“ජීවිතය සඳහා දෙවිගේ මඟ” 1998-1999 සමුළුව අත ළඟයි!
එක්සත් ජනපදයේ පමණක්, මැයි සිට සැප්තැම්බර් දක්වා සමුළු 198ක් සැලසුම් කර තිබෙනවා. බොහෝදුරට, මෙවැනි දින තුනේ එක්රැස්වීම් ඔබේ නිවසට නුදුරු නගරයක පවත්වයි. බොහෝ ස්ථානවල—සිකුරාදා සිට ඉරිදා දක්වා—පෙ.ව. 9.30ට සංගීතය සමඟින් වැඩසටහන සෑම දිනකම ආරම්භ වෙයි.
ලෝකයේ විවිධ පෙදෙස්වල සිදු වන රාජ්‍ය දේශනා කිරීමේ ප්‍රගතිය දැක්වෙන වාර්තා සිකුරාදා උදෑසන වැඩසටහනින් ඉස්මතු කොට දැක්වෙන්න යනවා. තවද “ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය—ගැළවීම සඳහා දෙවිගේ මඟ” යන මූලික ඇමතුම මගින් සමුළුවේ තේමාව කාවද්දනු ලබන්න යනවා.
“දෙමාපියෙනි—ඔබේ දරුවන් තුළ දෙවිගේ මඟ පැලපදියම් කරන්න” යන සන්ධ්‍යා කාලයේ තිබෙන්න යන කතා මාලාව මගින්, යෙහෝවාට ප්‍රේම කිරීමටත් සේවය කිරීමටත් යෞවනයන්ව පෙලඹවිය හැකි ආකාරය ගැන යෝජනා සපයන්න යනවා. “මරණින් පසු ජීවිතයක් තිබේද?” යන කතාවත් සමඟ සන්ධ්‍යා වරුවේ වැඩසටහන අවසන් වෙයි.
“ජීවනය සඳහා මඟට පිවිසෙන්න ජනයාට උපකාර කිරීම,” “ජනයා වෙත ළඟාවීමේ අභියෝගය,” “ක්‍රිස්තුස් අණ කළ සියල්ල ගෝලයන්ට ඉගැන්වීම” යන කොටස් තුනෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ගෝලයන් සෑදීමේ වැඩය ගැන සෙනසුරාදා උදෑසන වැඩසටහනින් හුවා දැක්වෙන්න යනවා. උදෑසන වැඩසටහනේ අවසානයේදී, නව ගෝලයන් බව්තීස්ම කිරීම සඳහා ප්‍රස්තාව සැලසෙන්න යනවා.
සෙනසුරාදා සවස “නිමක් නැති ජීවිතයක අපේක්ෂාව ඇතුව සේවය කිරීම” යන ආරම්භක කතාව දෙවිට සේවය කිරීමට අපට ඇති පෞද්ගලික හේතු යාච්ඤාපූර්වකව සලකා බැලීමට උනන්දු කරනවා. “දෙවිගේ මඟ උගන්වන ‘තෑගි වශයෙන් වූ මනුෂ්‍යයන්ව’ අගය කිරීම” සහ “පෞද්ගලිකත්වය—පරණ එක ගළවා අලුත් එක පැළඳගන්න” යන කතා, එපීස 4වන පරිච්ඡේදයේ පදයෙන් පදයට කරන අවබෝධාත්මක පිරික්සුමක් ඉදිරිපත් කරනවා. ඊළඟට, “ඔබව ලෝකයෙන් කැළැල් රහිතව තබාගන්න” සහ තුන් කොටසකින් යුත් කතා මාලාවේ “යෞවනයෙනි—දෙවිගේ මඟ අනුගමනය කරන්න” යන කතා මගින් කදිම ශුද්ධ ලියවිලිමය අවවාද සපයන්න යනවා. “මැවුම්කරු—ඔහුගේ පෞද්ගලිකත්වය හා ඔහුගේ මාර්ග” යන කතාව සමඟින් සන්ධ්‍යා වරුවේ වැඩසටහන අවසන් වෙන්න යනවා.
බයිබල් පොත වන එසකියෙල්හි අවසාන පරිච්ඡේද මෙන්ම ඒවායේ අනාවැකිමය අදාළ වීම සාකච්ඡා කරන කොටස් තුනකින් යුත් කතා මාලාවක් ඉරිදා උදෑසන වැඩසටහනින් දැක්වෙන්න යනවා. හෙබ්‍රෙව් යෞවනයන් තිදෙනාගේ ඇදහිලිවන්තභාවය මත පදනම් සම්පූර්ණයෙන් වෙස්ගැන්වූ නාට්‍යයක් සමඟින් උදෑසන වැඩසටහන අවසන් වෙයි. සන්ධ්‍යා කාලයේ සමුළුවේ විශේෂාංගය වන්නේ “සදාකාල ජීවනයට එකම මඟ” යන ප්‍රසිද්ධ ඇමතුමයි.
දින තුනටම පැමිණ සිටීමෙන් ඔබ නිසැකවම ආත්මිකව ප්‍රබෝධවත් වෙන්න යනවා. සෑම සැසිවාරයකටම පැමිණෙන හැටියට ඔබට සාදරයෙන් ඇරයුම් කරන අතර, ඇත්තෙන්ම මේවා සියල්ලක්ම අය කිරීමකින් තොරව පවත්වනු ලබයි. ඔබේ නිවසට නුදුරුම ස්ථානය සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය රාජ්‍ය ශාලාවට අමතන්න නැතහොත් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.