ඔබට මතකද?
මෑතකදී පළවූ මුරටැඹ කලාප කෙරෙහි ඔබ සාවධානව කල්පනා කර තිබේද? එය එසේ නම්, පහත සඳහන් දේවල් මතකයට නැඟීම උනන්දුව ගෙන දෙන්නක් බව ඔබ සොයා ගනු ඇත.
▫ මිනිසා සහ සතුන් අතර ඇති මූලික වෙනස කුමක්ද?
මූලික වෙනස කේන්ද්‍රගතව ඇත්තේ, මොළයේ ව්‍යූහය, ධාරිතාව සහ ක්‍රියාකාරිත්වය මතය. සත්ත්වයන් තුළ, මස්තිෂ්කයේ ක්‍රියාකාරකම් සහජාසායානුගත ප්‍රඥාව යනුවෙන් හැඳින්වෙන දෙය තුළ ක්‍රම ලේඛනය කොට ඇත. මිනිසුන් සම්බන්ධයෙන් තත්ත්වය මෙය නොවේ. දෙවියන්වහන්සේ මිනිසුන්ට නිදහස් කැමැත්ත නමැති හැකියාව දායාද කළසේක. (හිතෝපදේශ 30:24-28)—4⁄15, පිටුව 5.
▫ ගායනා කිරීම, ඉශ්‍රායෙල්වරුන්ගේ දේවමාළිගා නමස්කාරය තුළ කුමන කාර්ය භාරයක් ඉටු කළේද?
සංගීතය, විශේෂයෙන්ම ගායකයන්, නමස්කාරයේ වැදගත් ස්ථානයක් දැරුවේ, හුදෙක් අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාවේ වැදගත් කාරණා පැළපදියම් කිරීම සඳහා නොව, නමුත් නමස්කාරය සඳහා හරි ස්ප්‍රීතුවක් සැපයීමටය. ප්‍රාණවත් ස්ප්‍රීතුවකින් යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීම සඳහා එය ඉශ්‍රායෙල්වරුන්ට උපකාරවත් විය. (1 ලේකම් 23:4, 5; 25:7)—5⁄1, පිටු 10, 11.
▫ දරුවන්ට ළදරු අවදියේ සිට කුමන අන්දමේ අවධානයක් අවශ්‍යද?
අලුත උපන් ළදරුවෙකුට දෙමාපියන් විසින් සෑමවිටම පාහේ නිරන්තර අවධානයක් දිය යුතුය. පාවුල් මෙසේ ලීවේය: “ගැළවීම පිණිස ඔබව නැණවත් කිරීමට හැකි ශුද්ධ ලියවිලි ඔබ ළදරු අවදියේ පටන් දැනගෙන සිටින්නෙහිය.” (2 තිමෝති 3:15, NW) එමනිසා, තිමෝති ළදරු අවදියේ පටන්ම ලබා ගත්තාවූ දෙමාපිය අවධානය ආත්මික ආකාර එකක්ද වූයේය.—5⁄15, පිටුව 11.
▫ සියලු මිනිස්වර්ගයා උදෙසා දෙවියන්වහන්සේගේ පණිවුඩය බයිබලයෙහි අඩංගු වී ඇති බවට සාක්ෂි ඔප්පු කරන මාර්ග හතර කවරේද?
(1) එය ලබා ගත හැකි බව. ලෝක ජනගහනයෙන් සියයට 98කටම බයිබලය ලබා ගත හැකිව තිබේ. (2) ඓතිහාසිකභාවය. ඔප්පු කළ නොහැකි මිථ්‍යා ප්‍රබන්ධවලට වඩා බයිබලයේ අඩංගු වන්නේ ඓතිහාසික සත්‍ය කාරණාය. (3) ප්‍රායෝගිකභාවය. එහි ආඥා සහ ප්‍රතිපත්තිවලට ඇලී සිටින අපට ප්‍රයෝජන ලැබෙන ජීවිත මාර්ගයක් ඒවායෙන් ගෙන හැර දැක්වේ. (4) අනාවැකි. එය වනාහි අනාගතයේ සිදුවෙන්නට යන දේවල් සවිස්තරාත්මකව පවසන පොතකි.—6⁄1, පිටු 8, 9.
▫ හරි ආගම දැනගැනීමත් සමඟ පැමිණෙන වගකීම කුමක්ද?
අප වරෙක හරි ආගම හඳුනාගෙන තිබෙන විට, අප ඒ වටා අපගේ ජීවිත ගොඩනැංවිය යුතුය. එය වනාහි ජීවනයේ මාර්ගයකි. (ගීතාවලිය 119:105; යෙසායා 2:3)—6⁄1, පිටුව 13.
▫ පෞද්ගලික බයිබල් අධ්‍යයනය එතරම්ම වැදගත් වන්නේ මන්ද?
දෙවියන්වහන්සේගේ සේවකයන් සියල්ලන්ම, දේව වචනයේ සත්‍යතාවන්හි අලුත් නැතහොත් වඩාත් ගැඹුරු අංශ සෙවීමෙන් දිනපතා තමන්ගේ ප්‍රීතිය හා ශක්තිය අලුත් කර ගත යුතුය. මේ අයුරින්, ඔවුන් තමන්වම ආත්මිකව උද්දීපනය කර ගනිති.—6⁄15, පිටුව 8.
▫ බයිබලයේ භාවිතා කර ඇති පරිදි, “පාපය” යන වචනයේ අරුත කුමක්ද?
