සැබෑ ප්‍රේමය වනාහි විපාකදායක ය
“නුඹලාගේ වැඩයද . . . දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙව් 6:10.
පරාර්ථකාමී ප්‍රේමය වනාහි අපට ප්‍රකාශ කළ හැකි ශ්‍රේෂ්ඨතම, උතුම් ම, ඉතා අනර්ඝ ගුණාංගය වේ. මෙම ප්‍රේමය (ග්‍රීක්, අ·ගාʹපේ) නිරන්තරයෙන් ම අපගෙන් බොහොමයක් ඉල්ලා සිටී. නමුත් යුක්තියේ හා ප්‍රේමයේ දෙවි කෙනෙකු විසින් අප ව මවා තිබෙන නිසා, පරාර්ථකාමී ප්‍රේමය සැබෑවට ම විපාකදායක වේ. මෙය එසේ වන්නේ මන්ද?
2 සැබෑ ප්‍රේමය විපාකදායක වීමට එක හේතුවක් වනාහි මනඃකායික ප්‍රතිපත්තිය ඇතුළත් වීම ය, එනම්, අපගේ ශරීරය කෙරෙහි සිතුවිලි හා ච්ත්ත වේගවල බලපෑම ය. මානසික පීඩනය [stress] පිළිබඳ අධිකාරියක් මෙසේ පැවසී ය: “ ‘තාගේ අසල්වාසියාට ප්‍රේමකරව’ යනු මෙතෙක් දී තිබෙන ප්‍රඥාවන්ත ම වෛද්‍ය උපදෙස්වලින් එකකි.” එසේ ය, “කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය.” (හිතෝපදේශ 11:17) “ත්‍යාගශීලි තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය” යන වචනවලට ද එබඳු ම වැදගත්කමක් තිබේ.—හිතෝපදේශ 11:25; ලූක් 6:38 සසඳන්න.
3 පරාර්ථකාමීකමට දෙවියන් වහන්සේ විපාක දෙන නිසාත්, ප්‍රේමය විපාකදායක ය. අපට මෙසේ කියවීමට තිබේ: “දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන් වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.” (හිතෝපදේශ 19:17) දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන විට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ මෙම වචනවලට එකඟ ව ක්‍රියා කරති. ‘ඔවුන්ගේ වැඩය ද . . . දෙවියන් වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමය ද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැති’ බව ඔවුහු දනිති.—හෙබ්‍රෙව් 6:10.
අපගේ හොඳ ම ආදර්ශය
4 සැබෑ ප්‍රේමය විපාකදායක බවට හොඳ ම ආදර්ශය සපයන්නේ කවරෙක් ද? ඇයි, මෙය සපයන්නේ වෙන කිසිවෙකු නොව දෙවියන් වහන්සේ ම ය! උන් වහන්සේ “ස්වකීය ඒකජාතක පූත්‍රයාණන් දෙන තරම් [මනුෂ්‍යවර්ගයාගේ] ලෝකයාට ප්‍රේමකළසේක.” (යොහන් 3:16) මිදීමේ පූජාව පිළිගන්නා අයට සදකාල ජීවනය ලබාගත හැකිවන පරිදි ස්වකීය පුත්‍රයාණන් ව දීම යෙහෝවඃ වහන්සේට විශාල පාඩුවක් වූසේක, තව ද ඉන් පැහැදිලි ව ම පෙන්නුම් කළේ උන් වහන්සේට ප්‍රේමය හා සංවේදනය [empathy] තිබෙන බව ය. ‘මිසරයෙහි ඊශ්‍රායෙල්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක’ යන කාරණයෙන් මෙය තවදුරටත් පැහැදිලි වේ. (යෙසායා 63:9) ස්වකීය පුත්‍රයාණන් වධ කණුවක දුක්විඳ, “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද?” යනුවෙන් මොරගසමින්, දුක්විඳිනවා දැකීම යෙහෝවඃ වහන්සේට ඊටත් වඩා කොපමණ දුකක් ඇති කරන්නට ඇත්ද.—මතෙව් 27:46.
