යෙහෝවඃ වහන්සේගේ වචනය තුළින් උන් වහන්සේ ව දැනගන්න
“මින් අදහස් කරන්නේ සදාකාල ජීවනය ය, එනම් එකම සැබෑ දෙවි වන ඔබ වහන්සේ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැන්තා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැනත් ඔවුන් විසින් දැනුම ලබා ගැනීම ය.”—යොහන් 17:3, NW.
1, 2. (අ) ශුද්ධ ලියවිලිවල භාවිතා කර ඇති ආකාරයට, “දැනගන්නවා” සහ “දැනුම” යන වචනවල තේරුම කුමක් ද? (ආ) මෙහි අර්ථය පැහැදිලි කරන්නේ කිනම් උදාහරණ මගින් ද?
යමෙකු ව හුදෙක් දැන හඳුනා ගැනීම හෝ යම් දෙයක් පිළිබඳ ව මතු පිටින් පමණක් දැනුමක් ඇතුව සිටීම, “දැනගන්නවා” සහ “දැනුම” යන වදන්වල අරුත ශුද්ධ ලියවිලිවල යොදා ගෙන තිබෙන ආකාරය පහත හෙළයි. බයිබලය තුළ, මෙයට, “අත්දැකීම තුළින් දැනගැනිමේ ක්‍රියාව” අයත් වන අතර, එය “පුද්ගලයන් අතර දැඩි විශ්වාසයේ සබඳතාවයක්” ප්‍රකාශ කරන දැනගැන්මක් වෙයි. (ද න ඉන්ටර්නැෂනල් ඩික්ෂනරි ඔෆ් න ටෙස්ටමන්ට් තියොලජි) ‘මා යෙහෝවඃ වහන්සේ බව ඔබට දැනගැනීමට සිදු වනු ඇත’ යනුවෙන් ප්‍රකාශ කරමින්, දෙවියන් වහන්සේ වැරදි කරන්නන් හට එරෙහි ව ගෙනා විනිශ්චය ගැන සඳහන් වන එසකියෙල් පොතේ බොහෝ අවස්ථාවන්ට සම්බන්ධ ක්‍රියාවන් වැනි, උන් වහන්සේගේ යම් විශේෂ ආකාර ක්‍රියාවන් සැලකිල්ලට ගැනීම මාර්ගයෙන් උන් වහනසේ ව දැනගැනීම මීට ඇතුළත් වනු ඇත.—එසකියෙල් 38:23.
2 “දැනගන්නවා” සහ “දැනුම” යන වදන් යොදා ගනු ලැබිය හැකි විවිධ මාර්ග, නිදසුන් කිහිපයක් සමඟින් පැහැදිලි කළ හැකි ය. යේසුස් වහන්සේගේ නාමයෙන් ක්‍රියා කර තිබෙනවා යයි කියා සිටි බොහෝ දෙනෙකු හට උන් වහන්සේ විසින් “මම කිසි විටෙකත් ඔබ ව නොදැන සිටියෙමි” යනුවෙන් පැවසූ විට, උන් වහන්සේ ඉන් අදහස් කළේ තමා ඔවුන් සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි. (මතෙව් 7:23, NW) ක්‍රිස්තුස් වහන්සේ “පාපය දැන නොසිටි” බව 2 කොරින්ති 5:21 පවසයි. ඉන් අදහස් කරන්නේ පාපය සම්බන්ධයෙන් උන් වහන්සේට අවබෝධයක් නොතිබූ බවක් නොවේ, නමුත් උන් වහන්සේට එය සමඟ කිසිදු පුද්ගලික පංගුකාරකමක් නොතිබූ බව ය. ඒ හා සමාන ව; “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනය ය, එනම් එකම සැබෑ දෙවි වන ඔබ වහන්සේ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැන්තා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැනත් ඔවුන් විසින් දැනුම ලැබීම ය” යනුවෙන් යේසුස් වහන්සේ පැවසූ විට, දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ ගැන හුදෙක් මතුපිටින් දැනගැනීමට වඩා බොහෝ දේ ඇතුළත් වූයේ ය.—මතෙව් 7:21 සසඳන්න.
3. යෙහෝවඃ වහන්සේ, සැබෑ දෙවියන් වහන්සේගේ හඳුනා ගැනීමේ ලකුණ විදහාපාන බව ඔප්පු කරන්නේ කුමකින් ද?
