා මුකුත්ම දන්නේ නැහැ කියලා දැනෙන විදිහට කතා කරන්න එපා. ගෞරවයෙන් කතා කරන්න.

4. කියන හැම දේම තියෙන්නේ බයිබලයේ කියලා පෙන්නන්න. මිනිස්සුන්ගේ හිතටම කතා කරන්න බයිබලයට පුළුවන්. බයිබලයෙන් දේවල් පෙන්නද්දී එයාලාගේ විශ්වාසය හරි දේ මත ගොඩනඟාගන්න අපි එයාලට උදව් කරනවා.

5. සන්සුන්ව, කාරුණිකව වැඩ කරන්න. කොහොමහරි ඔයා කියන දේ හරියි කියලා පෙන්නන්න හදන්න එපා. එයාලත් එක්ක වාද කරන්න අපිට ඕනෙ නැහැ. සන්සුන්ව ඉන්න එකෙන්, එතනින් යන්න ඕනෙ වෙලාව තේරුම් අරන් යන එකෙන් පේන්නේ අපි නිහතමානියි කියලයි. (හිතෝ. 17:14; තීත. 3:2) සැරෙන් කතා නොකර කාරුණිකව කතා කළොත් පස්සේ දවසක පණිවිඩය අහන්න එයා කැමති වෙයි.

මේ පදත් බලන්න

රෝම 12:16-18; 1 කොරි. 8:1; 2 කොරි. 3:5

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න