5 උන් වහන්සේ විසින් ම ප්‍රකාශ කරන ලද සැබෑ ප්‍රේමය විපාකදායක බව යෙහෝවඃ වහන්සේට ම පෙනී ගිය සේක් ද? ඇත්ත වශයෙන් ම, උන් වහන්සේට එසේ හැඟුණු සේක. වඩා කැපී පෙනෙන දෙය නම්, යේසුස් වහන්සේට කළ හැකි සියල්ල සාතන් කළත් යේසුස් වහන්සේ විශ්වාසවන්ත බව ඔප්පු කළ නිසා, දෙවියන් වහන්සේ යක්ෂයාට එරෙහි ව එල්ල කිරීමට හැකි වූ පිළිතුර මොනතරම් ද?! (හිතෝපදේශ 27:11) සැබවින් ම, යෙහෝවඃ වහන්සේගේ නාමයෙන් නින්දාව ඉවත් කිරීම, මෙම පෘථිවියෙහි පාරාදීසය නැවත පිහිටුවීම, සහ මිලියන ගණන් අයට සදාකාල ජීවනය ලබා දීම යන සියල්ල දෙවියන් වහන්සේගේ රාජ්‍යය විසින් ඉටු කරනු ඇත්තේ, දෙවියන් වහන්සේ මනුෂ්‍යවර්ගයාට එතරම් ප්‍රේම කළ බැවින්, පූජාවක් වශයෙන් ස්වකීය හදවතේ ප්‍රියතම වස්තුව උන් වහන්සේ දුන් නිසා ය.
යේසුස් වහන්සේගේ කදිම ආදර්ශය
6 සැබෑ ප්‍රේමය විපාකදායක බව ඔප්පු කරන තවත් කදිම ආදර්ශයක් වන්නේ දෙවියන් වහන්සේගේ ම පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. උන් වහන්සේ සිය ස්වර්ගික පියාණන්ට ප්‍රේම කරන අතර, කුමන පාඩුවක් සිදුවුවත් යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත කිරීමට එම ප්‍රේමය යේසුස් වහන්සේ ව පෙලඹ වී ය. (යොහන් 14:31; පිලිප්පි 2:5-8) ඇතැම් අවස්ථාවල දී ‘බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත . . . කන්නලව් තම පියාණන්ට ඔප්පු කිරීමට යේසුස් වහන්සේට සිදු වුවත්, දෙවියන් වහන්සේ සඳහා ඇති සිය ප්‍රේමය යේසුස් වහන්සේ නොකඩවා දක්වමින් සිටිසේක.—හෙබ්‍රෙව් 5:7.
7 එබඳු ආත්ම-පරිත්‍යාගි ප්‍රේමයක් දැක්වීම නිසා, යේසුස් වහන්සේ විපාක ලැබූ සේක් ද? සැබෑවට ම උන් වහන්සේට විපාක ලැබිණ! උන් වහන්සේගේ අවුරුදු තුනහාමාරක සේවය තුළ දී උන් වහන්සේ කළ සියලු යහපත් දේවලින් උන් වහන්සේ ලත් ප්‍රීතිය ගැන සිතා බලන්න. උන් වහන්සේ මිනිසුන්ට ශාරිරික ව හා ආත්මික ව මොනතරම් උදව් කළ සේක් ද! සියල්ලකට ඉහළින්, තමාට එරෙහි ව සාතන් කුමක් ගෙනෙනු ලැබුවත්, දෙවියන් වහන්සේට සම්පූර්ණ ලෙස අඛණ්ඩතාවය පවත්වා ගැනීමට පරිපූර්ණ මනුෂ්‍යයෙකුට හැකි බව විදහාපෑමෙන්, යක්ෂයා බොරුකාරයෙකු බව ඔප්පු කිරීමේ තෘප්තිය යේසුස් වහන්සේට තිබිණ. තවදුරටත්, දෙවියන් වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෙකු වශයෙන්, ස්වර්ගික ජීවනයකට උන් වහන්සේ ව නැවතනැගිටුවනු ලැබූ විට, අමරණීයභාවයේ මහත් විපාකය යේසුස් වහන්සේ ලැබූ සේක. (රෝම 6:9; පිලිප්පි 2:9-11; 1 තිමෝති 6:15, 16; හෙබ්‍රෙව් 1:3, 4) තව ද පෘථිවියෙහි පාරාදීසය පිහිටුවනු ලැබූ විට සහ මළවුන්ගෙන් මිලියන දහස් ගණන් අය නැවත නැගිටුවනු ලැබූ විට, අර්මගෙදොන් හි සහ උන් වහන්සේගේ දහස් අවුරුදු පාලනය තුළ දී මොනතරම් පුදුමාකාර වරප්‍රසාද උන් වහන්සේ ඉදිරියෙහි තිබෙනු ඇත්ද! (ලූක් 23:43) සැබෑ ප්‍රේමය විපාකදායක බව යේසුස් වහන්සේ අත්දුටු බවට කිසිදු සැකයක් නැත.
