ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 12/15 29 පි.
  • නෑෂ් පැපිරස් හි අගය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නෑෂ් පැපිරස් හි අගය
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නෑෂ් පැපිරසයේ අඩංගු දෑ
  • ඔබ දැන සිටියාද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බයිබලය සුරැකුණු අයුරු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මෝසෙස්ගේ ගීතය” හිස්තැනක් පුරවයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පොත ආරක්ෂා වුණේ කොහොමද?
    සියලුම ජනයා සඳහා පොතක්
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 12/15 29 පි.

නෑෂ් පැපිරස් හි අගය

ඔබ පැරණි හෙබ්‍රෙව් බයිබල් අත්පිටපතක් නිවැරදි ව කාලනිර්ණය කරන්නේ කෙසේ ද? ආචාර්ය ජෝන් සී. ට්‍රෙවර්, 1948 දී යෙසායාගේ මළ මුහුදේ ලියවිල්ල පළමුවතාවට දුටු විට, ඔහු මුහුණ දුන් ගැටලුව එයයි. හෙබ්‍රෙව් අක්ෂරවල ආකාරය ඔහුගේ සිතෙහි කුතුහලය අවුස්සන්නට විය. එම අක්ෂර එය අයත් කාලය දැනගැනීමේ මාර්ගය බව ඔහු දැන සිටිය ද, ඔහුට ඒවා සැසඳිය හැක්කේ කුමක් සමඟ ද? නිවැරදි ලෙස, ඔහු නිගමනය කළේ: නෑෂ් පැපිරසයේ අකුරු සමඟ පමණකි යනුවෙනි. ඒ මන්ද? මෙම අත්පිටපත කුමක් වේ ද, එමෙන් ම එය ලැබුණේ කොතැනින් ද?

නෑෂ් පැපිරස් ලියවිල්ලට අඟල් තුනෙන් පහේ ප්‍රමාණයෙන් යුත්, හෙබ්‍රෙව් පාඨයේ පේලි 24කින් යුත් බිඳුනු ලියවිලි කොටස් 4ක් අයත් වේ. එය 1902 දී මිසරීය ගනුදෙනුකරුවෙකුගෙන් ලබා ගත්, සොසයටි ඔෆ් බිබ්ලිකල් ආකියෝලජි හි ලේකම් වන, ඩබ්ලිව්. එල්. නෑෂ්ගෙන් පසු නම් කරනු ලැබී ය. එය ඊට පසු වසරේ එම සමිතියේ ප්‍රොසීඩිංස් ග්‍රන්ථයේ එස්. ඒ. කුක් විසින් පළ කර, ඉන් අනතුරුව එය දැනට තිබෙන, එංගලන්තයේ, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරනු ලැබී ය. මෙම පැපිරස් ලියවිල්ලේ වටිනාකම එහි පෞරාණිකත්වය සමඟ බැඳී පවතී. පඬිවරුන් එය පො.යු.පෙ. දෙවන හෝ පළමුවන ශතවර්ෂය දක්වා පරණ බව කාලනිර්ණය කර ඇති බැවින්, එය මෙතෙක් සොයා ගනු ලැබූ මුල් ම හෙබ්‍රෙව් අත්පිටපත වූයේ ය.

ආචාර්ය ට්‍රෙවර් නෑෂ් පැපිරස් ලියවිල්ලේ වර්ණ දලසේයා සටහනක් තමා ඉදිරියේ තිබූ ලියවිල්ල සමඟ සසඳා බැලූ විට, ඔහු එක් එක් අක්ෂරයේ ආකාරය හා හැඩය දෙස ඉතා පරීක්ෂාකාරී ව බැලී ය. කිසිදු සැකයකින් තොර ව ඒවා ඉතා සමාන විය. විශාල වූ ද, අලුත සොයා ගන්නා ලද වූ ද අත්පිටපත, නෑෂ් පැපිරස් ලියවිල්ල තරම් පැරණි වීම ඔහුට විශ්වාස කළ නොහැකි යමක් සේ විය. කෙසේ වෙතත්, කාලයකට පසු, ඔහුගේ තර්කය නිවැරදි බව සනාථ විය. යෙසායාගේ මළ මුහුදේ ලියවිල්ල පො.යු.පෙ. දෙවන ශතවර්ෂයට අයත් විය!

