ලොව වටා සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—තායිලන්තය
“නිදහස් අයගේ දේශය.” එයයි තායිලන්තය යන නාමයේ අර්ථය. එහි වෙසෙන 5,70,00,000කට අධික කාරුණිකවූද, වෙහෙසා වැඩ කරන්නාවූද ජනයා විසින් විවිධ ආගමික සංකල්ප දරනු ලැබේ. මේ අතරින් බුදුදහම ප්‍රධාන තැනක් ගත්තත්, ක්‍රිස්තියානි ලෝකයේ ආගම්ද මෙම අග්නි දිග ආසියානු රටේ ව්‍යවහාර කෙරේ. මේ සියල්ලන්ම දේව රාජ්‍යයේ ශුභාරංචියට සවන් දිය යුතුය.—මතෙව් 24:14.a
සරණාගතයෝ ශුභාරංචිය අසති
මියන්මාර් සීමාව දිගේ තායිලන්තයේ කඳු පුරා විහිදී ඇති කඳවුරුවල වාසය කරන 10,000කට අධික කරෙන්හි සරණාගතයන් අතර බයිබල් සත්‍යය තහවුරු වන්නට පටන්ගෙන ඇත. එම ප්‍රදේශයේ වාසය කරන කරෙන් පවුලක සාමාජිකයෝ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ වන්නාහ. ඔවුන් විසින් සරණාගතයන් අතර ශුභාරංචිය බෙදා හරිනු ලබමින් තිබේ. ඔවුන්ගේ සේවය පටන් ගත්තේ කෙසේද?
වසර ගණනාවකට පෙර එක්තරා යෞවනයෙක් එංගලන්ත සභාව සමඟ තිබූ සිය සම්බන්ධකම් අත්හැර යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වුණේය. ඔවුන්ගේ දේවගැතිවරයාගෙන් පෙලඹීම් ලැබූ, ඔහුගේ ඥාතිහු ඔහුට විරුද්ධත්වය පළ කළහ. කෙසේවෙතත්, ඔහු එය ඉවසීමෙන් විඳදරා ගත් අතර ඔහුගේ පවුලේ විරුද්ධත්වය ක්‍රමයෙන් අඩු විය. එංගලන්ත සභාවේ දේවගැතිවරු, දැනට වසර දෙකකට පමණ පෙර දුරාචාර හැසිරීම හේතුවෙන් සිය නිලයෙන් ඔවුන්ව නෙරපනතෙක් අවමන් පැමිණවීමෙහි දිගටම යෙදී සිටියහ. එවිට පල්ලිය එඬේරෙක් නැතිව සිටි නිසා, එම සාක්ෂිකරුවාගේ පවුලේ අය හා වෙනත් ඥාතිහු කම්පනයට හා අසරණත්වයට පත්වූහ. ඔවුන්ගෙන් එකළොස් දෙනෙක් පල්ලියෙන් ඉල්ලා අස්වී තමන් සමඟ බයිබල් පාඩම් පවත්වන හැටියට සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.
වෙනත් සරණාගතයන්ද සහභාගි වෙමින් මෙම පාඩම හොඳින් ප්‍රවර්ධනය වන්නට විය. මෙසේ සත්‍යය වේගයෙන් පැතිරී ගිය අතර එහි විපාකයන් වශයෙන් සරණාගත කඳවුර හරහා ගලා ගිය ගඟේ නව සාක්ෂිකරුවන් 17දෙනෙක් බව්තීස්මය ලැබුහ. ඔවුන් සමඟ 88 හැවිරිදි ආච්චි කෙනෙක්ද බව්තීස්මය සඳහා ජලයේ ගිල්වනු ලැබූ විට, එය කොතරම් සන්තෝෂවත් දර්ශනයක්වීද!