පාවුල්ගේ ආදර්ශය
8 ප්‍රේරිත පේතෘස් වරක් යේසුස් වහන්සේගෙන් මෙසේ ඇසී ය: “අපි සියල්ල අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුව; එබැවින් අපට ලැබෙන්නේ කුමක්ද?” මෙය වනාහි යේසුස් වහන්සේ දුන් පිළිතුරේ කොටසකි: “මාගේ නාමය නිසා ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මවු හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියාවූ යමෙක් ඇද්ද, ඔහු සියක් ගුණයක් ලබන්නේය, සදාකාල ජීවනයටත් උරුමක්කාරයා වන්නේය.” (මතෙව් 19:27-29) ක්‍රියා පොතෙහි ලූක් විසින් විශේෂයෙන් වාර්තා කර තිබෙන පරිදි, බොහෝ ආශීර්වාද භුක්තිවින්දා වූ, ප්‍රේරිත පාවුල් තුළ මේ සම්බන්ධයෙන් කැපීපෙනෙන ආදර්ශයක් අපට ඇත. දෙවියන් වහන්සේ සඳහා සහ සිය අසල්වැසියන් සඳහා ඇති ප්‍රේමය නිසා, ගරුබුහුමන් ලත් ඵරිසිවරයෙකු වශයෙන් තමාගේ වෘත්තිය අත්හැරීමට එය පාවුල් ව පෙලඹවී ය. පහරකෑම්, මරණ උපද්‍රව, අන්තරායන්, සහ අගහිගකම් වැනි පාවුල් වින්ද දේවල් ගැනත් සිතා බලන්න—මේ සියල්ලක් ම දෙවියන් වහන්සේ සහ ඔහුගේ පරිශුද්ධ සේවය සඳහා තිබූ සැබෑ ප්‍රේමය නිසා ය.—2 කොරින්ති 11:23-27.
9 සැබෑ ප්‍රේමය විදහාපෑමෙහි එතරම් කදිම ආදර්ශයක් වීම නිසා යෙහෝවඃ වහන්සේ පාවුල්හට විපාක දුන් සේක් ද? හොඳයි, පාවුල්ගේ සේවය මොනතරම් ඵලදායක වූයේදැයි සිතා බලන්න. ක්‍රිස්තියානි සභාවක් පාසා තව එකක් පිහිටුවීමට ඔහුට හැකි විය. තව ද දෙවියන් වහන්සේ ඔහු තුළින් සිදු කළ ආශ්චර්යයන් මොනතරම් ද! (ක්‍රියා 19:11, 12) ආශ්චර්යමත් දර්ශන ලැබීමට හා ක්‍රිස්තියානි ග්‍රික් ශුද්ධලියවිලිවල දැන් කොටසක් වී තිබෙන ලිපි 14ක් ලිවීමට ද පාවුල් වරප්‍රසාද ලැබී ය. මේ සියල්ලකට ම ඉහලින්, ස්වර්ගයෙහි අමරණීයභාවය නැමැති ත්‍යාගය ඔහුට දෙන ලදි. (1 කොරින්ති 15:53, 54; 2 කොරින්ති 12:1-7; 2 තිමෝති 4:7, 8) සැබෑ ප්‍රේමයට දෙවියන් වහන්සේ විපාක දෙන බව පාවුල්ට සැබවින් ම පෙනී ගියේ ය.
අපගේ දවසේ දී සැබෑ ප්‍රේමය විපාකදායක ය
10 සැබෑ ප්‍රේමය විපාකදායක බව අදදින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට ද පෙනී ගොස් ඇත. උන් වහන්සේගේ පැත්තෙහි අපගේ ස්ථාවරය ගැනීමෙන් යෙහෝවඃ වහන්සේ සඳහා අපගේ ප්‍රේමය ප්‍රකාශ කරමින් හා යේසුස් වහන්සේගේ ගෝලයන් වීමේ දී අඛණ්ඩතාවය පවත්වන්නන් වශයෙන් අපගේ ජීවිතය පවා අපට අහිමි විය හැක. (එළිදරව් 2:10 සසඳන්න.) අප ගණන් බැලිය යුතු යයි යේසුස් වහන්සේ පැවසුවේ ඒ නිසා ය. නමුත් ගෝලයෙකු වීම විපාකදායක ද නැද්ද යන්න නිශ්චය කිරීමට අප එය කරන්නේ නැත. ඒ වෙනුවට, ගෝලකම නිසා ඕනෑ ම පාඩුවක් විඳීමට අප ව ම සූදානම් කිරීමක් වශයෙන් අපි එසේ කරමු.—ලූක් 14:28.