3 යෙහෝවඃ වහන්සේගේ ගති ලක්ෂණ බොහෝමයක් උන් වහන්සේගේ වචනය වන බයිබලය තුළින් දැන ගත හැකි ය. ඉන් එකක් නම් නිවැරදි ලෙස අනාවැකි කීමට උන් වහන්සේට ඇති හැකියාවයි. මෙය සැබෑ දෙවියන් වහන්සේගේ ලකුණක් හැටියට හඳුන්වා තිබේ: “ඒවා ඉදිරිපත්කොට, සිත්ටධවෙන්ට තිබෙන දේවල් අපට දන්වත්වා. ඉස්සර දේවල් මොනවාදැයි අප විසින් කල්පනාකොට ඒවායේ කෙළවර දැනගන්නා පිණිස ඒවා අපට දන්වාපල්ලා; නොහොත් පැමිණෙන්ට තිබෙන දේවල් අපට ප්රකාශකරපල්ලා. මතු සිත්ටධවෙන්ට තිබෙන දේවල් දන්වාපල්ලා, එවිට නුඹලා දෙවිවරුන් බව අපට දැනගන්ට ලැබෙනවා ඇත.” (යෙසායා 41:22, 23) යෙහෝවඃ වහන්සේ ස්වකීය වචනය තුළ, පොළොව සහ ඒ මත ජීවිතය සම්බන්ධ ව පළමු දේවල් අපට පවසන සේක. පසු ව සිදුවීමට තිබූ දේවල් උන් වහන්සේ බොහෝ කළකට පෙර පැවසූ අතර, ඒවා සැබෑ බවට පත් විණි. එමෙන් ම, දැන් පවා උන් වහන්සේ ‘සිද්ධවෙන්ට තිබෙන දේවල් අපට දන්වන’ අතර, විශේෂයෙන් ම මෙම “අන්තිම දවස්වල” සිදුවීමට තිබෙන දේවල් මේ අතර වෙයි.—2 තිමෝති 3:1-5, 13; උත්පත්ති 1:1-30; යෙසායා 53:1-12; දානියෙල් 8:3-12, 20-25; මතෙව් 24:3-21; එළිදරව් 6:1-8; 11:18.
4. යෙහෝවඃ වහන්සේ ස්වකීය බලයේ ගුණාංගය යොදා ගෙන ඇත්තේ කෙසේ ද, තව ද උන් වහන්සේ එය යොදා ගන්නට යන්නේ කෙසේ ද?
4 යෙහෝවඃ වහන්සේගේ තවත් ගුණාංගයක් නම්, බලයයි. ආලෝකය හා තාපය පිට කරන විශාල උෂ්මකයන් වන මහා විලයනයන් සේ ක්‍රියා කරන තාරකාවන්ගෙන් හෙබි අහසින් එය දිස් වෙයි. කැරලිකාර මිනිසුන් හෝ දේව දූතයන් යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යයට අභියෝග කරන විට, ස්වකීය කීර්ති නාමය හා ධර්මිෂ්ඨ ප්රමිතීන් රැක ගැනීමට “රණ ශූර පුද්ගලයෙකු” මෙන් ස්වකීය බලය පාවිච්චි කරන සේක. නෝවාගේ දවස්වල ජල ගැල්මේ දී, සොදොම් සහ ගොමෝරා හි විනාශයේ දී, ඊශ්‍රායෙල් ජාතිය ව රතු මුහුද තුළින් ගලවා ගැනීමේ දී, වැනි අවස්ථාවන්හි දී විනාශකාරී ලෙස බලය මුදා හැරීමට පසුබට නොවන සේක. (නික්මයාම 15:3-7; උත්පත්ති 7:11, 12, 24; 19:24, 25) ඉතා ඉක්මනින්, “සාතන් නුඹලාගේ පාද යට දමා පොඩි” කිරීමට උන් වහන්සේ ස්වකීය බලය යොදා ගන්නවා ඇත.—රෝම 16:20.
5. ස්වකීය බලය සමඟින්, යෙහෝවඃ වහන්සේට තවත් කුමන ගුණාංගයක් සතු ව තිබේ ද?
5 එහෙත්, උන් වහන්සේගේ මෙම අසීමිත බලයන් සමඟ පවා, යටහත් පහත්කම තිබේ. ගීතාවලිය 18:35, 36 මෙසේ කියයි: “ඔබගේ මෘදුකම [යටහත් පහත්කම NW] මා උසස්කෙළේය. ඔබ මාගේ අඩිපාර පළල් [සඳහා ඉඩකඩ පුළුල් NW] කළසේක.” දෙවියන් වහන්සේගේ යටහත් පහත්කම ‘ස්වර්ගයේ ද පෘථිවියේ ද තිබෙන දේ බලන්ට තමන් ම යටත් කරවන තරම්, දුප්පතා ද ධූලියෙන් නැගිටුවන්ට ද, දිළිඳා අළු ගොඩින් ඔසවන්ට ද’ උන් වහන්සේට ඉඩ හරී.—ගීතාවලිය 113:5, 6, 8.
6. යෙහෝවඃ වහන්සේගේ කුමන ගුණාංගය ජීවිත ගලවයි ද?