නෑෂ් පැපිරසයේ අඩංගු දෑ

නෑෂ් පැපිරසයේ අකුරු පිළිබඳ විග්‍රහයකින් හෙළි වන්නේ, එහි ඇති පේලි 24 හි ම, එක් වදනක් හෝ අකුරක් දෙකෙළවර ම නොමැති ව, අසම්පූර්ණ බව ය. එහි ද්විතීය කථාව 5වන හා 6වන පරිච්ඡේදයේ ඇතැම් වගන්ති සමඟින්, නික්මයාම 20වන පරිච්ඡේදයේ දස පනතේ කොටස් අඩංගු ව ඇත. එනිසා මෙය සාමාන්‍ය බයිබල් අත්පිටපතක් නොව, විශේෂිත අරමුණක් ඇති මිශ්‍රිත කොටසක් විය. එය පැහැදිලි ව ම, යුදෙව්වෙකුට දෙවියන් වහන්සේට ඇති තම යුතුකම මතක් කිරීම සඳහා උපදේශාත්මක එකතුවක කොටසක් විය. ෂෙමා යනුවෙන් හඳුන්වනු ලැබූ, ද්විතීය කථාව 6:4න් [NW ] පටන් ගන්නා ශුද්ධ ලියවිල්ලේ කොටසක්, නිතර පුන පුනා සඳහන් කර තිබුණි. එම වගන්තියේ කියවීමට ඇත්තේ: “එම්බා, ඉශ්‍රායෙල්, අසව්: අපේ දෙවිවූ යෙහෝවඃ වහන්සේ එක ම යෙහෝවඃ වහන්සේ ය.”

දිව්‍ය නාමය දක්වන හෙබ්‍රෙව් අකුරු හතර වන, YHWH “ජෙහෝවා,” එම පැපිරසයේ අන්තිම පේළියේ මෙම වගන්තියේ දෙවරක් දැකිය හැකි අතර එය තවත් ස්ථාන පහක ද දක්නට ලැබේ. එමෙන් ම, එහි පළමු අකුර නොමැති ව එය එක් වරක් දක්නට තිබේ.

ෂෙමා නිශ්චිතාකාරයෙන් “දෙවියන් වහන්සේගේ තනි පුද්ගලිකත්වය” අවධාරණය කිරීම සඳහා නියම කරනු ලැබී ය. යුදෙව්වන්ගේ තල්මුඩ් නමැති ග්‍රන්ථයට අනුව (බෙරාකොත් 19a) ‛එ·චාඪ [“එක”] යන අවසාන වචනය “සෑම අක්ෂරයක් ම පෑමෙන් එය උච්චාරණය කරනු ලැබීමේ දී නිශ්චිතාකාරයෙන් අවධාරණය කළ යුතු ය.” (ඩබ්. ඕ. ඊ. ඔස්ටර්ලි හා ජී. එච්. බොක්ස්) දෙවියන් වහන්සේ හා සම්බන්ධයෙන්, මෙම දීර්ඝ කරන ලද ‛එ·චාඪ උන් වහන්සේගේ අද්විතීය ස්වභාවය ද ප්‍රකාශ කළේ ය.

අද දවසේ, නෑෂ් පැපිරස් ලියවිල්ලට, බොහෝ සමකාලීන ලියවිලි එකතු වී තිබේ. විශේෂයෙන් කුම්රාන්ට සමීප මළ මුහුදේ වෙරළවල පිහිටි ගුහාවලින් සොයා ගන්නා ලද ලියවිලි උදාහරණයන් වශයෙන් ගත හැක. විස්තරාත්මක විග්‍රහයන්වලින් සනාථ වී ඇත්තේ මෙම අත්පිටපත්වලින් බොහොමයක් ම පො.යු.පෙර පළමු හා දෙවන ශතවර්ෂ දක්වා පැරණි ඒවා බව ය.a එය වඩාත් ම පැරණි හෙබ්‍රෙව් අත්පිටපත නොවුව ද, නෑෂ් පැපිරස් ලියවිල්ල තවමත් බොහෝ උනන්දු ඇති කරවන කරුණු හෙළි කරයි. ඊජිප්තුවේ සොයා ගන්නා ලද මෙතරම් ම පැරණි බයිබල් අත්පිටපත එය වේ.

[පාදසටහන්වල]

a වර්ෂ 1991 අප්‍රියෙල් 15, ද වොච්ටවර් පිටු 10-13 බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න