11 අදදින, බොහෝ දෙනෙක්—නොඅනුමාන ව ම මිලියන ගණනක්—තමන් වෙතට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ගෙනෙනු ලබන දේව වචනයේ පණිවුඩය පිළිගනිති. නමුත්, තමන් ව ම දෙවියන් වහන්සේට කැප කර බව්තීස්ම වීමෙන් ඔවුහු පසුබසිති. දෙවියන් වහන්සේ සඳහා අන්‍යයන් සතුව තිබෙන සැබෑ ප්‍රේමය ඔවුන්ට නැති නිසා මෙසේ විය හැකි ද? නොඇදහිලිකාර කලත්‍රයෙකුගේ අනුග්රහයේ රැඳී සිටීමට වුවමනා නිසා බොහෝ දෙනෙක් කැපවීම හා බව්තීස්මයේ පියවරවල් ගැනීමට අසමත් වෙති. “මා පාපයට කැමති” යි යනුවෙන් සාක්ෂිකරුවෙකුට පැවසූ ව්‍යාපාරිකයකුගේ ආකල්පය ඔවුන්ට තිබෙන නිසා වෙනත් අය දෙවියන් වහන්සේ වෙතට කිට්ටු නොවෙති. පැහැදිලි ව ම, දෙවියන් වහන්සේ හා ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් උදෙසා කර තිබෙන සියල්ල එබඳු පුද්ගලයෝ අගය නොකරති.
12 යෙහෝවඃ දෙවියන් වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා කර තිබෙන සියල්ල සඳහා අපට අගය කිරීමක් ඇත්නම්, අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේට සේවය කිරීමට හා යේසුස් වහන්සේගේ ගෝලයෙකු වීමට අප අව්‍යාජ ව ම, වැයවන ඕනෑ ම දෙයක් කැමැත්තෙන් ම ගෙවීමෙන් අප මෙය දක්වන්නෙමු. දෙවියන් වහන්සේ සඳහා ඇති සැබෑ ප්‍රේමය නිසා, ජීවිතයේ සෑම තාරාතිරමක ම පුරුෂයන් හා ස්ත්‍රීන්—සාර්ථක ව්‍යාපාරිකයන්, ක්‍රීඩා කේෂත්රයේ කැපීපෙනෙන පුද්ගලයන්, සහ එබඳු වෙනත් අය—ප්‍රේරිත පාවුල් කළාක්මෙන්, තමා ව පමණක් සතුටු කරන වෘත්තීන් වෙනුවට, ක්‍රිස්තියානි සේවය තෝරාගෙන ඇත. තවද දෙවියන් වහන්සේ ව දැනගැනීමෙන් හා උන් වහන්සේට සේවය කිරීමෙන් ලැබෙන විපාක සඳහා වෙනත් කිසිවක් හුවමාරු කර ගැනීමට ඔවුහු අකමැති වෙති. මේ සම්බන්ධයෙන් වරක් ද වොච් ටවර් මෙසේ පැවසී ය: “තමා දැන සිටින සත්‍යය සඳහා ඩොලර් දහසක් ලබා ගැනීමට සහෝදරයන් කී දෙනෙක් කැමති වනු ඇත්දැයි අප සමහර විට අසා ඇත්තෙමු. එක අතක්වත් දක්නට නොතිබිණ! ඩොලර් දස දහසක් ලබාගනු ඇත්තේ කවරෙක් ද? කිසිවෙක් නැත! දිව්‍ය චරිතය හා දිව්‍ය සැලැස්ම පිලිබඳ ව තම දන්නා දෙය වෙනුවට හුවමාරු කිරීමක් වශයෙන් මුළු ලෝකය ලබා ගැනීමට කැමති වනු ඇත්තේ කවරේක් ද? කිසිවෙක් නැත! හිත මිතුරනි, ඔබ දරුණු ලෙස අසහනයෙන් සිටින පිරිසක් නොවේයයි අපි පැවසීමු. දෙවියන් වහන්සේ පිළිබඳ ඔබගේ දැනුම වෙනුවට කිසිවක් හුවමාරු නොකරන තරමට ඔබ පොහොසත් යයි ඔබට හැඟේ නම්, අප මෙන් පොහොසත්කමක් ඔබටත් දැනෙනවා ඇත.” (1914 දෙසැම්බර් 15, පිටු 377) එසේ ය, දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ අරමුණු පිළිබඳ ව ඇති නිවැරදි දැනුම අප ව සැබෑ ප්‍රේමයෙන් උන් වහන්සේ වෙතට ඇදගන්නා අතර, එය සැබවින් ම විපාකදායක ය.