6 මිනිසා සමඟ කටයුතු කිරීමේ දී යෙහෝවඃ වහන්සේ දක්වන දයාව ජීවිත ගලවයි. මනස්සේ රජ ඉතා දරුණු පාපිෂ්ඨ ක්‍රියා කර තිබුණ විට පවා, ඔහුට සමාව දෙන විට උන් වහන්සේ ඔහුට මොනතරම් දයාවක් පෙන්වූ සේක් ද! යෙහෝවඃ වහන්සේ මෙසේ පවසන සේක: “නුඹ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී විට ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්, ඔහු කළාවූ ඔහුගේ කිසිම පාපයක් ඔහුට විරුද්ධව සිහිකරනු නොලබන්නේය. ඔහු යුක්තියද ධර්මිෂ්ඨකමද කෙළේය; ඔහු සැබවින්ම ජීවත්වන්නේය.” (එසකියෙල් 33:14, 16; 2 ලේකම් 33:1-6, 10-13) හැත්තෑ හත් වරක්, එක් දවසක් ඇතුලත 7 වරක් පවා කමාව දෙන ලෙස යේසුස් වහන්සේ විසින් උදක් ම ඉල්ලා සිටි විට උන් වහන්සේ පිළිබිඹු කළේ යෙහෝවඃ වහන්සේ ව ය.—ගීතාවලිය 103:8-14; මතෙව් 18:21, 22; ලූක් 17:4.
හැඟීම් සහිත දෙවි කෙනෙක්
7. යෙහෝවඃ වහන්සේ ග්‍රීක දෙවිවරුන්ගෙන් වෙනස් වන්නේ කෙසේ ද, තව ද අපට විවෘත වී තිබෙන වටිනා වරප්‍රසාදය කුමක් ද?
7 එපිකූරියන්වරු වැනි ග්‍රීක් දාර්ශනිකයන්, දෙවිවරුන් ගැන විශ්වාස කළ නමුත් ඔවුන් දෙස බැලුවේ පොළොවට බොහෝ දුරස්තර ව සිටින කිසි මිනිසෙකු කෙරෙහි සැලකිල්ලක් නැති ඔහුගේ හැඟීම් මගින් බලපෑමට ලක් නොවන අය වශයෙන් ය. යෙහෝවඃ වහන්සේ සහ උන් වහන්සේගේ ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් අතර තිබෙන සම්බන්ධතාවය කොතරම් වෙනස් ද! “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමන් සෙනග කෙරෙහි ප්‍රසන්න වනසේක.” (ගීතාවලිය 149:4) ජල ගැල්මට පෙර සිටි දුෂ්ට ජනයා උන් වහන්සේ ව කනගාටුවට පත් කළ අතර, “උන් වහන්සේගේ හදවත රිදෙව්වෝ ය.” ඊශ්‍රායෙල්වරු තම නොඇදහිලිවන්තකම මගින් යෙහෝවඃ වහන්සේට වේදනා දී උන් වහන්සේ ව රිදෙව්වෝ ය. ක්‍රිස්තියානින්ට තම අකීකරුකම මගින්, යෙහෝවඃ වහන්සේගේ ආත්මයට දුක් දෙන්නට හැක; කෙසේ වුවද, තම ඇදහිලිවන්තකම මගින්, උන් වහන්සේට ප්‍රීතිය ගෙන එන්නට ද ඔවුනට හැකි ය. විශ්වයේ මැවුම්කරුවාණන් හට වේදනාව හෝ ප්‍රීතිය ගෙන එන්නට පොළොව මත සිටින ඉතා පුංචි මිනිසාට හැකි බව සිතීම මොනතරම් පුදුම සහගත ද! උන් වහන්සේ අප සඳහා කරන සියලු දේ සලකා බලන විට, උන් වහන්සේ ව සතුටට පත් කිරීමේ අති අනර්ඝ වරප්‍රසාදයක් අපට තිබීම මොනතරම් විස්මයජනක ද!—උත්පත්ති 6:6; ගීතාවලිය 78:40, 41; හිතෝපදේශ 27:11; යෙසායා 63:10; එපීස 4:30.
8. ආබ්‍රහම් යෙහෝවඃ වහන්සේ සමඟ තම කථා කිරීමේ නිදහස යොදා ගත්තේ කෙසේ ද?
8 යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමය අප හට මහත් “කථා කිරීමේ නිදහසකට” ඉඩ හරින බව දේව වචනය පෙන්වයි. (1 යොහන් 4:17, NW) යෙහෝවඃ වහන්සේ සොදොම විනාශ කිරීමට පැමිණි විට ආබ්‍රහම්ගේ අත්දැකීම සැලකිල්ලට ගන්න. ආබ්‍රහම් යෙහෝවඃ වහන්සේට මෙසේ පැවසුවේ ය: ඇත්තට ම “ඔබ දුෂ්ටයන් සමග ධර්මිෂ්ඨයන් විනාශකරනසේක්ද? ඒ නුවර ධර්මිෂ්ඨයන් පනස් දෙනා නිසා ඔබ ඒ ස්ථානය ඉතුරු නොකොට විනාශකරනසේක්ද? එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, . . . මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්ද?” දෙවියන් වහන්සේ හට පැවසීමට මොන වචන ද! එහෙත්, එහි ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් 50ක් සිටියා නම් සොදොම ගැලවීමට යෙහෝවඃ වහන්සේ එකඟ වූ සේක. ආබ්‍රහම් මෙහි දී දිගින් දිගට ගොස් මෙම සංඛ්‍යාව 50 සිට 20 දක්වා අඩු කළේ ය. තමා පමණට වැඩිය බලෙන් ඉල්ලා සිටිනවාදෝ යන්න ගැන සැක කිරීමට ඔහු පටන් ගත්තේ ය. හේ මෙසේ පැවසී ය: “අනේ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] උදහස් නොවන සේක්වා, එවිට මම මේ වර පමණක් කථාකරන්නෙමි. සමහරවිට දස දෙනෙක් එහි සම්බවන්නෝය.” යළිත් එය පිළිගත් යෙහෝවඃ වහන්සේ, “දස දෙනා නිසා ඒක විනාශ නොකර සිටින්නෙමි කීසේක.”—උත්පත්ති 18:23-33.