“පාපය” යන්නට හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචනවල ක්‍රියා පද ස්වරූපය තුළ, සාමාන්‍යයෙන් බයිබලයේ යොදා ඇති එම භාෂාමය වචනවලින් ඇඟවෙන්නේ, “අහිමි කර ගැනීමය,” එනම් යම් අභිමතාර්ථයක්, නියමයක් හෝ ඉලක්කයක් අත්කර ගැනීමට අපොහොසත් වීම හෝ අල්ලා නොගැනීමය. පළමු මිනිස් යුවළ, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවනු ලැබීමේ අරමුණ අහිමි කරගනිමින්, ඔවුහු දෙවියන්වහන්සේගේ මහිමයෙන් පහත වැටුණාහ. වෙනත් වචනවලින් කියතොත්, ඔවුහු පව් කළහ. (උත්පත්ති 2:17; 3:6)—6⁄15, පිටුව 12.
▫ ඇදහිල්ල අත්හළ අය ලියූ පොත්පත් කියවීම ඉතා අඥාන දෙයක් වන්නේ මන්ද?
ඇදහිල්ල අත්හැර ගිය අයගේ ඇතැම් ප්‍රකාශන, “සෞම්‍ය ප්‍රිය වචනවලින්” හා “වංචා වචනවලින්” අසත්‍යය ඉදිරිපත් කරයි. (රෝම 16:17, 18; 2 පේතෘස් 2:3) සියලුම ඇදහිල්ල අත්හළ අයගේ අදහස් පිළිබඳ ලියවිලි හුදෙක් විවේචනාත්මක හා බිඳ හෙළනසුලුය! කිසිවක් වර්ධනය ගෙනදෙන්නේ නැත.—7⁄1, පිටුව 12.
▫ ග්‍රීසිය ප්‍රජාතන්ත්‍රවාදයේ තොටිල්ල වූවාද?
ඉපැරණි ග්‍රීසියේ, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වූයේ නගර-ප්‍රාන්ත ස්වල්පයක වූ අතර, ඒවායේ පවා ඡන්දය පාවිච්චි කළේ පිරිමින් පමණි. ජනගහනයෙන් පහෙන් හතරක්ම නොසලකා හරිනු ලැබූ බව මින් අදහස් විය. එය ජනප්‍රිය ස්වාධිපත්‍යයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් වීම උගහටය!—7⁄1, පිටුව 16.
▫ ක්‍රිස්තියානි විවාහයක් සාර්ථක වීමට හේතු මොනවාද?
ස්වාමිපුරුෂයා සහ භාර්යාව, විවාහ දිවිය ගැන දෙවියන්වහන්සේගේ දෘෂ්ටියට ගෞරව කර, උන්වහන්සේගේ වචනයේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත්වීමට දැඩි ප්‍රයත්න දරන විටය. (එපීස 5:21-33)—7⁄15, පිටුව 10.
▫ ඔබගේ පවුලේ පාඩම සතුටින් භුක්ති විඳිය හැක්කක් වන්නේ කෙසේද?
සියලුම දරුවන් සහභාගි කරවා ගැනීමට උත්සාහ කරන්න. ඒකාන්ත වන්න, ගොඩනංවනසුලු වන්න, ඔබගේ දරුවන් සහභාගි වීම ගැන ඔවුන්ට උණුසුම් අන්දමින් ප්‍රශංසා කරන්න. නිකම්ම අදාළ කොටස ආවරණය කරනවා නොව නමුත් ඔබගේ දරුවන්ගේ හෘදය තුළට කිඳා බැසීමට උත්සාහ කරන්න.—7⁄15, පිටුව 18.
▫ “සමාදානය අනතුරක් නැත [සුරක්ෂිතභාවය, NW] කියා කියන විට” යන ප්‍රකාශනයෙන් ඇඟවෙන්නේ කුමක්ද? (1 තෙසලෝනික 5:3)
ජාතීන්, “සාමය හා සුරක්ෂිතභාවය” අත්කර ගනු ඇතැයි බයිබලය නොපවසන බව සැලකිල්ලට ගන්න. මෙතෙක්, නොහැඟුණු ආකාරයකින් සර්වශුභවාදිත්වයක් හා ස්ථිර විශ්වාසයක් ප්‍රකාශ කරමින්, කැපී පෙනෙන ආකාරයකට ඔවුන් එය පිළිබඳව කථා කරමින් සිටිනු ඇත. සාමය හා සුරක්ෂිතභාවය අත්කර ගැනීමට තිබෙන හැකියාව පෙර කවර කලකටත් වඩා සමීප බවක් පෙනෙනු ඇත.—8⁄1, පිටුව 6.
▫ යෙහෝවඃවහන්සේ සාධාරණකම නිරූපනය කරන ආකාර තුනක් නම් කරන්න.
තමන් සමාව දීමට සූදානම්ව සිටින බව යෙහෝවඃවහන්සේ නිරූපනය කර තිබෙනසේක. (ගීතාවලිය 86:5) අලුත් තත්ත්වයක් උද්ගත වී තිබෙන විට තමන්වහන්සේ බලාපොරොත්තු වූ ක්‍රියා මාර්ගය වෙනස් කිරීමට උන්වහන්සේ කැමැති වී තිබේ. (යෝනා 3 පරිච්ඡේදය බලන්න.) තවද, අධිකාරය ක්‍රියාත්මක කිරීමේදීද යෙහෝවඃවහන්සේ තමන් සාධාරණ බව පෙන්වා තිබේ. (1 රාජාවලිය 22:19-22)—8⁄1, පිටුව 12-14.