13 අප දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෙමු නම්, උන් වහන්සේගේ කැමැත්ත දැනගෙන එය කිරීමට අපි වෑයම් කරන්නෙමු. (1යොහන් 5:3) පෞද්ගලික පාඩම, යාච්ඤාව, සහ ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම පිළිබඳ ව අපි බැරෑරුම් ලෙස සලකන්නෙමු. මේ සියල්ලකට ම ආත්ම පරිත්‍යාගය වුවමනා කෙරේ, මක්නිසාද මෙම කටයුතුවලට කාලය, ශ්‍රමය, හා වෙනත් සම්පත් වැය කිරීම අවශ්‍ය කෙරේ. රූපවාහිනි වැඩසටහනක් බැලීම හා පෞද්ගලික බයිබල් පාඩම කිරීම අතරෙහි තෝරා ගැනීමට අපට සිදු විය හැක. නමුත් එබඳු පාඩම බරෑරුම් කොට සලකා ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් කළ විට, අප ආත්මික වශයෙන් මොනතරම් ශක්තිමත් වනු ඇත්ද, අන්‍යයන්ට මොනතරම් හොඳින් සාක්ෂිදැරීමට අපට හැකි වනු ඇත්ද සහ ක්‍රිස්තියානි රැස්වීම්වලින් අප මොනතරම් හොඳින් ප්‍රයෝජන ගනු ඇත්ද!—ගීතාවලිය 1:1-3.
14 ‘යාච්ඤාවෙහි නොකඩවා පැවතීමෙන්’ අපගේ ස්වර්ගික පියාණන්ට නිතිපතා කථා කිරීමට අපි සතුටු වන්නෙමු ද? (රෝම 12:12) නැතහොත් මෙම අගනා වරප්‍රසාදයට යුක්තිය ඉටුකිරීමට නොහැකි වන පරිදි අප බොහෝ විට කාර්යය බහුල ව සිටින්නෙමු ද? යෙහෝවඃ වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාව ශක්තිමත් කළ හැකි වැදගත් ක්‍රමයක් නම්, ‘නොකඩවා යාච්ඤා කිරීම ය.’ (1තෙසලෝනික 5:17) අප පරික්ෂාවලට මුහුණපාන විට, යෙහෝවඃ වහන්සේ සමඟ හොඳ සම්බන්ධතාවයක් තිබීමට වඩා හොඳ දෙයක් නැත. පෝතිඵර්ගේ භාර්යාව විසින් පරීක්ෂා කරනු ලැබූ කල ඊට විරුද්ධ වීමට යෝසෙප්ට හැකිකම ලබා දුන්නේ කුමක් ද? මේද සහ පර්සිවරුන්ගේ නීතිය විසින් යෙහෝවඃ වහන්සේට යාච්ඤා කිරීම තහනම් කරනු ලබූ විට, දානියෙල් යාච්ඤා කිරීම නතර නොකළේ මන්ද? (උත්පත්ති 39:7-16; දානියෙල් 6:4-11) දෙවියන් වහන්සේ සමඟ හොඳ සබදතාවක් නිසා ජයග්රාහි වීමට එම මනුෂ්‍යයන්ට උපකාර කළාක්මෙන් ම එය අපට ද උපකාර කරනු ඇත!
15 ඊළඟට, අපගේ සතිපතා රැස්වීම් පහට යාම අප කෙතරම් බැරෑරුම් ලෙස සලකන්නෙමු ද? විඩාවට පත්වීම, සුළු ශාරීරික අපහසුතාවයකින් සිටීම, හෝ සුළු අයහපත් කාලගුණයක් නිසා, සෙසු ඇදහිලිවන්තයන් සමඟ එක්රැස්වීමට ඇති අපගේ යුතුකම පැහැර හැරීමට අප ඉඩ හරින්නෙමු ද? (හෙබ්‍රෙව් 10:24, 25) හොඳ වැටුපක් ලැබූ ඇමෙරිකානු යාන්ත්‍රික ශිල්පියෙකුට තමාගේ රැකියාව නිසා ක්‍රිස්තියානි රැස්වීම්වලට යාමෙන් ඔහු ව නිතර ම වලක්වනු ලැබී ය. එබැවින් ඔහු තමාගේ රැකියාව වෙනස් කළේ ය, මේ නිසා ඔහුට මුල්‍යමය පාඩුවක් සිදුවුවත් ඔහුට නිතිපතා සියලු ම සභා රැස්වීම්වලට යාමට හැකි විය. අන්‍යෝන්‍ය දිරිගැන්වීමක් භුක්තිවිඳීමට හා එකිනෙකාගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට අපගේ රැස්වීම් අපට හැකිකම ලබා දෙයි. (රෝම 1:11, 12) මේ සියලු කාරණාවල දී, ‘නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නා’ බව අපට පෙනී යන්නේ නැද්ද? (2 කොරින්ති 9:6) එසේ ය, එබඳු ආකාරවලින් සැබෑ ප්‍රේමය විදහාපෑම අතිශයින් ම විපාකදායක ය.