9. ආබ්‍රහම් කථා කළ ආකාරයට කථා කිරීමට යෙහෝවඃ වහන්සේ ඔහුට ඉඩ හැරියේ මන්ද, මින් අපට ඉගෙන ගත හැකි දේ කුමක් ද?
9 මේ ආකාර කථා කිරීමේ නිදහසකට යෙහෝවඃ වහන්සේ ආබ්‍රහම් හට ඉඩ හැරියේ මන්ද? එක් දෙයක් නම්, යෙහෝවඃ වහන්සේ ආබ්‍රහම්ගේ පීඩාකාරී හැඟීම් ගැන සාවධාන ව සිටි සේක. ආබ්‍රහම්ගේ ඥාති පුත් ලොත් සොදොමේ ජීවත් වූ බවත්, ආබ්‍රහම් ඔහුගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වූ බවත් උන් වහන්සේ දැන සිටි සේක. එපමණක් නොව, ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ මිත්‍රයා විය. (යාකොබ් 2:23) යමෙක් අපට රළු ලෙස කථා කරන විට, විශේෂයෙන් ම ඔහු යම් ආකාරයක චිත්තවේගී පීඩනයක් යටතේ සිටින මිත්‍රයෙකු නම්, ඔහුගේ වචන පිටුපස තිබෙන හැඟීම් වටහා ගෙන එම තත්ත්වය අවබෝධ කර ගෙන ක්‍රියා කිරීමට අප උත්සාහ කරනවා ද? දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමඟ ක්‍රියා කළාක් මෙන්, යෙහෝවඃ වහන්සේ අපගේ කථා කිරීමේ නිදහස පිළිබඳ ව අවබෝධයෙන් සිටිනවා ය යන්න දැනගැනීම සැනසීමක් නොවේ ද!
10. යාච්ඤාවේ දී අපට කථා කිරීමේ නිදහස උපකාරවත් වන්නේ කෙසේ ද?
10 විශේෂයෙන් අපගේ “යාච්ඤා අසන තැනන්වහන්සේ” වශයෙන් අප උන් වහන්සේ ව සොයන විට, අප තදබල ලෙස වික්ෂිප්ත ව හා චිත්තවේගීය ලෙස කලබල වී සිටින විට අපගේ මුළු ආත්මය උන් වහන්සේ හට වැගිරවීමට අප මෙම කථා කිරීමේ නිදහසට දැඩි සේ ආශා කරන්නෙමු. (ගීතාවලිය 51:17; 65:2, 3) අපට වචනවලින් කියා ගත නොහැකි එම අවස්ථාවල දී පවා, “ආත්මයාණන්වහන්සේ ම [ආත්මය ම NW] කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්” කරන අතර, යෙහෝවඃ වහන්සේ සවන් දෙන සේක. උන් වහන්සේට අපගේ සිතිවිලි දැන ගත හැකි ය: “දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක. මා මුවට වචනයක් එන්ටත් පෙර සමිඳුනි [අහෝ යෙහෝවඃ වහන්ස NW], එහි අග මුල ඔබ [ඒ වනවිටත් NW] දන්න සේක.” ඒ වුණත්, අප ඉල්ලමින් සිටිය යුතුයි, සොයමින් සිටිය යුතුයි, තට්ටු කරමින් සිටිය යුතුයි.—රෝම 8:26; ගීතාවලිය 139:2, 4, න. අ; මතෙව් 7:7, 8.
11. යෙහෝවඃ වහන්සේ අප ගැන සැබවින් ම සැලකිලිමත් වන බව පෙන්වා ඇත්තේ කෙසේ ද?