වීඩියෝ දර්ශනය උනන්දුව වඩවයි
සරණාගතයන් අතර වර්ධනයක් සිදුවීමේ ඉඩකඩ වැඩිය. වර්ෂ 1993 මරණය සිහිකිරීමේ උත්සවයට 57දෙනෙක් පැමිණියෝය. එම වසරේ මැයි මාසයේ චාරිකා අවේක්ෂකගේ බැහැදැකීමේදී, ඔහුගේ කථාවලින් එකකට 67දෙනෙක් රැස්වූහ. තවද ජෙහෝවාස් විට්නසස්—දි ඔර්ගනයිසේෂන් බිහයින්ඩ් ද නේම් නම් වොච්ටවර් සමිතියේ වීඩියෝ දර්ශනය නැරඹීමට 250දෙනෙක් පමණ පැමිණ සිටියහ.
සරණාගත කඳවුරේ බැප්ටිස්ට් පූජකවරයෙකුගේ භාර්යාව සාක්ෂිකරුවන් විසින් මෙහෙයවන ලද ප්‍රසිද්ධ කථාවකට පැමිණි අතර ඇය සාකච්ඡාවට ලක් වූ බයිබල් වගන්ති සටහන් කර ගත්තාය. තමන්ගේ පල්ලියේ පුන පුනා කියන එකම දේශනය ඇසීමෙන් ඇය කොතරම් අතෘප්තියට පත්ව සිටින්නේදැයි ඇය සිය පුරුෂයාට පැවසුවාය. ඇය යළිත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගියොත්, මීසමේ අන් සියල්ලන්ද ඇය පසුපස යනු ඇතැයි පවසමින් ඔහු විරුද්ධත්වය පළ කළේය. ඇය නැවත රැස්වීම්වලට ගිය විට, ඇගේ පුරුෂයා පිහියක් අතැතිව ඇයව එළවා ගිය අතර, ඇයගේ රැස්වීමේ සටහන් හා බයිබල් ප්‍රකාශන පුළුස්සා දැමීය. එසේ තිබියදීත්, වීඩියෝ දර්ශනය පෙන්වන ලද විට, ඇය යළිත් පැමිණියාය. පසුව මෙම කාන්තාව තමා දුටු දෙය සිය පුරුෂයාට පැවසුවාය. හෘදය වෙනස් කර ගත් ඔහුට එම වීඩියෝ දර්ශනය නරඹන්නට වුවමනා වූ අතර ඇගේ සටහන් හා බයිබල් ප්‍රකාශන පිළිස්සීම වෙනුවෙන් කනගාටු වූයේය.
මින් අදහස් වන්නේ තායිලන්තයේ ජනයා ශුභාරංචිය අසමින් සිටින බවය. මෙසේ ඔවුහු “නිදහස් අයගේ දේශයේ” ආත්මික නිදහස අත්කර ගනිමින් සිටිති.—යොහන් 8:32.
[පාදසටහන්වල]
a වැඩිමනත් තොරතුරු සඳහා, 1994 කැලන්ඩර් ඔෆ් ජෙහෝවාස් විට්නසස් බලන්න.
[24වන පිටුවේ කොටුව]
රටේ ආකෘති සටහන 1993 සේවා වසර
සාක්ෂි දරන ඉහළම සංඛ්‍යාව: 1,434
අනුපාතය: එක් සාක්ෂිකරුවෙකුට 40,229
සිහිකිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාව: 3,342
පුරෝගාමි ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 232
බයිබල් පාඩම්වල සාමාන්‍යය: 1,489
බව්තීස්ම වූ සංඛ්‍යාව: 92
සභා සංඛ්‍යාව: 39
ශාඛා කාර්යාලය: බැංකොක්
[25වන පිටුවේ පින්තූරය]
රාජ්‍යය ප්‍රචාරකයන් ජ්වලිතව ශුභාරංචිය දේශනා කිරීම
[25වන පිටුවේ පින්තූරය]
පළමුවන ශාඛා කාර්යාලය, 1947
[25වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1992, පෙබරවාරි 8වන දින, බැංකොක්හි කැප කරන ලද නව ශාඛා කාර්යාලය ඉදිරිපිට සිටින බෙතෙල් පවුල