සැබෑ ප්‍රේමය හා අපගේ සේවය
16 යෙහෝවඃ වහන්සේගේ ජනයා වශයෙන් ශුභාරංචිය දේශනා කිරීමට ප්‍රේමය අප ව පොලඹවයි. උදාහරණයක් වශයෙන්, අනියම් සාක්ෂිදැරීමේ යෙදීමට එය අප ව පොලඹවයි. අනියම් ලෙස සාක්ෂිදැරීමට අප මැළි විය හැක, නමුත් කථා කිරීමට ප්‍රේමය අප ව පොලඹවයි. සැබවින් ම, කථා බහක් ආරම්භ කිරීම සඳහා උපායශීලී ක්‍රම ගැන සිතීමට හා ඊළඟට එය රාජ්‍යය වෙතට යොමු කිරීමට ප්‍රේමය අප ව පොළඹවනු ඇත. මෙය පැහැදිලි කිරීමට: ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වරක් ගුවන්යානාවක වාඩි වී සිටින විට, යාබද අසුනෙහි රෝමානු කතෝලික පූජකයෙකු සිටින බව ඔහුට පෙනී ගියේ ය. මුල දී, වැඩිමහල්ලා අමනාපය ඇති නොවන ප්‍රශ්න රැසක් පූජකයාට ඉදිරිපත් කළේ ය. කෙසේවුවද, පූජකයා ගුවන්යානයෙන් බසින විට, ඔහු තුළ ඇති වී තිබූ උනන්දුව නිසා අපගේ පොත් දෙකක් ලබා ගැනීමට එය ඔහු ව පෙළඹී ය. අනියම් ලෙස සාක්ෂිදැරීම නිසා මොනතරම් කදිම ප්‍රතිඵලයක් ද!
17 නිතිපතා ගෙයින්-ගෙට දේශනා සේවයෙහි සහභාගි වීමට හා වෙනත් ආකාරවල ක්‍රිස්තියානි සේවයේ යෙදීමට සැබෑ ප්‍රේමය අප ව පොලඹවයි. බයිබල් සාකච්ඡා පැවැත්වීමට අපට හැකි ප්‍රමාණයට, අපි යෙහෝවඃ දෙවියන් වහන්සේට ගෞරවය ගෙනෙන අතර, බැටළුවන් වැනි අයට සදාකාල ජීවනයේ මාර්ගයට ඇතුළුවීමට අපි උපකාර කරන්නෙමු. (මතෙව් 7:13, 14 සසඳන්න.) බයිබල් සාකච්ඡා පැවැත්වීමට අපට නොහැකි වූවත්, අපගේ උත්සාහයන් නිෂ්ඵල නොවනු ඇත. අප මනුෂ්‍යයන්ගේ නිවෙස්වලට යෑමෙන් එය සාක්ෂියක් ලෙස ක්‍රියා කරන අතර, තව ද අපගේ සේවයෙන් අපි ප්‍රයෝජන ලබන්නෙමු, මක්නිසාද අපගේ ඇදහිල්ල ශක්තිමත් නොකර බයිබල් සත්‍යය දේශනා කිරීමට අපට නුපුළුවන. ගෙයින් ගෙට යාමට නිහතමානිකම අවශ්‍ය බව සැබෑවකි, ‘තවද ශුභාරංචියේ පංගුකාරයෙක් වෙන පිණිස ශුභාරංචිය උදෙසා අපි සියල්ල කරන්නෙමු.’ (1 කොරින්ති 9:19-23) නමුත් දෙවියන් වහන්සේ හා සෙසු මනුෂ්‍යයන් සඳහා ඇති ප්‍රේමය නිසා, අපි යටහත් ලෙස උත්සාහයක් දරන අතර, උතුම් ආශීර්වාද එහි විපාක වශයෙන් අපි ලබන්නෙමු.—හිතෝපදේශ 10:22
18 බයිබල් සත්‍යයන් කෙරෙහි උනන්දුවක් දක්වන අය ව නැවත බැලීමට යාම සඳහා කල්පනාවෙන් සිටීමටත් යෙහෝවඃ වහන්සේගේ සේවකයන්ට සැබෑ ප්‍රේමය වුවමනා කරයි. සතිපතා හා මාස්පතා බයිබල් පාඩම් පැවැත්වීම වනාහි දෙවියන් වහන්සේ හා අසල්වාසියා සඳහා ප්‍රේමයේ ප්‍රකාශයක් වන අතර, මෙම වැඩයට කාලය, උත්සාහය හා ද්‍රව්‍යමය සම්පත් වැය කිරීමට සිදු වේ. (මාර්ක් 12:28-31) එහෙත්, මෙම බයිබල් ශිෂ්‍යයන්ගෙන් කෙනෙකු බව්තීස්ම වී සමහර විට පූර්ණ-කාලීන සේවයට ඇතුළු වූ විට, සැබෑ ප්‍රේමය විපාකදායක බවට අප නිසැක නොවන්නෙමු ද?—2 කොරින්ති 3:1-3 සසඳන්න.