11 යෙහෝවඃ වහන්සේ සැලකිලිමත් වන සේක. තමන් වහන්සේ මැවූ ජීවිතයට උන් වහන්සේ සපයන සේක. “සියල්ලන්ගේ ඇස් ඔබ දෙස [බලාපොරොත්තු අතුව NW] යොමු කර තිබේ; ඔබද සුදුසු කාලයේ ඔවුන්ට කෑම දෙනසේක. ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක.” (ගීතාවලිය 145:15, 16) උන් වහන්සේ පඳුරුවල සිටින කුරුල්ලන් පෝෂණය කරන ආකාරය දැකීමට අපට ඇරයුම් කර තිබේ. කෙතේ ලිලී මල් දෙස බලන්න, උන් වහන්සේ කොතරම් ලස්සනට ඒවා පළඳවා තිබේ ද! උන් වහන්සේ ඒවා ගැන සැලකිල්ල දක්වනවාට වඩා බොහෝ සෙයින් වැඩියෙන් අප උදෙසා කරන බව යේසුස් වහන්සේ මීට එකතු කරමින් පැවසූ සේක. එසේ නම් අප කනස්සලු විය යුත්තේ ඇයි? (ද්විතීය කථාව 32:10; මතෙව් 6:26-32; 10:29-31) පළමු වෙනි පේතෘස් 5:7 හි ඔබට ආරාධනා කරන්නේ, “උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර [කාන්සාවක් ම NW] උන්වහන්සේ පිට තබාපල්ලා” කියා ය.
“උන් වහන්සේගේ නියම ස්වරූපයේ ඒකාන්ත නියෝජනය කිරීම”
12, 13. යෙහෝවඃ වහන්සේගේ මැවිල්ල තුළින් සහ බයිබලයේ වාර්තා වී ඇති උන් වහන්සේගේ ක්‍රියා තුළින් උන් වහන්සේ ව දකිනවාට අමතර ව, උන් වහන්සේ ව දැකීමටත් උන් වහන්සේ ව ඇසීමටත් අපට හැක්කේ වෙන කුමන ආකාරවලින් ද?
12 යෙහෝවඃ දෙවියන් වහන්සේ ව අපට උන් වහන්සේගේ මැවිල්ල තුළින් දැකිය හැකි ය; බයිබලයේ සඳහන් වන උන් වහන්සේගේ ක්‍රියාවන් ගැන කියවීමෙන් අපට උන් වහන්සේ ව දැකිය හැක; යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ ව වාර්තා වී ඇති වචන සහ ක්‍රියා මගින් ද අපට උන් වහන්සේ ව දැකිය හැක. යොහන් 12:45 හි යේසුස් වහන්සේ ම එසේ පවසන සේක: “මා දකින්නා මා එවූ තැනන්වහන්සේ දකියි.” යළිත් යොහන් 14:9 හි “මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය.” කොලොස්සි 1:15 හි මෙසේ සඳහන් වෙයි: “[යේසුස් වහන්සේ] අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයය” හෙබ්‍රෙව් 1:3 හි ප්‍රකාශ කරන්නේ මෙසේ ය: “[යේසුස් වහන්සේ] දෙවියන්වහන්සේගේ මහන්තත්ටයේ ප්‍රභාවයද [පිළිබිඹු වීම ද NW] උන්වහන්සේගේ දේවත්ටයේ ස්වරූපයද [උන් වහන්සේගේ නියම ස්වරූපයේ ඒකාන්ත නියෝජනය කිරීම NW] වනසේක් . . . ”
13 යෙහෝවඃ වහන්සේ ස්වකීය පුත්‍රයා ව එව්වේ, මිදීමේ මිලයක් සැපයීමට පමණක් නොව නමුත් වචනයෙන් සහ ක්‍රියාවෙන් යන දෙකෙන් ම අනුකරණය කිරීම සඳහා ආදර්ශයක් තැබීමටත් ය. යේසුස් වහන්සේ කථා කළේ දෙවියන් වහන්සේගේ වචනයි. යොහන් 12:50 හි උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “මා කථා කරන දේ පියාණන්වහන්සේ මට කියා දුන් ලෙසම කථාකරමි.” උන් වහන්සේ තමාගේ ම දෙය කළේ නැත, නමුත් උන් වහන්සේ කළේ කිරීමට තම පියාණන් තමාට පැවසූ දේවල් ය. යොහන් 5:30 හි උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “මාගේ ම මුල පිරීමෙන් එක් දෙයක් වත් කරන්නට මට නොහැක.”—යොහන් 6:38, NW.
14. (අ) අනුකම්පාවෙන් පෙලඹිමට යේසුස් වහන්සේ හට හේතු කරවූයේ කිනම් දසුන් ද? (ආ) යේසුස් වහන්සේ කථා කළ ආකාරය, උන් වහන්සේට සවන් දීම සඳහා එක් රොක් වීමට ජනයා හට සැලැස්වූයේ මන්ද?
