රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
රාජ්‍යයේ මේ ශුභාරංචිය දේශනා කරනු ලබනවා ඇත
ශතවර්ෂ ගණනාවක් පුරා, දෙවියන්වහන්සේගේ ප්‍රධාන සතුරා වන, සාතන් නම් යක්ෂයා, සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ ව්‍යාප්තිය වැළැක්වීමට වූ සිය වෑයමෙහි දේශපාලන ආණ්ඩු හා බොරු ආගම් කපටි ලෙස යොදාගෙන ඇත. එහෙත් මෙම ක්‍රම අසාර්ථක වෙනවා ඇත. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොවේ [“දේශනාකරනු ලැබිය හැක” හෝ “දේශනා කළ හැකිය” යනුවෙන් නොව] දේශනා කරනු ලබන්නේය.” කියා යේසුස් වහන්සේ පුරෝකථනය කළසේක.—මතෙව් 24:14, NW.
සාතන්ගේ අසමත්කම ග්රීසියේදී පැහැදිලි වී ඇත. එම රටේ, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව වැළැක්වීමට ග්‍රීක් ඔර්තඩොක්ස් සභාව වෑයම් දරා ඇත. එහෙත්, පහත අද්දැකීමෙන් පැහැදිලි වන ආකාරයට, විරුද්ධවාදීකම් මධ්‍යයෙහිත් අවසානයේදී බයිබල් සත්‍යයන් අවංක හෘදයන් ඇති අය කරා ළඟා වී ඇත.
දැනට අවුරුදු 30කට පමණ පෙර, එක්තරා ග්‍රීක් ඔර්තඩොක්ස් පූජකයෙක් ශුභාරංචිය පිළිගෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වීමට පවා කැමැත්ත පළ කළේය. කෙසේවෙතත්, ඔහුගේ ඥාතීහු දැඩි ලෙස ඔහුගේ පියවරට විරුද්ධ වෙමින්, සාක්ෂිකරුවන් සමඟ ඔහුගේ ඇසුර නැවැත්වීමට ඔහුට බලකර සිටියහ. තමාගේ පවුල සතුටු කිරීමට, ඔහු දිගටම පූජකයෙකු හැටියට සිය වෘත්තියෙහි නියැලී සිටියේය; නමුත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සත්‍යය ඉගෙනගැනීමට තමාට උපකාර කර තිබූ බවත්, බොරු ආගමේ ප්රමුඛ තත්ත්වයක් දැරීම වෙනුවෙන් ඔහු එය අත්හැර තිබූ බවත්, ඔහු නිතර පිළිගත්තේය.
කෙසේවෙතත්, ප්‍රස්තාව විවෘත වූ ඇතැම් අවස්ථාවන්හි ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පක්ෂව කථා කළේය. තමන්ට බයිබල් සත්‍යයන් ඉගෙනගැනීමට ඕනෑ නම්, තමන් සාක්ෂිකරුවන් සමඟ පාඩම් කළ යුතු බව, අවස්ථාවන් කීපයකදී ඔහු ජනයාට අවවාද පවා කර තිබුණි. ගත වූ කාලය තුළ ඇතමෙක් ඔහුගේ නිර්දේශය ඇත්තවශයෙන්ම අනුගමනය කළෝය.
මෑතක එම පූජකයා දැඩි රෝගී තත්ත්වයට පත්ව තමා ඉක්මනින් මියයා හැකියයි තේරුම්ගත්තේය. රෝහලේ සිටියදී, ඔහු තම දරුවන්ට දැන්වූ අතර, ඔවුහු සියල්ලෝම ඔහුගේ ඇඳ අසලට පැමිණියහ.a ඉන් අනතුරුව ඔහු ඔවුන්ට තේරුම් කර දුන්නේ තමා මියගියොත්, ඔවුන්ට ඔහුව යළිත් හමු විය හැකි බවය. පොළොව මත පාරාදීසයක ජීවත්වන්ට යෙහෝවඃවහන්සේ විසින් මනුෂ්‍යයන්ව නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ බයිබල් ඉගැන්වීම ගැන ඔහු ඔවුන්ට කථා කළද, ඔවුන්ට එය සිදුවනු දකින්ට ඕනෑ නම්, ඔවුන් බයිබලයෙන් සත්‍යය ඉගෙනගෙන, බොරු ආගමෙන් තමන්වම වෙන්කර ගත යුතු බව ඔහු ඔවුන්ට පැවසුවේය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරන හැටියටත්, සැබෑ ක්‍රිස්තියානීන් බවට පත්වන ආකාරය ඔවුන්ගෙන් ඉගෙනගන්නා ලෙසටත්, ඔහු ඔවුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේය.
ඉන් මද වේලාවකට පසු එම පූජකයා මියගියේය. කෙසේවෙතත්, එම වෙන්වන මොහොතේ ඔහු තම දරුවන්ට දුන් උපදෙස් යහපත් ඵල දැරුවේය. ඔහුගේ දියණිය, ඔහුගේ ඥාතීන් බොහෝදෙනෙකු මෙන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හා ඔවුන්ගේ වැඩකටයුතුවලට ඉතා විරුද්ධ වූවාය. එහෙත් මියයමින් සිටි සිය පියාගේ අවංක ආයාචනය ඇයට නොසලකා හැරිය නොහැකි වූ නිසා, ඉක්මනින්ම ඈ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මුණගැසී බයිබලය ඉගෙනගන්ට පටන්ගත්තාය. මෑතකදී ඈම තම ජීවිතය යෙහෝවඃ දෙවියන්වහන්සේට කැප කරමින්ද, සිය කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කරමින්ද සාක්ෂිකාරියක් වූවාය.
ග්‍රීසියත්, වෙනත් රටවල් 230කට වැඩි ප්රමාණයකත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ බලය මත රැඳී සිටිති. ඔවුන් යේසුස්වහන්සේගේ මෙම අනාවැකිය ඉෂ්ට කිරීමට හවුල් වන්නේ ශුද්ධාත්මයේ පූර්ණ අනුබලය ඇතිවය: “ශුද්ධාත්මයාණන්වහන්සේ [ශුද්ධාත්මය, NW] නුඹලා කෙරෙහි පැමිණිකල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය.”—ක්‍රියා 1:8.
[පාදසටහන්වල]
a ග්‍රීක් ඔර්තඩොක්ස් පල්ලිය තමන්ගේ පූජකයන්ට විවාහ වීමට අවසර දෙයි.