19 පූර්ණ-කාලීන සේවයේ සහභාගිවීමට අපට හැකි නම්, එය උදෙසා ද්‍රව්‍යමය පහසුකම් පරිත්‍යාග කිරීමට පරාර්ථකාමී ප්‍රේමය අප ව පොලඹවයි. එම ප්‍රමාණයට ප්‍රේමය විදහාපෑම විපාකදායක බව සනාථ කිරීමට දහස් වර දහස් සාක්ෂිකරුවන්ට පුළුවන. පූර්ණ-කාලීන සේවයේ සහභාගිවීමට තත්ත්වයන් ඔබට ඉඩ දෙතත් ඔබ ඉන් ප්‍රයෝජන නොගන්නෙහි නම්, ඔබට නොලැබී යන ආශීර්වාද මොනවාදැයි ඔබ නොදන්නෙහි ය.—මාර්ක් 10:29, 30 සසඳන්න.
තවත් ආකාරවලින් විපාකදායක ය
20 සැබෑ ප්‍රේමය විපාකදායක වන තවත් ආකාරයක් නම්, සමාව දීමට ද එය අපට උපකාර කරයි. එසේ ය, ප්‍රේමය “නපුර ගණන්ගන්නේ නැත.” සැබෑවට ම, ‘ප්‍රේමය පව් රාශියක් වසන්නේ ය.’ (1 කොරින්ති 13:5; 1 පේතෘස් 4:8) “රාශියක්” යනුවෙන් අදහස් කරන්නේ පව් බොහොමයක්, එසේ නොවේ ද? තවද සමාව දීම මොනතරම් විපාකදායක ද! ඔබ සමාව දුන් විට, ඔබට හා ඔබට එරෙහි ව පව් කළ තැනැත්තාට හොඳ හැඟීමක් ඇති වන්නෙහි ය. නමුත් වඩාත් වැදගත් කාරණය නම්, අපට එරෙහි ව පව් කරන අයට අප දැනටමත් සමාව දී නැත්නම්, යෙහෝවඃ වහන්සේගෙන් සමාවක් අපට බලාපොරොත්තු විය නොහැක.—මතෙව් 6:12; 18:23-25.
21 තවදුරටත්, යටහත් විමට ද එය අපට උපකාර කරන නිසා, සැබෑ ප්‍රේමය විපාකදායක ය. අපි යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන්නෙමු නම්, උන් වහන්සේගේ බලවත් හස්තය යටතෙහි අපි යටත් වන්නෙමු. (1 පේතෘස් 5:6) උන් වහන්සේගේ තෝරාගත් උපකරණය වන ‘විශ්වාස හා නුවණැති දාසයාට’ ද යටත් වීමට උන් වහන්සේ සඳහා ප්‍රේමය අප ව පොලඹවයි. සභාවෙහි පෙරමුණ ගන්නා වූ අයට යටත් වීම ද මීට ඇතුළත් ය. මෙය විපාකදායක ය, මක්නිසාද එසේ කිරීමට අසමත්වීම අපට “හානිදායක” වනු ඇත. (මතෙව් 24:45-47; හෙබ්‍රෙව් 13:17, NW) ඇත්ත වශයෙන් ම, යටත්වීමේ මෙම ප්‍රතිපත්තිය පවුල් කවය තුළ ද අදාළ වේ. එබඳු ක්‍රියාමාර්ගයක් විපාකදායක ය, මක්නිසාද එය පවුලේ ප්‍රීතිය, සාමය හා එකමුතුකම ඇති කරන අතර, අපි දෙවියන් වහන්සේ ව සතුටු කරමින් සිටින්නෙමු යන සෑහීම එය අපට ලබා දෙයි.—එපීස 5:22; 6:1-3.
22 එසේ නම්, පැහැදිලි ව ම, අපට වර්ධනය කර ගත හැකි උතුම් ම ගුණාංගය නම්, අ·ගාʹපේ ය. එය වනාහි පරාර්ථකාමි, ප්‍රතිපත්තිමය ප්‍රේමය වේ. තවද සැබෑ ප්‍රේමය විපාකදායක බවට කිසිදු සැකයක් නැත. එමනිසා, අපගේ ප්‍රේමනීය දෙවියන් වහන්සේ වන, යෙහෝවඃ වහන්සේගේ මහිමය සඳහා අපි මෙම ගුණාංගය වර්ධනය කරගෙන, මීටත් වඩා වැඩි ප්‍රමාණයකින් අපි එය ප්‍රකාශ කරන්නෙමු නම්, අපි සැබෑවට ම සතුටු වන්නෙමු. w90 11/15
ඔබ ප්‍රතිචාරය දෙනු ඇත්තේ කෙසේ ද?