14 කුෂ්ඨ රෝගයෙන් පෙළුණු, ආබාධිත, ගොළු, අන්ධ, යක්ෂයන් ආරූඪ ව සිටි සහ තම මළවුන් නිසා වැළපෙන මිනිසුන් ව යේසුස් වහන්සේ දුටු සේක. අනුකම්පාවෙන් පෙලඹී ගිය උන් වහන්සේ, අසනීපවූවන් ව සුවකර, මළවුන් ව නැගිටෙවූ සේක. ආත්මික වශයෙන් හාමත් ව වැහැරී ගොස් සිටි සමූහයන් දුටු උන් වහන්සේ, ඔවුන්ට බොහෝ දේවල් ඉගැන්වීමට පටන් ගත් සේක. උන් වහන්සේ ඉගැන්වූයේ හරි වචනවලින් පමණක් නොව, නමුත් අසන්නන්ගේ හදවත් කරා කෙලින් ම හඹා ගිය, ඔවුන් ව උන් වහන්සේ වෙතට ඇද ගත්, උන් වහන්සේට සවන් දීමට ඔවුන් ව කලින් ම දේවමාලිගාවට ගෙන ආවා වූ, මහත් සතුටකින් උන් වහන්සේට සවන් දීමට උන් වහන්සේ පිටුපස එල්ලී යාමට ඔවුන් ව සැලැස්වූවා වූ, උන් වහන්සේගේ හදවතින් පැන නැඟි චිත්තාකර්ෂණීය වචන සමඟිනුත් ය. ’මේ තැනැත්තා මෙන් කිසි මිනිසෙක් කිසි විටෙකත් කථා කර නැතැයි’ ප්‍රකාශ කර සිටි ඔවුහු උන් වහන්සේට සවන් දීමට එක් රොක් වූහ. උන් වහන්සේ උගන්වන ආකාරයෙන් ඔවුහු මහත් පුදුමයට පත් වූහ. (යොහන් 7:46; මතෙව් 7:28, 29; මාර්ක් 11:18; 12:37; ලූක් 4:22; 19:48; 21:38) ඇරත් උන් වහන්සේගේ සතුරන් ප්‍රශ්න නඟමින් උන් වහන්සේ ව උගුලට හසු කර ගැනීමට මාන බැලූ විට, උන් වහන්සේ ප්‍රශ්න නඟමින් ඔවුන් ව උගුලට හසු කර ගත් සේක.—මතෙව් 22:41-46; මාර්ක් 12:34; ලූක් 20:40.
15. යේසුස් වහන්සේගේ දේශනාවේ ප්‍රධාන තේමාව වූයේ කුමක් ද, තව ද එය පතුරුවාලීමේ ලා උන් වහන්සේ අන්‍යයන් ව හවුල් කර ගත්තේ කිනම් තරමකට ද?
15 උන් වහන්සේ “ස්වර්ග රාජ්‍යය ළංවී තිබේය” කියා ප්‍රකාශ කළ විට “පළමු ව රාජ්‍යය සොයමින් සිටින” මෙන් තමාට සවන්දෙන්නන්ගෙන් උදක් ම ඉල්ලා සිටි සේක. “ස්වර්ග රාජ්‍යය ලංවී තිබේය” කියා දේශනා කිරීමටත්, ‘සියලු ජාතීන්ගෙන් ගෝලයන් සෑදීමටත්,’ “පොළොවේ සීමාව දක්වා” ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිකරුවන් වීමටත් වෙනත් අය ව පිටත් කර යැවූ සේක. අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් මිලියන හතරාමාරක් පමණ දෙනා මෙම දේවල් කරමින් උන් වහන්සේගේ අඩිපාරේ ගමන් කරති.—මතෙව් 4:17; 6:33; 10:7; 28:19; ක්‍රියා 1:8.
16. යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමය නමැති ගුණාංග දැඩි පරීක්ෂණයකට භාජනය වූයේ කෙසේ ද, නමුත් එය මිනිස් වර්ගයා සඳහා ඉටු කළේ කුමක් ද?
16 “දෙවියන්වහන්සේ ප්‍රේමයය” යයි 1 යොහන් 4:8 හි අපට පවසනු ලැබ තිබේ. උන් වහන්සේගේ කැපී පෙනෙන මෙම ගති ලක්ෂණය අති මහත් පීඩාකාරී පරීක්ෂණයකට තබන ලද්දේ, උන් වහන්සේ ස්වකීය ඒක ජාතක පුත්‍රයා ව මිය යාම සඳහා පොළොවට එවන ලද අවස්ථාවේ දී ය. ඉතා දැඩි පරීක්ෂාවන් මැද යෙහෝවඃ වහන්සේට වූ තම අඛණ්ඩතාවය පවත්වා ගන්නා වූ ජනයා පොළොව මත උන් වහන්සේට සිටිය නොහැකි ය යන සාතන්ගේ චෝදනාව බොරු බවට යේසුස් වහන්සේ විසින් ඔප්පු කළ ද, ස්වකීය පුත්‍රයාණන් විඳි දුක් ප්‍රාප්තිය සහ සිය ස්වර්ගීය පියාණන් හට උන් වහන්සේ හඬ නගා කළ ආයාචනයන් යෙහෝවඃ වහන්සේට මහත් වේදනාවක් ගෙන ආවා විය හැක. යේසුස් වහන්සේගේ යාගයේ මහත්කම ද අප අගය කළ යුතු ය, මන්දයත් දෙවියන් වහන්සේ උන් වහන්සේ ව මෙහි එව්වේ අප වෙනුවෙන් මිය යාමට ය. (යොහන් 3:16) මෙය පහසු, ඉක්මන් මරණයක් නොවී ය. දෙවියන් වහන්සේ සහ යේසුස් වහන්සේ යන තැනන් වහන්සේලා දෙදෙනාට ම ඇති වූ වේදනාව සහ ඒ මගින් උන් වහන්සේ අප වෙනුවෙන් කළ පරිත්‍යාගය අගය කිරීමට, මීට අදාළ ව සිදු වූ දේවල් පිළිබඳ ව බයිබලය වාර්තා කරන දේ අපි සලකා බලමු.
17-19. යේසුස් වහන්සේ තමා ඉදිරියෙහි තිබූ අසීරුතාවය විස්තර කළේ කෙසේ ද?
17 ඉදිරියට සිදු වෙන්නට යන දේවල් ගැන යේසුස් වහන්සේ සිය ප්‍රේරිතයන් හට අවම වශයෙන් හතර වතාවක් විස්තර කළ සේක. එය සිදුවීමට ස්වල්ප දිනකට පමණ පෙර, උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “බලව, අපි යෙරුසලමට යමුව; මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයන්ටත් ලියන්නන්ටත් පාවාදෙනු ලබන්නේය; ඔව්හු වනාහි ඔහු මරණයට නියමකොට අන්‍ය ජාතීන්ට පාවාදෙන්නේය. ඔව්හු ඔහුට නින්දාකොට, කෙළගසා, තළා, ඔහු මරන්නේය.”—මාර්ක් 10:33, 34.
18 රෝමවරුන්ගේ කස පහරින් තැලීමේ භීතීන් වටහා ගත් යේසුස් වහන්සේට තමා ඉදිරියේ තිබෙන්නට යන පීඩනයන් හැඟුණි. කස පහරවලින් කෝටුමස් කිරීම සඳහා භාවිතා කරන ලද හම් කස පටියට ලෝහ සහ බැටළු අස්ථි කැබලි ඔබ්බවා තිබිණි; දිගට ම කෝටුමස් කිරීමත් සමඟ, සිරුරේ පසුපස හා පාද ලේ ගලමින් ඉරි තලා යන්නට විය. තමා මතට පැමිණෙන්නට යන මහත් අසීරුතාවය ගැන දැඩි චිත්තවේගී පීඩනය ගැන ඇඟවූ යේසුස් වහන්සේ ලූක් 12:50 හි මෙසේ පැවසූ බව අපි කියවමු: ඇත්තෙන් ම “මට බව්තීස්මයක් තිබේ; ඒක ඉෂ්ටවෙන තුරු කොපමණ ගාවිනාවෙන් යුක්තවෙම්ද!”
19 කාලය වඩ වඩා ළං වීමත් සමඟ ම, පීඩනය ඉහළ නැංගේ ය. උන් වහන්සේ සිය ස්වර්ගික පියාණන්ට ඒ ගැන පැවසූ සේක: “දැන් මාගේ සිත [ආත්මය NW] කැලඹෙයි; ඉඳින් කුමක් කියම්ද? පියාණෙනි, මේ පැයෙන් මා ගැළෙවුව මැනව. නුමුත් මේ පිණිසම මේ පැයට පැමුණුණෙමි.” (යොහන් 12:27) ස්වකීය ඒක ජාතක පුත්රයාණන්ගෙන් පැමිණි මෙම ආයාචනය ඇසීමෙන් යෙහෝවඃ වහන්සේ හට මොනතරම් බලපෑමක් ඇති වන්නට ඇත් ද! යේසුස් වහන්සේගේ මරණයට පැය කිහිපයකට පෙර, ගෙත්සෙමනයේ දී, දැඩි පීඩාවට පත් උන් වහන්සේ පේතෘස්, යාකොබ් සහ යොහන් අමතා මෙසේ කී සේක: “මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය.” ඊට විනාඩි ගණනකට පසු, යෙහෝවඃ වහන්සේට කරන ලද අවසාන යාච්ඤාවේ දී මෙම විෂය ගැන හඬ නැගූ සේක: “පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේයයි කීසේක. උන්වහන්සේ මහත් වේදනා වින්දසේක් වඩා ඕනෑකමින් යාච්ඤාකළසේක. උන් වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය.” (මතෙව් 26:38; ලූක් 22:42, 44) මෙය වෛද්‍ය ක්ෂේත්රයේ හඳුන්වා තිබෙන්නේ හීමටඩ්රෝසස් ලෙස විය හැක. එය කලාතුරකින් සිදුවන්නක් නමුත් චිත්තවේගයන් උත්සන්න අවස්ථාවන්හි දී එය සිදු විය හැක.
20. තම අසීරුතාවය දරා ගෙන යන්නට යේසුස් වහන්සේට උපකාරවත් වූයේ කුමක් ද?