◻ යේහෝවඃ වහන්සේ සැබෑ ප්‍රේමය ප්‍රකාශ කර ඇත්තේ කිනම් ආකාරවලින් ද?
◻ යෙසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේමය දක්වා තිබෙන්නේ කෙසේ ද?
◻ සැබෑ ප්‍රේමය දැක්වීමෙහි ප්‍රේරිත පාවුල් තැබූ ආදර්ශය කුමක් ද?
◻ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ප්‍රේමය දක්වා තිබෙන්නේ කෙසේ ද?
◻ සැබෑ ප්‍රේමය විපාකදායක බව ඔබ පවසනු ඇත්තේ මන්ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1, 2. සැබෑ ප්‍රේමය අපට පෞද්ගලික ව විපාකදායක වන්නේ මන්ද?
3. සැබෑ ප්‍රේමය විපාකදායක වීමට දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ කෙසේ ද?
4. සැබෑ ප්‍රේමය විපාකදායක බවට හොඳ ම ආදර්ශය සපයන්නේ කවරෙක් ද, තවද උන් වහන්සේ එසේ කර තිබෙන්නේ කෙසේ ද?
5. දෙවියන් වහන්සේ මිනිස්වර්ගයාට එතරම් ප්‍රේම කළ බැවින්, පූජාවක් වශයෙන් තමාගේ පූත්‍රයාණන් ව දීමෙන් සිදු වී තිබෙන්නේ කුමක් ද?
6. ප්‍රේමය යේසුස් වහන්සේ ව පෙලඹුවේ කුමක් කිරීමට ද?
7. සැබෑ ප්‍රේමය විපාකදායක බව යේසුස් වහන්සේට පෙනී ගියේ කිනම් ආකාරවලින් ද?
8. දෙවියන් වහන්සේ සඳහා සහ තමාගේ සෙසු අසල්වාසීන් සඳහා තිබූ ප්‍රේමය නිසා පාවුල්ගේ අත්දැකීම කුමක් වූයේ ද?
9. සැබෑ ප්‍රේමය විදහාපෑම නිසා පාවුල්ට විපාක ලැබුණේ කෙසේ ද?
10. යේසුස් වහන්සේගේ ගෝලයෙකු වීමට හා යෙහෝවඃ වහන්සේ සඳහා අපගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට කුමක් වැය විය හැකි ද?
11. දෙවියන් වහන්සේට තමන් ව ම කැප කිරීමට ඇතමෙක් අසමත් වන්නේ මන්ද?
12. සැබෑ ප්‍රේමයෙන් අප ව දෙවියන් වහන්සේට සමීප කරන්නාවූ දැනුමෙන් ඉස්මතු කරවන්නාවූ විපාක ගැන ද වොච්ටවර් පවසා ඇත්තේ කුමක් ද?
13. පෞද්ගලික පාඩම අප සැලකිය යුත්තේ කෙසේ ද?
14. යාච්ඤාව හා යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟ හොඳ සබඳතාවක් කොපමණ වැදගත් ද?
15. ක්‍රිස්තියානි රැස්වීම් අප සැලකිය යුත්තේ කෙසේ ද, සහ මන්ද?
16. අනියම් ලෙස සාක්ෂිදැරීමට ප්‍රේමය අප ව පොලඹවන විට කුමක් සිදු විය හැකි ද?
17, 18. ක්‍රිස්තියානි සේවය සම්බන්ධයෙන් ප්‍රේමය අප ව පොලඹවනු ඇත්තේ කුමක් කිරීමට ද?
19. ප්‍රේමය හා පූර්ණ-කාලීන සේවය අතරෙහි ඇති සබඳතාවය කුමක් ද?
20. සමාව දීමට ප්‍රේමය අපට උපකාර කරන්නේ කෙසේ ද?
21. යටත්වීමට සැබෑ ප්‍රේමය අපට උපකාර කරන්නේ කෙසේ ද?
22. අපට සැබෑ ලෙස ම සතුටු විය හැක්කේ කෙසේ ද?
අප සදාකාල ජීවනය ලබන පිණිස ස්වකීය පුත්‍රයාණන් ව දීමට උන් වහන්සේ ව පෙලඹුවේ මනුෂ්‍යවර්ගයා සඳහා ඇති යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමයයි
යෙහෝවඃ වහන්සේ සඳහා ඇති සැබෑ ප්‍රේමය “නොකඩවා යාච්ඤා කිරීමට අප ව පොලඹවනු ඇත