20 ගෙත්සෙමනි උයනේ මෙම වේලාව සම්බන්ධයෙන් හෙබ්‍රෙව් 5:7 මෙසේ කියයි: “උන් වහන්සේ මාංසවත්ව සිටි දවස්වල දී තමන් වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන් තැනන් වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේව භය නිසා උත්තර” ලැබූ සේක. ‘තමන් ව මරණයෙන් ගලවන්ට හැකි ව සිටි’ තැනැන් වහන්සේ විසින් උන් වහන්සේ ව මරණයෙන් ගලවනු නොලැබූ හෙයින්, උන් වහන්සේගේ යාච්ඤාව ප්‍රසාද ලෙස අසනු ලැබූ බව කිව හැක්කේ කිනම් අර්ථයෙන් ද? ලූක් 22:43 මෙසේ පිළිතුරු දෙයි: “ස්වර්ගයෙන් දේවදූතයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේ ශක්තිමත් කළසේක.” මෙම යාච්ඤාව අසනු ලැබූ බව කිව හැක්කේ මන්දයත්, දෙවියන් වහන්සේ විසින් එවන ලද දූතයා එය අසීරුතාවය දරා ගැනීමට යේසුස් වහන්සේ ව ඇත්තට ම ශක්තිමත් කළේ ය.
21. (අ) තම අසීරුතාවය මැදින් ජය නද දෙමින් යේසුස් වහන්සේ පැමිණි බව පෙන්වන්නේ කුමක් ද? (ආ) අපගේ පරීක්ෂාවන් දැඩි වන විට, අපට කෙසේ කථා කිරීමට වුවමනා විය හැකි ද?
21 ප්‍රතිඵල කරවූ සිදුවීම්වලින් මෙය පැහැදිලි විණි. යේසුස් වහන්සේගේ අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය අවසන් වූ පසු, උන් වහන්සේ නැඟිට, පේතෘස්, යාකොබ් සහ යොහන් වෙතට ගොස් මෙසේ පැවසූ සේක: “නැගිටියල්ලා, අපි යමු.” (මාර්ක් 14:42) ඇත්තට ම උන් වහන්සේ පවසමින් සිටියේ මෙයයි: ‘සිඹීමකින් පාවා දෙනු ලැබීමට, මැරවර කල්ලියක් විසින් අත්අඩංගුවට ගනු ලැබීමට, නීති විරෝධි ලෙස පරීක්ෂා කරනු ලැබීමට, වැරදි ලෙස දෝෂාරෝපණය කරනු ලැබීමට මට යන්න හරින්න. අවමන් කරනු ලැබීමට, කෙල ගසනු ලැබීමට, කස පහර දෙනු ලැබීමට, වධ කණුවක් මත ඇණ ගසනු ලැබීමට යාමට මට ඉඩ හරින්න.’ පුරා පැය හයක් ඉතා දරුණු වේදනාවෙන් එහි එල්ලී සිටි උන් වහන්සේ අවසානය දක්වා විඳදරා ගත් සේක. මිය යනවාත් සමඟ ම, “සියල්ල ම නිම විය”! යයි ජය හඬින් මහා නද දුන් සේක. (යොහන් 19:30, න. අ.) උන් වහන්සේ ස්ථිර ව සිට තිබූ අතර, යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යය තහවුරු කරමින් සිය අඛණ්ඩතාවය ඔප්පු කොට තිබිණ. තමා විසින් කිරීම සඳහා යෙහෝවඃ වහන්සේ විසින් උන් වහන්සේ ව පොළොවට එවා තිබූ සියල්ල ම යේසුස් වහන්සේ ඉටු කර තිබිණි. අප මිය යන විට නැතහොත් අර්මගදොන් පහර දෙන විට, යෙහෝවඃ වහන්සේට වූ අපගේ බලපැවරුම සම්බන්ධ ව “එය නිමා විය” යයි පැවසීමට අපට හැකි වේවි ද?
22. යෙහෝවඃ වහන්සේ පිළිබඳ දැනුම විහිදී යන තරම පෙන්වන්නේ කුමකින් ද?
22 තත්ත්වය කුමක් වුවත්, “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන්, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ගැන දැනගැන්මෙන් පොළොව පිරී” යන යෙහෝවඃ වහන්සේගේ නියමිත කාලය ඉතා වේගයෙන් එළැඹෙමින් තිබෙන බවට අපට සහතික විය හැක.—යෙසායා 11:9.
ඔබට මතක ද?
◻ දැනගන්නවා සහ දැනුම ලබා ගන්නවා යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
◻ යෙහෝවඃ වහන්සේගේ වචනය තුළින් අපට උන් වහන්සේගේ දයාව සහ කමාව පෙන්වා ඇත්තේ කෙසේ ද?
◻ ආබ්‍රහම්, යෙහෝවඃ වහන්සේ සමඟ කථා කිරීමේ නිදහස ප්‍රයෝජනයට ගත්තේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේගේ ගුණාංග දැක ගැනීමට අපට යේසුස් වහන්සේ දෙස බැලිය හැක්කේ මන්ද?